Gayan Dunuwille Photography

Gayan Dunuwille Photography Cinematic Professional Photogrphy and cinematography, photo editing, video editing event photogrphy

03/02/2026

Thaipongal Day 2026 Sri Lankan Empassy -Kuwait
Gayan Dunuwille -Videography -Kuwait 97187937📞🎬

ඉංදියාවේ ප්‍රධානතම ජාතික උත්සවය වන ජනරජ දිනය පවත්වනු ලබන්නේ එරට අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙනි. මෙම උත්සවයට ඉංදි...
26/01/2026

ඉංදියාවේ ප්‍රධානතම ජාතික උත්සවය වන ජනරජ දිනය පවත්වනු ලබන්නේ එරට අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙනි. මෙම උත්සවයට ඉංදියාව සෑම වසරකම ලෝක නායකයෙකුට ආරාධනා කරනු ලබයි. මෙවර මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තිය වන්නේ යුරෝපා සංගමයේ නායිකාව වන Ursula von der Leyen මහත්මියයි. ගියවර මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ ප්‍රංශ ජනපති Emmanuel Macron ය.

මේ අතර ලංකාවෙන් පිරිසක් රැගෙන ඉංදියාවේ ජනරජ දිනයට සහභාගි වන බව පුන පුනා පවසමින් නාමල් රාජපක්ෂ ඇතුළු සජබ සහ බයි පිරිසක් ඉංදියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ පිහිටි ආදිවාසී දරුවන් ඉගෙන ගන්නා KIIT නම් පුද්ගලික පාසැලක් සහ උසස් අධ්‍යාපන ආයතනයකට ගොඩවිය. මෙම පාසැල ඔඩිස්සා සහ නාගලන්තය වැනි ප්‍රාන්තවල ආදිවාසී දරුදැරියන්ට නේවාසිකව අධ්‍යයන කටයුතු කරන පුද්ගලික ආයතනයකි. දරුවන් 150 ක ගෙන් පමණ ආරම්භ කළ මෙම අධ්‍යපන ආයතනය තුළ මේ වනවිට 25000 කට ආසන්න පිරිසක් නේවාසිකව අධ්‍යාපන කටයුතු වල නිරත වේ.
ඔඩිස්සා සහ නාගලන්ත ප්‍රාන්ත වල නිරන්තර බෙදුම්වාදී සන්නද්ද අරගල දැකිය හැක. මාවෝවාදී නැක්සල්වරුන් නායකත්වය දෙන මෙම සන්නද්ධ ව්‍යාපාර මිලිටරිමය වශයෙන් පරාජය කිරීමට ඉන්දීය රජය ගත් සෑම උත්සහයක්ම පරාජය වූයේ එයට දිනපතා එකතුවන ආදීවාසී තරුණ තරුණියන්ගේ ප්‍රවනතාවය මතය. එයට පිළියමක් ලෙස දැඩි දරිද්‍රතාවයකින් පෙළෙන ආදිවාසි දරුවන්ට බාලාංශයේ සිට උසස් අධ්‍යාපනය දක්වා ඉගැනුමට එළිමහන් සිරකඳවුරක් බඳු මෙම අධ්‍යාපන ආයතනය බිහිකළේය. මෙම ආයතනය හරහා දැඩි ඉංදීය ගැති පුරවැසියන් බිහිකරනු ලබන්නේ පාසැල තුළ නිර්මාණය කර ඇති අධ්‍යාපන ක්‍රමය හරහාය. මෙම පාසැලේ ඉගෙනුම ලබන පිරිසට බාහිර සමාජය සමග ගණුදෙනු නැත. දැඩි නීති රීති වලින් පාසැල පාලනය කරනු ලබයි. පාසැලේ දරු දැරියන්ට වසරකට මාසයක නිවාඩු ලැබෙන්නේ මාස 11 ක් එක දිගට ඉගෙන ගෙනීමෙන් පසුවය. එවිට ඔවුන් ගම්බිම් කරා ඇදීයයි.

මෙම පාසැල තුළ මෙවර ජනරජ සැමරුමක් කරන අතර එයට මුදල් ආධාර දී ඕනෑම අයෙකුට ප්‍රධාන අමුත්තෙකු විය හැක. මෙම පාසැලේ ප්‍රධානියා තම ආයතනය නඩත්තු කිරීමට ආධාර අපේක්ෂාවෙන් සිටින අයෙකි. ඔහු තම පාසැලේ සිටින තමන්ට අවනත දරුවන් 25000 ක් පමණ නාමල් රාජපක්ෂගේ සංදර්ශණය සඳහා යොදවා තිබුණි. නාමල් සමග ජිප් රථයේ ගමන් කරන්නේ මුදලට තම පාසැල ඕනෑම උත්සවයකට විකුණන ප්‍රධානියාය. ඔහු ඉංදීය රජයේ කිසිදු නිළයක් නොදරයි. ලංකාවේ බයි ජනයා සුවපත් කිරීම පිණිස මේ වනවිට එකී ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන්නේ මෝදි පවා එළවා දමා නාමල් ඉංදීය ජනරජ දිනය අතට ගත් ආකාරයෙනි. මේවාට රැවටෙන පිරිස් තවම මේ රටේ නැතුවාම නොවෙයි.

🙏🙏🙏
06/12/2025

🙏🙏🙏

Shout out to my newest followers! Excited to have you onboard!Nishantha Kumara, Diluni Wijesundara, Upul Manjula
06/12/2025

Shout out to my newest followers! Excited to have you onboard!

Nishantha Kumara, Diluni Wijesundara, Upul Manjula

25/11/2025
25/11/2025
Military😲
25/11/2025

Military😲

28/07/2025

ඇසල උත්සවය භක්තිගීත -Gayan Dunuwille videogrphy Kuwait-contact-97187937

Address

Al Hawali
Kuwait City
30000

Telephone

+96541071617

Website

Alerts

Be the first to know and let us send you an email when Gayan Dunuwille Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gayan Dunuwille Photography:

Share

Category