24/10/2025
හෙල්සින්කි දිනපොතේ තවත් පිටුවක්. 🇫🇮 අද අපේ ගමනාන්තය වුනේ සුප්‍රසිද්ධ සුඕමෙන්ලින්නා (Suomenlinna) දූපත. ඒක ඇත්තටම හරිම සීතල උදෑසනක්. අපි උදේ 8 වෙද්දීම පිටත් වුනේ දූපතට යන boat එක අල්ලගන්න. හෙල්සින්කි වල boat dock එකට යනකොට, අපේ මිත්‍රයා, ජයාන් (අපේ එවරස්ට් කණ්ඩායමේ හිටපු) එතනට ඇවිත් බලාගෙන හිටියා 🤩
ඉතින් මමයි, රාහෙලුයි, ලක්මාලුයි, ජයානුයි හතර දෙනාම ferry එකේ නැගලා මේ දූපතට ආවා. මුලින්ම අපි එතනින් පොඩි breakfast එකක් අරගෙන, අපේ සවාරිය පටන් ගත්තා.
ඇත්තටම කියනවනම්, ඒක පුදුම තැනක්. මුළු දූපතම එකම දැවැන්ත බලකොටුවක් 🏰. මට නම් එකපාරටම මතක් වුනේ අපේ ගාල්ලේ කොටුව (Galle Fort). ඒත් සුඕමෙන්ලින්නා ඊට වඩා ගොඩක් විශාලයි. බලන බලන හැම පැත්තකම views හරිම ලස්සනයි. මේ දූපත පුරාම පොළොව යට තැනූ underground bunkers විශාල ප්‍රමාණයක් දකින්න ලැබුණා. 📜 ඉතිහාසය ගැන හොයලා බලද්දී, ෆින්ලන්තය කාලයක් ස්වීඩන හා රුසියානු පාලනය යටතේ තිබිලා තියෙනවා. ඉතින් මේ වගේ දැවැන්ත ආරක්ෂක පද්ධතියක් මෙතන තියෙන එකේ පුදුමයක් නැහැ.
ඉතිහාසයයි, ස්වභාව සෞන්දර්යයයි එකට මුහු වුන තවත් අමතක නොවන දවසක්. ❤️
#සංචාර #ෆින්ලන්තය #හෙල්සින්කි