15/11/2024
😇😌
ගෙදරක්..? ගෙදරක් කියන්නෙ කොහොම තැනක් වෙන්න ඕනිද..?
✨ගෙදරක් කියන එක,
අනිත් අය දකී කියලා බයක් නැතුව, අනිත් අයට පෙනුණොත් කියලා අවුලක් නැතුව, අපේ සැහැල්ලුම පෙනුමින් අපිට ඉන්න ලැබෙන තැනක් වෙන්න ඕනි. තියෙන ලස්සනම ඇඳුම් ඇඳලා ගත්තු-එඩිට් කරපු-ෆිල්ටර්ස් දාපු,ෆේස්බුක්,ඉන්ස්ටග්‍රෑම් ෆොටෝස් වලට පිටිපස්සෙන් ඉන්න රියල්ම මනුස්සයට, තමන්ගෙ පෙනුම ගැන කිසිසේත්ම කරදර නොවී නිදහසේ ඉන්න ලැබෙන තැනක් වෙන්න ඕනි.
✨ගෙදරක් කියන එක,
අපේ ජීවිතේ හොඳම දවස් වලදි වගේම නරකම දවස් වලදිත් අපිට වැටිලා ඉන්න පුලුවන් තැනක් වෙන්න ඕනි. දිනනකොට වගේම,පරදිනකොටත් අපිව වැළඳගන්න පුලුවන් මිනිස්සු ඉන්න තැනක් වෙන්න ඕනි. ලෝකෙම අය අපිව ප්‍රතික්ෂේප කළත්, අපිව තවදුරටත් විශ්වාස කරන, අපිට තවදුරටත් හයියක් දෙන මිනිස්සු ඉන්න තැනක් වෙන්න ඕනි.
✨ඒ වගේම, ගෙදරක් කියන තැන,
අපිට ලෝකයෙ තියෙන සුවපහසුම තැන වෙන්න ඕනි. මහන්සියි කියලා දැනුණ වෙලාවට මහන්සි නිවාගන්න එන්න හිතෙන තැන වෙන්න ඕනි. ලෝකෙ තියෙන ලොකුම තනතුර දැරුවත්, ලෝකෙ තියෙන හොඳම රස්සාව කළත්, ගෙදරට ආවට පස්සෙ ඒ ඔක්කොම පැත්තක තියලා සාමාන්‍ය විදියට සැනසීමෙ ඉන්න ලැබෙන තැනක් වෙන්න ඕනි.
සරලවම කිව්වොත් ගෙදරක් කියන්නෙ අන්න එහෙම තැනකට..!
දාලා කොහෙට හරි දුවන්න හිතෙන තැනකට නෙමේ..
කොහේ හිටියත්, මොන දේ දාලා වුණත්, දුවගෙන එන්න හිතෙන තැනකට..!
එහෙම එන්න පුලුවන් තැනකට..!!
දිනලා එද්දි වගෙම වැරදිලා එද්දිත්, වෙනසක් නැතුව අපිව දරාගන්න තැනකට..! 💜
✍️Purple Vibes by Mekala- මේකලා දහනායක