Touch in Heart

Call Directions

Touch in Heart Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Touch in Heart, colombo, Angoda.

මන් මුලින්ම කියන්නම් මන් මේ මනුස්සයෙක්ගේ වේදනාවක් විකුණන් කන්න හදනවා නෙමේ..මගේ පේජ් එක ඒම දේවල් දාන තැනකුත් නෙමේ..සමහර ව...
14/07/2026

මන් මුලින්ම කියන්නම් මන් මේ මනුස්සයෙක්ගේ වේදනාවක් විකුණන් කන්න හදනවා නෙමේ..මගේ පේජ් එක ඒම දේවල් දාන තැනකුත් නෙමේ..සමහර විට මේ ගැන දාන ප්‍රථම සහ අවසාන එකත් වෙයි..

මේක දාන්නේ මන් සාමාන්‍ය මානූශීය හැගීමකින් සහ දකින දේ ඔහේ සමාජයට ව්‍යාප්ත නොකරන සහ බොරුව සමාජ ගත වෙන දේට අකමැති නිසා..

මුලින්ම සුපුරුදු පරිදි කොහෙ හරි ගෑනියෙක් නිසා මේක කරගන්න ඇති කියලා මේක වයිරල් ගියා..මොකද වටපිටාව බැලුවම මේ කොල්ලට ආර්ථික අහේනියක් නොතිබ්බ නිසා(මතුපිටින් පේන විදියට)

පස්සේ මේ දෙන්නා සෙපරේට් (අයින් වෙලා) වෙනම ජීවත් වෙන්නේ කියලා දැක්කා..ඒ උනාට ලගදි තිබ්බ කොල්ලගේ බර්ත්ඩේ එකට විශ් කරලා දාපු වීඩියෝ සහ දෙන්නගේ තිබ්බ කමෙන්ට් වලින් තේරුණේ කුමක් හෝ දෙදෙනා අතර ප්‍රශ්නයක් නැතිව වෙන යම් හෝ හේතුවක් මත වෙන්වෙලා කියලා..

"කොල්ල ශෙයා කරපු එක වීඩියෝ එකක තියෙනවා වයිෆ් කමෙන්ට් එකක් දාලා දැන්වත් යාලුවෝ ගැන තේරුණු එක හොදයි මන් අවුරුදු 10ක් තිස්සේ ඕක තේරුම් කරන්න හැදුවානේ " කියලා..

ඒ අස්සෙම ඔන්න කවුරු හරි සමාජ මාධ්‍ය "අබිලිං" කෙනෙක් කමෙන්ට් එකක් දානවා කොල්ලාගේ සල්ලි වලින් ගෙවල් හැදුවාය ඒ ගේ අම්ම අයියට ලියලා දීලාය. ඌ අන්තිමට ලංකාවට එද්දි උට මුකුත් නෑ කියලා..ඒකටම තව අබිලිංලා එකතු කරලා තිබ්බා ඒ ඔක්කොම වෙලා ඊට පස්සේ ඉන්කම් ටැක්ස් එකෙන් ගෙදරට බර ගානක ටැක්ස් එකක් ගෙවන්න ලියුමක් එවලා කියලා..අන්තිමට ඒක ගෙවන්නත් බැරිව වාහනේ විකුණලා ඒක ගෙවලා අතට ඉතුරු උනේ ලක්ශ 15ක් විතරලු කියල..

ඔය "ලු" කියන ගොඩක් අයට හැබයි ඒක කියපු එකෙක් නෑ.හැබයි ශෙයා කරන්න ඕනේ තරම් ඉන්නවා..

හැබයි මේම කමෙන්ට් කීපයක් දැක්කා පරණ යාලුවෝ කීපදෙනෙක්ගෙන්..ඒවා වල සාරාංශ මන් දාන්නම්..

"ඌට ඇති අයියෙක් නෑ..හැබයි රට ගිහින් ඌට කන්න බොන්න යාලුවෝ හිටියා..සල්ලිත් තිබ්බා..අපි ඒවට වැඩිය නැති නිසා අපි ඕනවට වඩා ඕවට ගියේ නෑ..අන්තිමට පොර ලයිව් ඇවිල්ලම සින්දු කියන එව්වා කන බොන එව්වා කරා..ඒත් අපි ඇහුවා ඩෙනා උබ මොකද නාස්ති වෙන්නද යන්නේ වගේ ඒවා..එතකොට ඌ කිව්වේ නෑ මන් බිස්නස් එකක් පටන් ගත්තා ඒ හින්දා පොඩ්ඩක් කොල්ලො ආශ්‍රය කරලා ඉන්න ඕනේ කියලා"

"ඌට රට ගියාට පස්සේ යාලුවෝ ගොඩක් හිටිය නිසා අපි ඉස්සර වගේ ලගින් ඌ ගැන හොයලා බැලුවේ නෑ.මොකද අපිට උගේ අරක්කු බෝතෙලට ලග ඉන්න යාලුවෙක් වෙන්න ඕනේ නැති නිසා"

ඕම ඕම කමෙන්ට් උගේ ඉස්කෝලේ,ගමේ,එකට කොරියන් ක්ලාස් ගිය යාලුවන්ගෙන් වැටුණා..

කොල්ලා ලංකාවට එන්නේ deport වෙලා..ඒ කියන්නේ කොරියාවෙන් පිටුවහල් කරලා..ඌ වැඩ කර කර ඉදලා ගේමක් ගහල පරණ යාලුවෝ කියපු විදියට පට්ට ආසාවෙන් ගිය රටෙන් ඌව එලවලා..ඒකයි ගොඩක් ලංකාවේ යාලුවො ඌ ලංකාවේ ඉන්නේ කියලවත් නොදන්නේ..

එතකොට ඒ රටින් පිටුවහල් කරන්න හේතුව මේ අම්මගේ ප්‍රශ්නයක්ද?නැත්තම් ඌ දන්නෙත් නැති උට නූපන් අයියගේ ප්‍රශ්නයක්ද?වෙන රටක ඉන්න හිටපු නෝනගේ ප්‍රශ්නයක්ද?

නෑනේ....

ඔය රටේ ඉදන් එක්කෝ බීලා ආතල් දාලා පිස්සුවක් කෙලලා හෝ යාලුවෝ නිසා හෝ වෙන මොකක් හරි හේතුවක් නිසා..

ඌව රටදි ආශ්‍රය කරා කියන මහ ගොඩක් යාලුවන්ගෙන් එකෙක් දෙකෙක් ඇරෙන්න ඒම සාධාරණ පෝස්ට් එකක් ආවේ නෑ..ආපුවත් ආවේ ඌ හිතහොද කොල්ලෙක් සල්ලි පස්සෙ යන්නේ නෑ ගෑනු සල්ලි නිසා ඒම කරගන්නේ නෑ වගේ මිසක් ඇත්ත කොහෙවත් උනුත් දාලා තිබ්බේ නෑ.එක තැනක තිබ්බා

"ඩෙනාට ගොඩක් තරහා යනවා.හැබයි ඒ තරහා ගිහින් කරපු දේවල් නිසා ගොඩක් පසුතැවිල්ලෙන් හිටියේ.. ඒ දේවල් ඔක්කොම එකතු වෙලා මේ තැනට තල්ලු කරන්න ඇති කියලා"

හැබයි මේ මන් මේ දාලා තියෙන ස්ක්‍රීන් ශොට් එක කොල්ලා දාලා තියෙන්නේ ලංකාවට ඇවිත් දවස් කීපයකින්..මන් හිතන්නේ ඒකෙන් ගොඩක් ගැට හරියටම ලිහෙනවා..කොල්ලා ඒක රෑ දාලා උදේ වෙද්දි ඩිලීට් කරගෙන..අර මන් කලින් කිව්ව කොල්ලගේ පරණ යාලුවෙක් ස්ක්‍රීන් ශොට් එකක් ගහලා තියාගෙන..ඒ කොල්ලා ත් එක්ක දවස් කීපයකට කලින් කියලා..

මන් කෝමත් මේක කරගන්නවා බන්මයි කියලා..එදා ඌ පුලුවන් තරම් හිත හදලා..එදා හිත හදාගෙන කූල් ඩවුන් උනු එකා දවස් ගානකින් ආයෙත් මේම කරගනී කියලා ඌ හිතන්නෙත් නැතිව ඇති..

ඉතින් මට අනුව මේකට ගොඩක් තල්ලු කරලා තියෙන්නේ වැරදි ඇසුර..වැරදි ඇසුරෙන් කරපු ගොඩක් දේවල් වල ප්‍රතිඵලයක් විදියට අන්තිමට අවුරුදු ගානක මහන්සිය ඌ වතුරෙ යවාගත්තා කියලා ඌට ඌ ගැනම කලකිරීමක් එන්න ඇති.මොකද පේන විදියට කසාද ජීවිතෙත් අවුල් වෙලා තියෙනවා යාලුවෝ නිසා..ඒ වගේම ගෙදර උනුත් කට කැඩෙනකන් කියන්න ඇති..

යාලුවො කියලා විශ්වාස කරන් හිටපු උන් හොදම එකෙන් ඇරියම උන් ඒම නෑ කියලා ගෙදර උන්ගෙන් ගේම එල්ලලා උන් හොදයි කියලා පෙන්නන්න හදලා අන්තිමට "උන් මට කෙලෙව්වා අම්මේ " කියලා කියන්න කොන්දක් උට නැති වෙන්න ඇති..

මගේ මේ මතය වැරදි නම් කියන්න හරි විස්තර දන්න කෙනෙක්..මන් මේක අයින් කරගන්නම්..නැතිනම් මේවා බොරුව වයිරල් වෙන තැන් වලට ශෙයා කරලා වැරදි නිවැරදි කරන්න..

අපිට කෝමත් ඕක තව දවස් දෙක තුනයි..හැබයි ඒ අම්මට,නංගිට ගෙදර ඉන්නේ කෝමද කියලා කෝම හිත හදාගන්නවට වඩා සමාජෙන් කවි කතන්දර දරාගන්නේ කොමද කියලවත් හිතාගන්න බැරි වෙයි..

මන් බුදුදහම දන්න නිසා උඹට නිවන් සුව පතන්නේ නෑ කොල්ලො.😐😔

මේ හතර දෙනාම මොකක් හරි ගේමක් ග්හලා අද luxury life එකක් ගෙවන එකම level එකේ ඉන්න අපි හැමෝම දන්න හතර දෙනෙක්,මේ හතර දෙනාගෙන්...
27/06/2026

මේ හතර දෙනාම මොකක් හරි ගේමක් ග්හලා අද luxury life එකක් ගෙවන එකම level එකේ ඉන්න අපි හැමෝම දන්න හතර දෙනෙක්,

මේ හතර දෙනාගෙන් හංසමාලිටයි විරාජ්ටයි අපි බ/නිද්දි හිනා වෙද්දි සමහරු කියනවා උන් අද ඉන්න තත්වෙට ඉ/රිසියාවටයි කු/හකකමටයි අපි බනින්නෙ, උන් ගේමක් ග්හලා අද මේ තත්වෙ ඉන්නෙ කියලා,,

උන් දෙන්නා අද ඉන්න තත්වෙට ඉ/රිසියා නිසා කු/හකකම නිසා අපි බ/නිනවා කියනවනම් ඇයි අපි Wild cook චරිත්ටයි වස්ති අනුස්කටයි වචනයක් කියන් නැත්තෙ, උන් දෙන්නත් ගේමක් ග්හලනෙ අද මේ තත්වෙ ඉන්නෙ, උන් දෙන්නටත් මිනිස්සු බ/නිම්ඩෙපැයි එහෙනම්,,

Hto මේ අහපම් අපි හංසමාලිටයි විරාජ්ටයි බ/නිම්නෙ උන් දෙන්නා ගේමක් ග්හලා උන් අද ඉන්න තත්වෙට ඉ/රිසියා pcc නිසා නෙමෙයි, උන් දෙන්නා ග්හපු ගේම දන්න නිසා තමෛ දකින දකින තැන හැමෝම උන් දෙන්නට බ/නිම්නෙයි හිනාවෙන්නෙයි, උන් දෙන්නා අදහගන උන් දෙන්නට හෑලි ලියාගෙන, අපි උන්ට වචනයක් කීව ගමන් ට්‍රිගර් වෙලා කියවන් එන මෝලේ රාමු වෙච්ච http ලට ඕක තේරෙන්නෑ....

(කොහොමත් මිනිස්සුන්ට බ/නිනෙක හිනාවෙනෙක හොඳ දෙයක් නෙමෙයි, ඒත් ඒක තමෛ අපේ ආතල් එක ඉතිම් 😏)

27/06/2026
හදිසි ශල්‍යකර්මයක් සඳහා කැඳවීමෙන් පසු වෛද්‍යවරයෙක් හදිසියේම රෝහලට ඇතුළු විය. ඔහු ඇමතුමට පිළිතුරු දෙමින්, ඇඳුම් මාරු කර ක...
25/06/2026

හදිසි ශල්‍යකර්මයක් සඳහා කැඳවීමෙන් පසු වෛද්‍යවරයෙක් හදිසියේම රෝහලට ඇතුළු විය. ඔහු ඇමතුමට පිළිතුරු දෙමින්, ඇඳුම් මාරු කර කෙලින්ම ශල්‍යකර්ම කුටියට ගියේය. පිරිමි ළමයාගේ පියා ශාලාව තුළ වෛද්‍යවරයා එනතුරු බලා සිටිනු ඔහු දුටුවේය. වෛද්‍යවරයා දුටු පියා කෑගැසුවේ
"ඇයි මේ තරම් වෙලාවක් ගත්තෙ? මගේ පුතාගේ ජීවිතය අනතුරේ තියෙනවා කියලා දන්නේ නැද්ද? වගකීමක් ගැන හැඟීමක් නැද්ද?"
වෛද්‍යවරයා සිනාසෙමින් මෙසේ පැවසීය: "මට කණගාටුයි, මම රෝහලේ නෙමෙයි හිටියේ. ඇමතුම ලැබුනු ගමන් පුළුවන් තරම් ඉක්මනින් මම ආවේ... ඔබ දැන් සන්සුන් වෙන්න.මගේ වැඩේ කරන්න ඉඩ දෙන්න" යැයි පැවසුවේය.
" ඔයාගේ පුතා මේ කාමරයේ මේ මොහොතේ සිටියා නම්, ඔයා සන්සුන් වෙනවාද? ඔයාගේ පුතා දැන් මැරුණොත් ඔයා මොකද කරන්නේ?" පියා කෝපයෙන් යුතුව ඇසුවේය.
වෛද්‍යවරයා සිනාසෙමින් පිළිතුරු දුන්නේ: " වෛද්‍යවරුන්ට ආයු කාලය දීර්ඝ කරන්න බෑ.වාඩි වෙලා බලාගෙන ඉන්න. අපිට පුළුවන් උපරිමය අපි කරනවා" යනුවෙනි.
" කෙනෙක් අමාරුවෙ වැටුනම උපදෙස් දෙන්න නම් ලේසියි”පියා මැසිවිලි නැඟීය.
සැත්කමට පැය කිහිපයක් ගත වූ පසු වෛද්‍යවරයා සතුටින් පිටව ගියේය, "යහපත්කමට ස්තූතියි! ඔබේ පුතා බේරුණා" යනුවෙන් පියාගේ පිළිතුර එනතෙක් බලා නොසිට වෛද්‍යවරයා දුවගෙන ගියේ, "ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, හෙදියගෙන් විමසන්න" යැයි පවසා ගෙනය.
"ඔහු මෙතරම් අහංකාර වන්නේ ඇයි?මට මගේ පුතාගේ තත්වය ගැන දැනගන්නවත් මිනිත්තුවක් වැය කරන්න බැරිද?" පියා ට ඉවසුම් නැති විය.
වෛද්‍යවරයා පිටව ගොස් මිනිත්තු කිහිපයකට පසු හෙදිය දුටු විට පියා වෛද්‍යවරයා එසේ කළේ ඇයි දැයි විමසුවේ ය. හෙදිය පිළිතුරු දෙන විට ඇගේ මුහුණේ කඳුළු ගලා එන්නට විය "ඔහුගේ පුතා ඊයේ රිය අනතුරකින් මිය ගියා. අපි ඔබේ පුතාගේ සැත්කමට ඔහුට කතා කලේ පුතාගේ භූමදානය වෙලාවේ,දැන් ඔබගේ පුතාගේ සැත්කම ඉවර නිසා ඔහු දුවගෙන ගියේ ඔහුගේ පුතාගේ භූමදානයට.

කිසි විටෙකත් කිසිවෙකු මතුපිටින් පේන ආකාරයට විනිශ්චය කරන්න යන්න එපා. මක්නිසාද යත් කෙනෙකුගේ ජීවිතය කෙබඳු ද යන්නත් ඔවුන් අත්විඳින්නේ කුමක් ද යන්නත් ඔබ නොදන්නා බැවිනි.

Copied

Address

Colombo
Angoda

Telephone

+94773985530

Website

Alerts

Be the first to know and let us send you an email when Touch in Heart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share