Ciao ඉතාලි නවාතැන

Ciao  ඉතාලි නවාතැන 🇮🇹Italy is a soul that has been absorbed into our bodies.🇮🇹

15/03/2026

07/03/2026
❤️❤️l Seaside Towns in   ...Awesome click   💪💪💪
07/03/2026

❤️❤️l Seaside Towns in ...Awesome click 💪💪💪

ඉතාලිය තමයි ලෝකෙ කොයි රටටත් වැඩිය පහසුවෙන් සෙට් වෙන්න රට෴   ඊයෙ මම කතාවක් කිව්වනෙ ඉතාලියට එන එක මම අනුමත කරන්නෙ නෑ කියලා...
07/10/2025

ඉතාලිය තමයි ලෝකෙ කොයි රටටත් වැඩිය පහසුවෙන් සෙට් වෙන්න රට෴

ඊයෙ මම කතාවක් කිව්වනෙ ඉතාලියට එන එක මම අනුමත කරන්නෙ නෑ කියලා. එහෙම කිව්වෙ කුහක කමකට නෙවෙයි. දුක් විඳින මිනිස්සු තිබුන දේත් නැති කර ගත්ත මිනිස්සු එක්ක කතා කරලා හින්ද සහ ඇ‌හින් දැකලා තියෙන හින්ද. බලාපොරොත්තු බඩ බැඳන් ඇ‌විත් ආ‌තක් පාතක් නැතුව මානසිකව වගේම ශාරීරිකව ලෙඩෙක් වෙලා යන්න නම් රටකට ඇ‌විල්ලා වැඩක් නෑ.
මේ මොන කතා කිව්වත් ලියකියවිලි නැතුව රටකට යනවා නම් අතරමං නොවී කවදාහරි ගොඩ දාගන්න පුලුවන් රටක් තියෙනවා නම් ඒ‌ වෙන කොහෙවත් නෙවෙයි ඉතාලිය. යුරෝපා යුනියන් රටවල් විතරක් නෙවෙයි එංගලන්තයට ඇ‌විල්ලා අතරමං වෙන අයත් අන්තිමට සරණක් හොයන් එන රට ඉතාලිය.
යුරෝපෙ කිසිම රටක කවුරු මොනවා කිව්වත් ඉතාලියෙ කරන සෙල්ලම් කරන්න බෑ. අනික තමයි යුරෝපෙ වැඩිම ශ්‍රීලාංකික ප්‍රතිශතය ඉන්නෙ ඉතාලියෙ. ඒ‌ හින්ද අපි වෙනුවෙන් හදා ගත්ත අපේ ක්‍රමයෙ යටිතල පහසුකම් තියෙනවා.
*ලාංකික සේවා සපයන කඩ ආ‌යතන.
*පන්සල් පල්ලි.
*සහයෝගිතා උදෙසා සාදා ගත් සංගම්.
*සේවා පහසුකම් නීති රීති ගැන දැන ගන්න පහසු සමූහ,පිටු.
මේ හේතු හින්ද පන්සලකට ගිහිල්ලා බත් කටක් ඉල්ලගෙන දන්න කියන කාගෙ හරි කාමරයකට සුලු ගානක් දීලා, යාලුවෙක්ගෙ පාට් ටයිම් එකක් හරි කරලා දවස ඇ‌ද ගන්න පුලුවන්.
ඒ‌ හැර ඉතාලි රජයෙනුත් තාමත් කොහොම උනත් පිටරැටියන් උදෙසා තියෙන්නෙ හරිම ලිහිල් ප්‍රතිපත්ති. ඩිපෝට් කරන්නෙ නොකරම බැරි හේතුවකට. කන්න බොන්න ස්වේච්චඡා ස්ථාන, බාශාව නොමිලේ උගන්වන,නොමිලේ බෙහෙත් දෙන කොටින්ම පාරක නිදා ගත්තත් අතවරයක් කරදරයක් නොකර, ලඟට ඇ‌විත් රෙද්දක් පෙරවලා කෑමට මොනවා හරි දීලා යන විදිහෙ මිනිස්සු ඉන්න රටක්.
අනික තමයි තාමත් දකුණු ඉතාලියෙ නීතියට බය නැති ස්වදේශිකයන් ඉන්න හින්ද ලියවිලි නැතත් රස්සාවක කරන්න,කාමරයක් හොයා ගන්න විතරක නෙවෙයි නීතියක් එද්දි සල්ලි දීලා හරි ලියවිලි හදා ගන්න පුලුවන් රටක්.
ඉතාලිය කරිතාස් ආ‌යතනයෙන් විතරක් රෝමයෙ ශාඛාවෙන් වසරකට කෑම වේල් විතරක් 350000ට වැඩි ගානක් දෙනවා. එ හින්ද කුඩු ගහලා බීලා පාරක මලොත් ඇ‌ර නිකන්ම හේතුවක් නැතුව ඉතාලියෙ පාරක මනුෂ්‍යයෙක් මිය යන්නෙ නෑ. රෝමයෙ ෆොන්තාන ත්‍රේවි පොකුණට දවසට සංචාරකයො විසි කරන යූරෝ 3000ට(රුපියල් ලක්ෂ 10ට වැඩි) මුදල වැය කරන්නෙ මේ වැඩ වලට. මේ මම කිව්වෙ එක කරුණක්.
අනික තමයි කාඩ්බෝඩ් එකක් හරි දාගෙන නිදාගන්න හැකි කම. යුරෝපයෙ අනික් රටවලට සපේක්ෂව ඉතාලිය සීත රටක් නෙවෙයි. තදම සීතල කාලය හැර පාක් එකක හරි කාලය පාස් කරන්න හැකියාව තියෙනවා. දුරකථන රීචාර්ජ් කර ගන්න,අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබන්න පහසුකම තියෙනවා.
අනික තමයි යූරෝ එකක් වියදම් කරද්දි දවසෙ කුසගින්න නිවා ගන්න හැකියාව තියෙනවා. මේ විදිහට අතපාලා වයින් පැකට් එකකුයි සැන්විච් පාන් එකකුයි කාලා පාරෙම නිදා ගන්න මිනිස්සු අනන්තවත් ඉන්නවා(ලාංකිකයන් පවා).
අනික තමයි අතපය හතරින් වැඩ කරන්න ශක්තියයි, යන්තම් කියන දේ තේරුම් අරන් හරියට වැඩේ කරන්න හැකියාවයි, ඉවසීමයි තියෙනවා නම් ඉතාලියෙ රස්සාවක් කරන්න පුලුවන්. කිසිම අධ්‍යාන සුදුසුකමක්,භාෂා සුදුසුකම් නොබලා රැකියාවලට වීසා දෙන රටක් තමයි ඉතාලිය. එක දිගට වසර තුනක් ලක්ස එකහමාර බැගින් වීසා දුන්න රටක්.
අපි කොච්චර කිව්වත් තෝරන්නෙ නැත්නම් මොකක් හරි රැකියාවක් මාසයක් හමාරක් ඇ‌තුලත වත් උනන්දු වෙන කෙනෙකුට හොයා ගන්න බැරි කමක් නෑ. නොමිලේ රස්සා හොයලා දෙන ආ‌යතන සංගම් තියෙනවා. වසර ගනන් රස්සා නැතිව ඉන්නවා නම් ඒ‌ උනන්දුව නැති කම සහ නොහැකියාව.
ඒ‌ විතරක් නෙවෙයි ඉතාලිය පාලමක් වගේ. සමහරු එන්නෙ මේක පාවිච්චි කරලා තමන් බලාපොරොත්තු වන වෙන රටකට යන්න. උතුරු යුරෝපයෙ සමහර සීත රටවල් දිහා හැරිලවත් නොබලපු කාලෙ සමහරු දිවි පරදුවට තියලා ආ‌වෙ ඉතාලියට. කොටින්ම කිව්වොත් යුරෝපෙ මහ ගෙදර. දැනටත් වෙන රටවල හොඳින් ඉන්න අයගෙ මුල ඉතාලිය. කෙලින්ම එංගලන්තය,ඔස්ට්‍රේලියාව,ඇ‌මරිකාව ගැන සිහින දැකින්න බැරි අය ඒ‌ රටවල් වලට පදිංචියටම ගියෙත් ඉතාලිය හින්ද. අන්තිමට කාලයක් යද්දි ගොඩ දාගන්න බැරි උනත් අයිත් එන්නෙ ඉතාලියට.
ඉස්සර බෝඩරේ පැනල හරි/බෝට්ටුවෙන් ඇ‌විත් හරි අවුරුද්දක් හමාරක් අතර ලියවිලිත් හදන් දරු මල්ලොත් ගෙන්නගෙන. එයාලත් වැඩ කරපු සිංඤෝරලගෙ ගෙවල් වල තියන් දරුවොත් ඒ‌ මිනිස්සුන්ට ආ‌ච්චි සීයා කියන තරමට ලෙංගතු කරලා. ගෙවල් දොරවල් පවා දරුවන්ට ලියන තරමට අනුකම්පාව,ආ‌දරය අරන්. වසරකට ස්පොන්සර් දෙක තුනක් දාල ලක්ස ගානක් ගෙඩි පිටින් හොයලා, තමන්ගෙ කොළයටම හතර පහක් බස්සලා. ගෑණු ඩිවෝස් කර කර ගමම ගෙනල්ලා(තව කියනවා නම් කියන්න දහසක් දේවල් තියෙනවා) උපරිමයෙන් පළ විතරක් නෙලන් නොහිට කැලෑ පිටින්ම ගස් කපපු හේතුව තමයි මේ රටවල් වලට මෙහෙම වෙන්න හේතුව.
ඒ‌ හින්ද නීති වෙනස් උනා, මිනිස්සු වෙනස් උනා වංචා අහුවෙන්න අහුවෙන්න ඒ‌වාට වැට බැන්ද. මෑතක එන අධ්‍යාපන වීසා වලටත් ඉදිරියෙදි වෙන්නෙ ඒ‌ක. ෆින්ලන්තය වැනි රටවල් වලට දැනටමත් ඒ‌ක වෙලා ඉවරයි.
ඒ‌ත් තවමත් කොහොම හරි ඇ‌විල්ලා මොකක් හරි කරලා ගොඩදාගන්න පුලුවන් රටක් තියෙනවා නම් ඒ‌ ඉතාලිය විතරයි. ඔය යුරෝපෙ අනික රටවල ඉන්න තැනක් වීසා එකක් නැතව පාරකට බහින්නත් බයයි. එදා වසර දෙක තුනෙන් කලපු මේ වික්‍රමය කරන්න දැන් පහ හයක් හිටියත් බැරි වෙලා. ඒ‌කට වැය වෙන හොඳම කාලයෙ මෙයිට වඩා වැදගත් විදිහකට යොදවන්න නුපුලුවන් කියලා හිතෙනවා නම් වෙන කොයි රටකට නොගියත් ඉතාලියට එන්න. අඩුම බඩගින්නෙ මැරෙන්නෙ නෑ. ඒ‌ක තමයි දෙන්න පුලුවන් උපරිම සහතිකය. පිටරටකට ඇ‌විල්ලා බඩගින්නෙ නොමැරී, නොමිලේ ඇ‌දුමක් සපයන් ඉන්න පුලුවන් නම් ඒ‌කත් පට්ට ජයග්‍රහණයක්. ඉතුරු ටික උත්සාහය සහ උවමනාව මත ගොඩදාගන්න පුලුවන්. හැබැයි පැහැදිලි අරමුණක් ඇ‌තිව එන ගමන එන්න. 😍😍😍😍😍

20/09/2025

I got over 50 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

Sorrento,Italy🇮🇹
18/09/2025

Sorrento,Italy🇮🇹

ITALY named No1 most Beautiful Country in The World.. ❤🇮🇹🇮🇹
18/09/2025

ITALY named No1 most Beautiful Country in The World.. ❤🇮🇹🇮🇹

Italy😍🇮🇹🇮🇹
18/09/2025

Italy😍🇮🇹🇮🇹

Amalfi Coast, Italy 🇮🇹
18/09/2025

Amalfi Coast, Italy 🇮🇹

Indirizzo

Milan

Telefono

+94784268696

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Ciao ඉතාලි නවාතැන pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Ciao ඉතාලි නවාතැන:

Condividi

Digitare