14/03/2024
උතුරු මැද පළාතේ එකම බාලක පාසල් සන්නාමය වන වසර 126ක අනගිභවනිය ඉතිහාසයකට උරුමකම් කියන අනුරාධපුර ශාන්ත ජෝසප් මව් ඇකයට අලුතින් එක් වූ නව පිහිනුම් සංකීර්ණය.....
අනුරධපුර දිස්ත්‍රිකයේ රජයේ පාසලක ඉදිකොට අවසන් කල පළමු පිහිනුම් තටාකාංගනය ලෙස සුවිශේෂී වටිනාකමක් සහිතව නිම කොට අවසන් වූ මෙය වර්ෂ 2024 ක් වූ මාර්තු මස 13 වන දින ක්‍රීඩා, සංචාරක, ඉඩම් හා යෞවන කටයුතු අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු (Harin Fernando) මැතිතුමන් ද අප විද්‍යාලීය කීර්තිමත් ආදිශිෂ්‍ය, මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ (Shehan Semasinghe) මැතිතුමන් සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ආයතනයේ අතිරේක ලේකම් අප විද්‍යාලීය කීර්තිමත් ආදිශිෂ්‍ය ධම්මික මුතුගල මහතා (Dammika Muthugala) ඇතුළු ආරාධිත අමුතන් රැසකගේ සහභාගිත්වයෙන් සිසු අයිතියට පත් කරන ලදී.
මෙම පිහිනුම් තටාකය පාසලට ලබා ගැනීමේදී පටන් මෙලෙස මෙම සිසු අයිතියට පත් කිරීම දක්වා මේ පිළිබදව නිරන්තරව අවදානය යොමු කරමින් මේ සියල්ල මෙහෙය වූ විද්‍යාලීය විදුහල්පති අජිත් අමරජීව මුල්ගුරුතුමා ඇතුළු විද්‍යාලීය කාර්යමණ්ඩලයේ සියලුම ගුරු මෑණිවරුන් හා පියවරුන්ටත්, නියෝජ්‍ය විදුහල්පති (විෂය සමගාමී) මහේෂ් ධර්මසේන ගුරු පියාණන් ඇතුළු ක්‍රීඩා අංශයටත්, පිහිනුම් පුහුණුකරු ඇතුළු විද්‍යාලීය පිහිනුම් කණ්ඩායමටත්, ආදිශිෂ්‍ය සංගමයේ ජේෂ්ඨ උප සභාපති දුමින්ද පතිරණ මහතා (Duminda Pathirana) ඇතුළු ආදිශිෂ්‍ය සංගමයේ සියලුම සාමාජිකයින්ටත්(StJosephscollege Oldboysassociation), පාසල් සංවර්ධන සමිතියේ ලේකම් රුවන් මොරායස් මහතා ඇතුළු පාසල් සංවර්ධන සමිතියේ සියලුම සාමාජිකයින්ටත් විද්‍යාලීය ශිෂ්‍ය නායක සංසදයේ ගුරු මෑණිවරුන් හා පියවරුන් ඇතුළු සියලුම ශිෂ්‍ය නායකයින්ටත්, මේ සදහා කුමන හෝ අයුරකින් සහය දැක්වූ සැමටත් විද්‍යාලය වෙනුවෙන් හද පිරි ප්‍රණාම පූර්වක ස්තුතිය පුදකරමි.
මෙතැන් පටන් අප විද්‍යාලයේ සිසුන් පමණක් නොව ප්‍රදේශයේ අවට පාසල් වල සිසුන්ගේ ද පිහිනුම් ක්‍රීඩා අවශ්‍යතාවයට ඵල නෙලා ගැනීමට හැකියාව ලබා දෙමින් පිදෙන මෙම අනර්ඝ සම්පත සුරකමින් මනාව ප්‍රයෝජනයට ගෙන පිහිනුම් ක්ෂේත්‍රයෙන් රට බැබළවීමට හැකිවේවායි ප්‍රර්ථනා කරමු...
චිරං ජයතු වේවා විදු මව්නි... 🇦🇹
අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලීය ශිෂ්‍ය නායක සංසදය වෙනුවෙන්,
2022/2023 ප්‍රධාන ශිෂ්‍ය නායක,
Raveen Adithya Gunawardhana