05/09/2026
RUN ACROSS SRI LANKA 2026 🇱🇰🏃♂️
දිස්ත්‍රික්ක 25ක් | දින 25ක් | මැරතන් 25ක්
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම යා කෙරෙන, ලෝක වාර්තා මැරතන් අභියෝගයේ විජයග්‍රාහී අවසානය සොයා,
නලින්ද කසුන් දකුණු පළාතට…🇱🇰🏃♂️
දින 25ක් පුරා දිස්ත්‍රික්ක 25ක් ආවරණය කරමින් ගෙන යන Run Across Sri Lanka 2026 මැරතන් අභියෝගයේ අවසන් අදියරට දැන් පැමිණ තිබේ.
🏁 මීළඟ මැරතන් තරග
📅 සැප්තැම්බර් 06 – හම්බන්තොට
📅 සැප්තැම්බර් 07 – ගාල්ල
🏆 සැප්තැම්බර් 08 – මාතර (අවසන් තරගය)
නලින්ද කසුන්ගේ මැරතන් අභියෝගයේ විජයග්‍රාහී අවසන් තරග සමගින් ඉතිහාසගත ගමනක අවසන් පියවරට ඔබත් එක්වන්න.
දැඩි උෂ්ණත්වය, ශාරීරික වෙහෙස සහ මඟ දිගේ හමුවන අභියෝග කිසිවක් හමුවේත් සිය අරමුණ අත් නොහරින නලින්ද කසුන්ගේ මේ ඓතිහාසික ගමනට ඔබේ සහයෝගය විශාල ශක්තියකි. 💪❤️🔥
ඔබටත් පුළුවන් මේ ගමනේ කොටස්කරුවෙකු වන්න…
🏃♂️ නලින්ද සමඟ මද දුරක් හෝ එක්ව දුවන්න.
👏 මාර්ගය අසලට පැමිණ උණුසුම් අත්පොළසන් නාදයකින් දිරිගන්වන්න.
❤️ ඔහුගේ ධාවන මෙහෙයුමට ඔබේ ආදරය හා සහයෝගය ලබාදෙන්න.
📲 මේ පණිවිඩය ඔබේ මිතුරන් අතර බෙදාහරින්න.
ඔබේ එක් අත්පොළසන් නාදයක් පවා ඔහුගේ ඊළඟ කිලෝමීටරයට ශක්තියක් වේ! ❤️🔥
ශ්‍රී ලංකාව පුරා දිව යන මේ සුවිශේෂී ගමනේ සාක්ෂිකරුවන් පමණක් නොවී, එහි කොටස්කරුවන් වෙමු!
Run with Nalinda Kasun.
Support the journey.
BE PART OF HISTORY.
SUPPORT • SHARE • INSPIRE