Mano TP

Mano TP Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mano TP, baran, Seoul.

07/02/2023
07/02/2023

ජපන් රැකියා සඳහා කුසලතා පරීක්ෂණය 2023❤️🌹

07/02/2023

2023 වර්ෂයේ කොරියානු භාෂා පරීක්ෂණය සදහා විභාග අයදුම්පත් ලබාගැනීමට අපේක්ෂිත අයදුම්කරුවන් සදහා කරනු ලබන විශේෂ නිවේදනයයි.

උක්ත පරීක්ෂණය සදහා විභාග අයදුම්පත් නිකුත් කිරීම 2023.02.13 වන දින සිට 2023.02.22 වන දින දක්වා සිදු කිරීමට කටයුතු සුදානම් කර ඇති අතර එම ක්‍රියාවලියට පහසුකම් සැලසීම උදෙසා පමණක් එම විභාග අපේක්ෂිතයින්ගේ තොරතුරු පුර්ව ලියාපදිංචියකට ලක් කිරිම මගින් ලබාගැනීමට කාර්යාංශය විසින් තීරණය කර ඇත.

එබැවින් ඔබගේ පහත සදහන් තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (www.slbfe.lk) වෙබ් අඩවියට පිවිස Registration of Details prior to obtain Korean Admissions- 2023 වෙත ගොස් නිවැරදිව ඇතුළත් කරන්න. මෙම පුර්ව ලියාපදිංචිය විභාග අයදුම්පතක් ලබාගැනීමට අනිවාර්යය වන අතර 2023.02.04 වන දින සිට 2023.02.07 වන දින මධ්‍යම රාත්‍රි 12.00 දක්වා පමණක් විවෘතව පවතියි.

ඇතුළත් කළ යුතු තොරතුරු:-
1. අයදුම්කරුගේ සම්පුර්ණ නම
2. උපන්දිනය (වයස- අවුරුදු 18 ත් 39 ත්අතර පමණක් විය යුතුය.
(1983 පෙබරවාරි 14 සිට 2005 පෙබරවාරි 13 දක්වා)
3. දිස්ත්‍රික්කය
4. ජාතික හැඳුනුම්පත් අංකය
5. විදේශ ගමන් බලපත්‍ර අංකය හා කල් ඉකුත් වන දිනය (විදේශ ගමන් බලපත්‍රයක් නොමැති නම් හෝ දැනට පවතින විදේශ ගමන් බලපත්‍රයේ වලංගු කාලය මාස 03කට අඩු නම් ඒ බව සදහන් කළ යුතුය.)

වැදගත්:-
1. මෙය පුර්ව ලියාපදිංචියක් පමණක් වන අතර විභාග අයදුම්පතක් නිකුත් කිරිම මෙමඟින් සිදු නොවේ.
2. විභාග අයදුම්පතක් ලබාගැනීමට 2023.02.01 වන දිනැති නිවේදනය අනුව කටයුතු කළ යුතුය.
3. විභාග අයදුම්පතක් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින එහෙත්, විදේශ ගමන් බලපත්‍රයක් නොමැති අයදුම්කරුවන් ද මේ යටතේ ලියාපදිංචි විය යුතුය . විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියෙන් උපුටා ගැනීමක්🌹❤️

07/02/2023
07/02/2023

දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏

Address

Baran
Seoul
49/21

Telephone

+821051765766

Website

Alerts

Be the first to know and let us send you an email when Mano TP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share