Nature Photography with Shånaka

Nature Photography with Shånaka Nature never goes out of Styles

ප්‍රතිභාපූර්ණ වයලීන වාදන ශිල්පි‍යෙකු හා ගායන ශිල්පි‍යෙකු වන රුවන් වීර‍සේකර බරපතළ ‍ලෙස ( diabetic coma තත්ව‍යෙන්) සිහිසුන...
08/06/2015

ප්‍රතිභාපූර්ණ වයලීන වාදන ශිල්පි‍යෙකු හා ගායන ශිල්පි‍යෙකු වන රුවන් වීර‍සේකර බරපතළ ‍ලෙස ( diabetic coma තත්ව‍යෙන්) සිහිසුන්ව ගිලන් යහනක වැතිර සිටින්නේ මීට ‍දෙමසකට පමණ ‍පෙර සිට ය.

රුවන් ‍ගේ වයලීන වාදන‍යෙන් රසවත් වූ රියැලිටිවැඩ සටහන්, ප්‍රාසාංගික සංගීත සැඳෑවන්, ‍චෝගම් වැනි රා‍ජ්‍ය උත්සව ‍මොනතරම් වී ද. භාෂා ගණනාවකින් ‍මෙන්ම උච්චස්වර‍යෙන් ගී ගැයුමට රුවන් සතුව පැවති හැකියා‍වෙන් ඔහු දායක වූ ගීත ‍කොපමණ ‍වේ ද. එ‍හෙත් අද ඔහු‍ගේ ඇඟිලි අත‍රේ සිර වී මියුරු මියැසි රාව නැංවූ ඒ වයලීනය නිහඬව ප‍සෙක ය.

ඒ අතැඟිලි අප්‍රාණික ය. රස භාව අවුලමින් රාගයන් හී ස්වරමාලාවන් ‘අ‘කාර‍යෙන් ගැයූ මුව ‍‍ගොළු ය. ගල්කිස්සේ, ‍තෙළවල පා‍රේ අංක 1/96 දරණ නි‍ෙව‍සේ කුටියක ‍මේ වනවිට සිදුවන කිසිත් ‍නොදැන රුවන් ගිලන්ව වැතිර සිටියි. රුවන්ව සුවපත් කර ජීවත් කරවීමට නම් දිගු කාලීනව ‍‍වෛද්‍ය ප්‍රතිකාර කළ යුතුව ඇත.

මේ අප ඒ පිළිබඳව රුවන් නිත්‍ය වයලීන වාදන ශිල්පියා ‍ලෙස කටයුතු කළ ‘‘Mahesh and friends“ කණ්ඩාය‍මේ නියමු සංගීතඥ ම‍හේෂ් ‍දෙනිපිටිය සහ රුවන් ගේ ‍සො‍හොයුරා මංගල වීර‍සේකර සමඟ කළ කතාබහකි.

“ලංකා‍වේ කියලා අපිට ආඩම්බර‍යෙන් ‍පෙන්වන්න පුළුවන්කම තිබුණු ආකර්ෂණීය වයලීන වාදන ශිල්පි‍යෙක් තමයි රුවන්. රුවන් ව‍ගේ දක්ෂ වයලීන වාදක‍යෙක් ලංකා‍වේ ‍වෙන නැහැ. රුවන් වීර‍සේකරලා ‍දෙන්නෙක් නැහැ.

උන්නේ ‍මේ රුවන් විතරම යි. පැහැදිලිවම කියනවා නම් රුවන් ව‍ගේ වයලීන වාදනය කරන්න ‍‍වෙන කවුරුත්ම නැහැ. රුවන් ‍ගේ වි‍ශේෂත්වය එයයි.

හැම දක්ෂවයලීන වාද‍ක‍යෙක් තුළම වා‍ගේ දක්ෂ ගායක‍යෙකුත් ඉන්න පුළුවන්. එය රුවන් ‍ගේ ගායන හැකියාවන්ගෙන් සනාථ ‍කෙරුණා. ඔහු‍ගේ ගායන හැකියාවත් හරිම ඉහළයි.

රුවන් ‍මෙ‍හෙම අසනීප වීම අ‍පේ සංගීත ක්‍ෂේත්‍රයට වූ විශාල පාඩුවක්. අපි ‍‍කො‍හොම හරි රුවන්ව සුවපත් කරජීවත් කරවාගන්න ඕ‍නේ“ යයි පවසමින් මුලින්ම අප සමඟ ‍මේ කතාබහට එක් වු‍ණේ ම‍හේෂ් ‍දෙනිපිටිය යි.

* රුවන් ‍මෙතරම් බරපතළ ‍ලෙස ‍රෝගි වූ‍වේ ‍කෙ‍සේ ‍ද..?

“රුවන්ට දියවැඩියාව තිබ්බා. සීනි අඩු‍වෙලා. ‍හේතුව මම දන්නේ නැහැ. ‍වෛද්‍ය මතය අනුව පවසනවා ‍මොළයට සීනි නැතුව මිනිත්තු 45 කට වැඩිය ඉන්න බැහැ කියලා. එ‍හෙම වුණොත් මියයන්න ඉඩ ති‍යෙනවා. රුවන් ඊට වැඩි‍යෙන් අඩුම වශ‍යෙන් පැය 5 ක් වත්ඉන්න ඇති කියලා මට හි‍තෙනවා. ‍

මෙ‍හෙම වුණාම ‍මොළ‍යේ ‍සෛල වලට හානි ‍වෙලා ‘‍කෝමා‘ තත්වයට පත් ‍වෙනවා. ශ්‍රී ජයවර්ධනපුර‍‍රෝහ‍ලෙන් හා ‍කොළඹ ජාතික ‍රෝහ‍ලෙන් ප්‍රතිකාර ‍කෙරුණත් රුවන්ට තවම හරියාකාරව සිහි කල්පනාව නැහැ. කෑම බීම ‍සේරම බට වලින් ‍දෙන්නේ. අතපය චලනය කරනවා. දීර්ඝ කාලීනව ‍වෛද්‍ය ප්‍රතිකාර කරන්න ඕ‍නේ රුවන්ව සුවපත් කරන්න නම්.“

* එම ප්‍රතිකාර සඳහා සෑ‍හෙන මුදලක් වැය ‍වෙයි ‍නේද..?

“ඇත්ත වශ‍යෙන්ම රුවන්ව සුවපත් කරගන්න නම් සෑ‍හෙන මුදලක් ඕනෑ ‍වෙයි. වරින්වර එයාව ක්ලිනික් රැ‍ගෙන යන්න ඕනෑ. එයාව රැකබලා ගන්න සාත්තු ‍සේවක‍යෙක් ‍වෙනම උන්නොත් තමයි ‍හොඳ. ඒ ව‍ගේම අවශ්‍ය ‍වෛද්‍ය ප්‍රතිකාර, ‍බෙ‍හෙත් ආදි වියදම් වලටත් මුදල් අවශ්‍ය ‍වෙනවා. ‍මේ වනවිට රුවන්ගේ මල්ලි (මංගල) එයා‍ගේ ගිණුමකට රුවන් ‍වෙනු‍වෙන් ලැ‍බෙන ආධාරමුදල් එකතු කරනවා.

අපි හැ‍මෝම එකතු ‍වෙලා ‍මේ අවස්ථා‍වේ රුවන්ව සුවපත් කරවා ගන්නයි ඕ‍නේ. මම ඉක්මනින්ම රුවන්වෙනු‍වෙන් ප්‍රසංගයක් කරනවා.

රුවන්ට ආද‍රේ කරන කලාකරුවන් හැ‍මෝම ‍මේ ප්‍රසංගයකට සහභාගි ‍‍වෙයි කියා මං විශ්වාස කරනවා.

අ‍පේ කලාකරුවන් ‍මෙ‍හෙම අසරණ වුණාම පිහිට ‍වෙන්න ‍හෝ ආධාර කරන වැඩ පිළි‍වෙලක් හෝ තවම ‍මේ ර‍ටේ ක්‍රියාත්මක ‍නොවීම සියලුම කලාකරුවන්ගේ අභාග්‍යයක්.

* මහේෂ්ගෙන් පසුව රුවන්ගේ සොහොයුරු මංගල වීරසේකර අප සමඟ සිය සොහොයුරා පිළිබඳව පැවසුවේ මෙසේ ය.

“රුවන් විවාහ වී සිටින්නේ රුසියානු ජාතික කාන්තාවක් වන ඕල්යා සමඟයි. ඔවුන්ට ආංජලා කියලා දුවෙක් ඉන්නවා.තාමත් ඔවුන්ට ලංකාවට එන්න බැරි තත්වයකට මුහුණ දී සිටිනවා. රුවන්ගේ හෘද්‍ය වැඩ කරනවා. මොළය තමයි දුර්වලව තියෙන්නේ. රුවන්ට දීර්ඝ කාලයක් ප්‍රතිකාර කරන්න සිදුවෙයි. හරියටම කොතරම් කාලයකින් සුවය ලබයි ද අනුමාන කරන්න අමාරුයි.

හරි හැටි සිහිය එයිද නැද්ද කියලා කීමත් අවිනිශ්චිතයි. මගේ සහෝදරයා අද ඉන්නේ දුක්බර තත්වයකයි. කොහොම හරි සනීප කරගන්නයි අපි වෑයම් කරන්නේ. මොකද මේ රටේ සංගීත ක්ෂේත්‍රයට ප්‍ර යෝජනවත් මෙහෙවරක් මගේ සහෝදරයාගෙන් සිදු කෙරී තියෙනවානේ. මං හිතනවා මෙයාව ජීවත්කරවා ගන්න මේ රටේ රුවන්ට ආදරය කරන හැමෝම උදව් කරාවි කියලා.“

* රුවන්ට ආධාර කරනවා නම්..?

“රුවන් වෙනුවෙන් මුදලින් ආධාර කරනවා නම් සොයිසා පුර සෙලාන් බැංකුවේ 079001127410101 (එච්. එම්. පී. වීරසේකර) ගිණුමට බැරකරන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ 077 6061705 දුරකතනයට අමතා කැමැති අයුරකින් රුවන්ට පිහිට වෙන්නත් පුළුවන්.මගේ සහෝදරයා වෙනුවෙන් මේ අවස්ථාවේ අපට ලැබෙන ආධාර උපකාර අපි ඉතා අගය කර සලකනවා.

ජෝජ් රොබ්සන් ද සිල්වා

17/03/2015
Tweet with me
15/03/2015

Tweet with me

Senaste tweets från Shanaka Photography (). Nature Photography with Shånaka

08/02/2015

Back to Rome, Italy

http://gurushots.com/NaturePhotographyShanakaVOTE FOR Nature Photography with Shånaka
06/11/2014

http://gurushots.com/NaturePhotographyShanaka

VOTE FOR Nature Photography with Shånaka

A revolutionary platform that offers photographers a seriously fun, social and educational place to shine. Improve your skills, gain recognition and win awesome awards. Check it out now, it’s FREE!

Clicked By Shånaka (01/11/2014)Nikon D3200© 2014 Nature Photography - Shånaka
02/11/2014

Clicked By Shånaka (01/11/2014)
Nikon D3200
© 2014 Nature Photography - Shånaka

Night Nature Collection 01 | Nature Photography with Shånaka
01/11/2014

Night Nature Collection 01 | Nature Photography with Shånaka

Quote 01 | Nature Photography with Shånaka
31/10/2014

Quote 01 | Nature Photography with Shånaka

Comming Soon !!!! Another Collection | Nature Photography with Shånaka
30/10/2014

Comming Soon !!!! Another Collection | Nature Photography with Shånaka

Indirizzo

Via Quinto Curzio
Rome
00185

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Nature Photography with Shånaka pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi

Digitare