15/07/2026
🍃🇱🇰 'Ceylon Tea Village' ජාතික වැඩසටහන ඇරඹේ!
ජාතික තේ ඉලක්කය සපුරා ගැනීමේ වැදගත් පියවරක් ලෙස "Ceylon Tea Village" (සිලෝන් ටී විලේජ්) ජාතික වැඩසටහන අද (15) දින නිල වශයෙන් ආරම්භ විය.
✅ පළමු අදියර යටතේ දිවයින පුරා තේ ගම්මාන 144ක් ආරම්භ කෙරේ.
🎯 2030 ජාතික ඉලක්ක
🍃 තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වා ඉහළ නැංවීම.
💰 තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වා වර්ධනය කිරීම.
මෙම වැඩසටහන හරහා කුඩා තේවතු ගොවීන්ගේ ආදායම සහ ඵලදායිතාව ඉහළ නැංවීම, නවීන වගා තාක්ෂණ හඳුන්වාදීම, Handmade තේ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම, තේ කර්මාන්තය සංචාරක කර්මාන්තය සමඟ ඒකාබද්ධ කිරීම, සහනදායී ණය, රක්ෂණ ආවරණ, විශ්‍රාම වැටුප් ක්‍රම සහ යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු ප්‍රතිලාභ රැසක් ලබාදීමට සැලසුම් කර ඇත.
ඔබේ අදහසත් පහතින් Comment කරන්න. 👇