02/09/2025
මට ඔයාව අයිතිකරගන්න බෑ.
මම කැමති උනත්, ඔයා කැමති උනත්,
ඔයාට මාව ඔයාගෙ කරගන්න බැරි හේතු ගොඩක් ඔයා කිව්ව විදිහටම අපි වටේට තියෙනවා.
ඒ නිසා මම ඔයාගෙ වෙලා හිටියා කියලා ඔයාට කාටවත් කියන්න තරම් හයියක් නෑ.ඉතින් ඔයාට එයාගේ වෙන්න දීලා මං අයින් වෙනවා ඇරෙන්න මට වෙන කරන්න දේකුත් නෑ.
ඇත්තටම සිද්ධ උනේ ඔයා ᴍᴏᴠᴇ උනා නෙමෙයි,
මමම ඔයාට ᴍᴏᴠᴇ වෙන්න ඉඩ දුන්නා කියලා වෙලාවකට මට හිතෙනවා.
ඔයාට ආදරේ කරන මනුස්සයෙක්ට ඔයාව හිමිවෙන්න ඕනි කියලා මම හිතුවානම්,
මම ඔයාව අල්ලගන්නවා.
මගේම වෙලා මං එක්කම ඉන්න කියනවා.
මොකද කිව්වොත්,
ඔයාට මම තරම් ආදරේ ඇති මනුස්සයෙක් තව නැති වෙයි මේ ලෝකේ කොහෙවත්ම...
මං ඔයාට තාමත් ආදරේ කරන්නේ,
ඔයාගෙන් අඩුම දශමේකවත් ආදරයක් බලාපොරොත්තු නොවී.
එහෙම ආදරේකට වැඩි ආදරයක් ඔයාට ජීවිතේ කාගෙන්වත් ලැබෙන්නේ නෑ...
ඒත් දැන් මම හිතන්නේ,
ඔයාව හිමිවෙන්න ඕනි,
ඔයා එක්ක ජීවිත කාලෙම අත් අල්ලන් යන්න පුළුවන් මනුස්සයෙක්ට.
ඔයා ළගින්ම ඉදලා ඔයාව අල්ලන් ඉන්න පුළුවන් මනුස්සයෙක් ට...
ඉතින් ඔයාට රිදෙන්නේ නැතුව සැනසීමෙන් ඉන්න ඕන නිසාම මං අයින් වෙලා යනවා.
ඒත් ජීවිතේ කවදාහරි දවසක මාව ඕනි කියලා හිතුනොත්,
දෙපාරක් නොහිතා මට කථා කරන්න.
එදාටත් හරි ආදරෙන් මං ඔයාව බලාගන්නවා.
එතකල් මං ඔයාගෙන් අහන්නේ නැතුව ඉන්නවා,
" මගේ වෙන්න බැරිද....? " කියලා... 🥹🤍📍
fans
Mr. Y A S I Y A