26/05/2026
අපේ ගම සහ Tom 👨🌾
අලුත් ගමට ආවට පස්සෙ පලවෙනි වතාවට අපි දෙන්න එලියට ගියෙ ඊයෙ.🙂 ගෙදර අස් පස් කරන වැඩත් එක්ක පහුගිය දවස් ටික ගොඩක් busy. 😌 ඊයේ england හරියට ලංකාව වගේම රස්නෙයි, 30'c 🥵 මෙහෙම දවස් එන්නෙ ඉතින් හරිම පොඩි කාලෙකට තමයි. රෑ 8 වෙනකොටත් හරියට දවල් 12 වගේ ඉර බහින්න හිතලවත් තිබුනෙ නෑ ඉතින් අපි ඒ වෙලාවෙ තමයි ගෙදරින් එලියට බැස්සෙ. ගෙට පිටිපස්සෙ පාර දිගේ යනකොට සුපුරුදු බැටලු රංචු වෙනුවට වත්ත පුරාවට හරක් පට්ටි තමයි හිටියෙ.🐮 ඇලපාරක් තියෙනවා කියලා Map එක් පෙන්නපු නිසා අපි පාර දිගේ දිගටම ගියාට ඊට කලින් කම්බි වැටකින් පාර ඉවර උනා. 🥹 එතනින් පනින්න හදනකොට අපේ ඉස්සරහින් ට්‍රැක්ටර් එකකින් අපු කෙනෙක් ට්‍රැක්ටර් එක නවත්තලා අපි දිහා බලාගෙන හිටියා, ඒ වෙලාවෙ ටිකක් හිතට අවුල් උන මම ගත් කටටම "Hi, We just walking around and need to cross this yard to enter the road but seems like it’s not possible 🥹 “ කියලා කිව්වා. එහෙම කියලා "ok එහෙනම් අපි යන්නම්" කියලා වගේ ලෑස්ති වෙනකොට මේ නාදුනන සුදු මහත්තයා wait කියලා ට්‍රැක්ටර් එකෙන් බැහැලා එතන තිබුනු මඩ වගුරෙන් පැනලා ඇවිත් එයාගෙ jacket එක කම්බි වැට උඩින් තිබ්බා සීරෙන එක නවත්තන්න, So kind 😌 ඊට පස්සෙ අපි දෙන්න එතනින් පැනල මඩ වගුරෙන් එලියට යන්නත් "ok young man, take your lady now” කියලා එයාත් එතනින් උඩට ආවා.
මේ කරුනාවන්ත සුදු මහත්තයා “Tom”, මේ yards ටිකයි හරක් පට්ටි ටිකෙයි අයිතිකාර ගොවිමහත්තයා.👨🌾 එයාගෙ හුරතල් බලු පැටියා ට්‍රැක්ටර් එකේ ඉදන් මේ වෙන දේවල් ඔක්කොම දිහා හරිම කුතුහලයකින් බලාගෙන හිටියා. ඉතින් එයාට Hi කියන්න ගියාම Tom කියනවා "I have another five in the tractor” කියල, ඉතින් ඒකට අපි දෙන්නගෙ reaction එක " please can we see them” කියලා🥹 එයාලා working dogs ලා, එයාලා Tomට farming වලට ගොඩක් උදව් කරනවා කිව්ව. Tom කාලෙකට කලින් එයාගේ wife ගෙන් divorce වෙලා,තනියම ජීවත් වෙන අවුරුදු 77ක් වයස උනත් පෙනුමෙන් ඉතාම ශක්තිමත් උස 6ක් විතර පුද්ගලයෙක්.එයා පොඩිකාලේ ඉදන්ම තමයි පවුලෙන් පැවතගෙන එන farming වලට යොමුවෙලා තිබුනෙ. 🏡 එයා මේ වෙනකොට අවුරුදු 16ක් පුරාවටම alcohol භාවිතය සම්පූර්ණයෙන්ම නවත්තලා ඒකට හේතුව එයා කාලෙකට කලින් හොදටම අසනීප වෙලා තියෙනවා "pancreatitis” සහ "Gallstone” හැදිලා. 😷 මේකට හේතුව එයා daily බොන විස්කි බෝතලය කියලා තේරුම්ගත්ත Tom, alcohol සම්පූර්ණයෙන්ම එයාගෙ ජීවිතෙන් අයින් කරල.👏 එයා ඊට පස්සෙ ආයෙ ගමට යන්න පාරවල් දෙකකුත් පෙන්නුවා, එතනින් දකුනු පාර තෝරගත්ත අපි දෙන්න මේ සුන්දර සුදු මහත්තයට සමුදීලා යන්න පිටත් උනා.🙋♂️
Tomගෙ කතාව මට හරි motivative, තනියම හරි අපූවට ජීවිතය ගෙවන හැටි, තමන්ගෙම mistake අදුරගෙන හදාගන්න හැටි, වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කියන එක,ඒ කතාකරපු පොඩි වෙලාවට ගොඩක් දේවල් හිතන්න ඉතුරු උනා.💭
ඉතින්, මේ ගම Staxton, නිස්කලංක පුංචි ගමක්... ♥️