23/01/2021
නාසි ලෙමක්...
ඉඳලා හිටලා කෑම ගැනත් පොඩ්ඩක් කතා කරන්න ඕනෙ කියලා ගොඩයට හිතුනා...
අද කතා කරන්නෙ සිංගප්පුරුවේ, මැලේසියාවේ ප්‍රසිද්ධ පාතරාසයක් ගැන....
( පාතරාසය කීවේ උදේ කෑමට, අපි Breakfast කියලා සිංහලෙන් කියන්නෙ)
නාසි කියන්නෙ මැලේ බාසාවෙන් බත් සහ ලෙමක් කියන්නෙ කිරි.
ඉතින් නාසි ලෙමක් කියන්නෙ සරලවම කීවොත් කිරිබත්...
ඔව් ඔව්... කිරිබත් කිරිබත්....
කිරිබත් කියන්නෙ ශ්‍රීලාංකිකයන්ට අනන්‍ය කෑමක් කියලා හිතාගෙන හිටියට කිරිබත් කන වෙනත් ජාතීන් ඉන්නවා....
මැලේසියාව, සිංගප්පුරුව, ඉන්දුනීසියාව, දකුණු තායිලන්තෙ එතකොට ඉන්දියාවෙ කේරල ප්‍රාන්තයෙත් අපේ කිරිබතම නොවුනට බත් සහ කිරි එකට දාලා කෑමට ගන්නවා....
නාසිලෙමක් ගැන කියනවා නම් මේක අපේ රටේ වගේම බොහෝම ප්‍රසිද්ධ උදෑසන ආහාරයක්....
අපි වගේම නියම නාසිලෙමක් එක දෙන්නෙත් කෙසෙල් කොලේ...
හැබැයි මේ කිරිබත් එක අපේ කිරිබත වගේ බෙරිවෙලා කැටවෙන්න නෙවෙයි උයන්නේ...
පොල් කිරි ටිකක් දාලා බත් ඇට වෙන්වෙන්න තමා උයාගන්නේ..
අනික මේක කන්නෙ බැදපු හාල්මැස්සො, රටකජු, බිත්තර, පිපිඤ්ඤා, බැදපු මස්, මාළු වගේ දේවල් එක්කම අනිවාර්යයෙන් ඒකටම හදන චිලි සම්බල් එකත් එක්ක. නාසි ලෙමක් සම්බල් කීවට ඒක ටිකක් අපේ චිලි පේස්ට් එකට කිට්ටුයි...
මොනවා නැතත් මේකට පිපිඤ්ඤයි, රටකජුයි, බිත්තරයි, හාල්මැස්සොයි අර සම්බල් එකයි නම් එනවාම තමා....
නාසිලෙමක් පින්තූර දෙකක් දැම්මා මොන වගේද කියලා බලාගන්න...
එකක් නම් අන්තර්ජාලයෙන් ගත්ත එකක්.....
අනික මැලේසියාවේ ගමකින් උදේ කෑමට මට හම්බවුන නාසිලෙමක් එකක්...
මෙච්චර කල් නානාප්‍රකාර නාසිලෙමක් කාලා තිබ්බට ඔය පින්තූරෙ තියන නාසිලෙමක් එකේ රස ජිවිතේට අමතක වෙන්නේ නෑ...
ඉතින් මේ වසංගත තත්ව පහවෙලා කවදා හරි මැලේසියාවේ, සිංගප්පුරුවේ රවුමක් ගහන්න පුළුවන් වුනොත් මැලේසියන් කිරිබත් නොහොත් නාසිලෙමක් රස බලන්න අමතක කරන්න එපා....