HSB Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HSB, Camera/Photo, Anuradapura, Anuradhapura.

සම්බුදු සිසිලෙන් ලොවම සුවපත් වේවා ..! ❤🙏මුළු සිතම සුවපත් වේවා!!!සංසාර කුසල් ඉස්මතු වී සියලු දුක් කම්කටොලු දුරු වේවා!!!හැ...
23/05/2024

සම්බුදු සිසිලෙන් ලොවම සුවපත් වේවා ..! ❤🙏

මුළු සිතම සුවපත් වේවා!!!
සංසාර කුසල් ඉස්මතු වී සියලු දුක් කම්කටොලු දුරු වේවා!!!
හැම යහපතක්ම වේවා!!"🙏🙏🙏
සැමට පිංබර සුබ වෙසක් පොහොයක්ම වේවා.

කෙනෙකුට ආදරේ කරන්න එයාට ආදරේ කියලා කියන්නම ඕනද..එයාට නොදැනෙන්නඑයා ගැන හොයන්න හොඳින්ද බලන්න ඇත්තටම බැරිද ........දුරින් ඉ...
23/05/2024

කෙනෙකුට ආදරේ කරන්න
එයාට ආදරේ කියලා
කියන්නම ඕනද..

එයාට නොදැනෙන්න
එයා ගැන හොයන්න
හොඳින්ද බලන්න
ඇත්තටම බැරිද ........

දුරින් ඉඳන් ඒ රූපෙ බලලා
සමහර තැන් වලදි ඇහෙන
ඒ කටහඬ අහලා
එයා කරන විකාර වැඩ බලන් ඉන්න
දුරින් ඉදන් ආදරේ කරන්න
තහනම්ද..?

ඇත්තටම ආදරේ කරන කෙනාට
ආදරෙයි කියන්නම ඕනද
ආදරේ කරන්න..

ආදරේ කරන්න බැරිද.
එයාටවත් නොදැනෙන්න..
ඉඟියකින්වත් නොහැඟවෙන්න..
තමන්ගෙ හිත විතරක්ම දැනුවත් ව..

සමහර විට
ආදරෙයි කියලා කියන්න බයට
සමහර විට
තියෙන හිතවත් කමත්
නැති වෙයි කියලා බයට..
ඒත් නැත්නම්
අකමැති වෙයිදෝ කියන
සැකයට...

ඇත්තටම ඒ ආදරේ හරි ලස්සනයි
හිතින් විඳින,වෙලාවකට හිතින් විඳවන
තනි අයිතිය හිතේ තියාගෙන
හීන මවන,හිතින් රූප මවන් විඳින
හරිම ලස්සන ආදරයක් ඒක...

සමහර විට කවදාවත්ම
හිමි වෙන්නෙත් නැති වෙයි..
ඒත් අහිමි වෙන්නෙත් නැති වෙයි..💞💞
✍HSB

Address

Anuradapura
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when HSB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category