The artsy lens by IRESH

The artsy lens by IRESH Simply Clicked. Better Enjoyed

Christmas Night ❤️
26/12/2024

Christmas Night ❤️

දිනනකොට සමරන්න ඕනේ ...ලොවෙත් නැති වෙන්න ❤️
22/11/2024

දිනනකොට සමරන්න ඕනේ ...ලොවෙත් නැති වෙන්න ❤️

When you have creative and supportive wife 😘
22/09/2024

When you have creative and supportive wife 😘

කිරි වෙහෙරකතරගම පූජා නගරය තුළ පිහිටා ඇති කතරගම කිරි වෙහෙර බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවාදරයට පත් සොළොස්මස්ථානයට අයත් අති පූජනීය ...
07/02/2024

කිරි වෙහෙර

කතරගම පූජා නගරය තුළ පිහිටා ඇති කතරගම කිරි වෙහෙර බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවාදරයට පත් සොළොස්මස්ථානයට අයත් අති පූජනීය ස්ථානයකි. කතරගම වන්දනාවේ යන සැවොම ඉමහත් භක්තියෙන් වන්දනා කරන කතරගම කිරි වෙහෙර 6 වෙනි ශත වර්ෂයේ දී මහාසේන රජතුමා විසින් ඉදි කරවන ලද්දකි. උසින් අඩි 95 ක් වන මෙම ස්ථූපය වට ප්‍රමාණයෙන් අඩි 280 කි. රුහුණු මහා කතරගම දේවාලයට මීටර් 800 පමණ නුදුරින් පිහිටා ඇති කතරගම කිරි වෙහෙර ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයට අයත් වේ. කතරගම කිරි වෙහෙර සමීපයෙහි පිහිටා ඇති මහාසේන දේවාලයෙහි ඇති මහාසේන ප්‍රතිමාව මහත් හාස්කම් ඇති ස්ථානයක් ලෙස ජනතාව අතර ප්‍රචලිතය.

"Sunsets are like God's paintings in the sky."
05/02/2024

"Sunsets are like God's paintings in the sky."

කිරින්ද රජ මහා විහාරයතිස්සමහාරාම - කිරින්ද මාර්ගයේ සැතපුම් 07ක් පමණ ගිය විට කිරින්ද විහාරයට ප්‍රවේශ විය හැකිය.කාවන්තිස්ස...
04/02/2024

කිරින්ද රජ මහා විහාරය

තිස්සමහාරාම - කිරින්ද මාර්ගයේ සැතපුම් 07ක් පමණ ගිය විට කිරින්ද විහාරයට ප්‍රවේශ විය හැකිය.

කාවන්තිස්ස රජුගේ බිසව වූ විහාර මහාදේවිය රුහුණේ ගොඩබට ස්ථානය ලෙස මෙම භූමිය ජනප්‍රවාදයේ පවතින අතර එකී සිදුවීම සිහි කරනු වස් කාවන්තිස්ස රජු ක්‍රි.පූ. 2 වන සියවසේ දී මෙම විහාරය ඉඳිකළ බව පිළිගැනේ.

මුලාශ්‍ර - www.archaeology.gov.lk

  💚
03/02/2024

💚

Mobile Clicks 🖤Samsung S20 Ultra 📷
29/08/2023

Mobile Clicks 🖤

Samsung S20 Ultra 📷

🌿 වියට්නාමයේ "Hang Son Doong" ලොව විශාලතම භෞමික ගුහාව වන අතර එහි වනාන්තරයක්, භූගත ගංගාවක් සහ එතුලට පමණක් විශේෂ වූ කාලගුණ...
24/02/2023

🌿 වියට්නාමයේ "Hang Son Doong" ලොව විශාලතම භෞමික ගුහාව වන අතර එහි
වනාන්තරයක්, භූගත ගංගාවක් සහ එතුලට පමණක් විශේෂ වූ කාලගුණ පද්ධතියක් අඩංගු වේ. ගුහාව තුළ ගංඟාව පදනම් කරගෙන වළාකුළු සෑදෙන අතර ගුහවේ විවරයන් ඔස්සේ ඒවා පිටතටද පැමිණේ.

කුණාටුවකින් ආරක්ෂා වීමට දිවගිය ගැමියෙකු එවිට කුහරයකින් පිටතට පැමිණ ඇති වළාකුළු දැක එය පිරික්සීමට යන විට ඇතුලතින් ගංඟාවක හඬ ඇසී තිබේ. 'ඊඩ්න් උද්‍යානය’ ලෙස හඳුන්වන මෙම ගුහාව හරහා යමෙකු ගමන් කරන විට, ප්‍රාග් ඓතිහාසික අත්දැකීමක් ජනිත වන බව පැවසේ 🏞️🦕🦖🌴

📷 අන්තර්ජාලයෙන් උපුටා ගැනිනි

සප්ත කන්‍යා කඳු 💚සහෝදරියන් ලෙස එක පෙළට පිහිටා තිබුණ කඳු හතක් නිසා ඕ “සප්ත කන්‍යා”ලෙසින් නම් ලැබුවාය.ඔබ ශ්‍රීපාදස්ථානය වන...
15/02/2023

සප්ත කන්‍යා කඳු 💚

සහෝදරියන් ලෙස එක පෙළට පිහිටා තිබුණ කඳු හතක් නිසා ඕ “සප්ත කන්‍යා”ලෙසින් නම් ලැබුවාය.
ඔබ ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට යාමේදී මස්කෙළිය, ලක්ෂපාන ප්‍රදේශයේදී අපූර්ව රූප මවන කන්‍යාවියන් සත්දෙනාගේ අඩවිය දැක ඇති බවට නොඅනුමානය. එම සප්ත කන්‍යා කදු පන්තිය වනාහි ලංකාවේ කඳු තරණය කරන බොහෝ දෙනෙකුගේ අපූර්ව සිහිනයකි. බොහෝ රහස් සගවා සිටිනා වූ කන්‍යාවියන් සත්දෙනාගේ සුන්දරත්වය සොයායාම තරමක් අසීරු කටයුත්තකි.

Saptha Kanya

Saptha Kanya is a mountain range in Maskeliya, Sri Lanka. In Tamil it is known as Anjimalai. It is a ridge of seven peaks near the Norton Estate bordering the Sabaragamuwa Province and Central Province. The tallest peak is 1,569 m from the sea level.

ශ්‍රී පාදස්ථානය යනු සමනල කන්ද මුඳුනේ පිහිටා ඇති සිරි පතුල සහ ඒ ආශ්‍රිතව ගොඩනැගී ඇති බෞද්ධ සිද්ධස්ථානයයි. එහි බුදුරදුන්ගේ...
11/02/2023

ශ්‍රී පාදස්ථානය යනු සමනල කන්ද මුඳුනේ පිහිටා ඇති සිරි පතුල සහ ඒ ආශ්‍රිතව ගොඩනැගී ඇති බෞද්ධ සිද්ධස්ථානයයි. එහි බුදුරදුන්ගේ වම් සිරිපා සළකුණ පිහිටුවා ඇත.

ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ යන්ගේ පූජනීය වන්දනා ස්ථානයකි. ශ්‍රීපාද කන්ද අවට ප්‍රදේශය විශාල කඳු පන්ති වලින් වටවී ඇත. එහි අලි, කොටි, වලස්සු ආදී සත්වයෝ මෙන්ම ඒකදේශික සත්ව විශේෂ ද ජීවත් වෙති.

ශ්‍රීපාද කන්ද වෙතට මාර්ග 6කින් පමණ ලඟා විය හැක. එම මාර්ග ලෙස රත්නපුර-පලාබද්දල, හැටන්-නල්ලතන්නි, කුරුවිට-එරත්න, මුර්යාවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ග හැඳින්විය හැක. මෙම මාර්ග 6 අතරින්, නල්ලතන්නි හා පලාබද්දල මාර්ග 2 ඉතා ප්‍රසිද්ධය.

Address

Battaramulla

Telephone

+94701115367

Website

Alerts

Be the first to know and let us send you an email when The artsy lens by IRESH posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share