රෝද දෙකේ ජීවිත - L i v e s o n t w o w h e e l s

රෝද දෙකේ ජීවිත - L i v e s  o n  t w o  w h e e l s ලංකාවේ සුන්දරත්වය විදින්න එකතු වෙන්න

මේක ඉතින් වෙනම සුර පුරයක් 😍
15/02/2023

මේක ඉතින් වෙනම සුර පුරයක් 😍

සිද්දාත්තිරිය මුහුදු වෙරල.... ලස්සන තැනක් පවුලේ අයත් එක්ක ඇවිත් නිදහසේ ඉදලා යන්න පුලුවන් ලස්සන තැනක්
15/02/2023

සිද්දාත්තිරිය මුහුදු වෙරල....
ලස්සන තැනක්
පවුලේ අයත් එක්ක ඇවිත් නිදහසේ ඉදලා යන්න පුලුවන් ලස්සන තැනක්

සිරිපා කරැණාව පලාබද්දල මාර්ගයෙන්දැං ඉතින් අයේ අමුතුවෙන් කියන්න ඕනා නැනේ කොහෙද යන්නෙ කියලා... මේක අපේ පලවෙනි ගමන නෙමෙයි.ඒ...
09/02/2023

සිරිපා කරැණාව පලාබද්දල මාර්ගයෙන්

දැං ඉතින් අයේ අමුතුවෙන් කියන්න ඕනා නැනේ කොහෙද යන්නෙ කියලා...

මේක අපේ පලවෙනි ගමන නෙමෙයි.ඒත් මේකට ලියන පලවෙනි ගමන...

ජනවාරි මුල ඉදන්ම කතා කරගෙන අන්තිමට පෙබරවාරි 3න පාන්දර යන්න (ඒ කියන්නෙ 4ට එලිවෙන්න) දාගත්තා...

මේක හැබැයි රෝද දෙකේ ගමනක් නෙමෙයි රෝද 4ක තමා යන්න දාගත්තෙ😁😁
3 වෙනිදත් අවා ... ආ එදා අපේ කොල්ලෙක්ගේ උපන්දිනයක්... ඉතින් කට්ටියම රැ වෙද්දි ගෙදරට ආවා... පාන්දර 2.30ට තමා යන්න දාගත්තේ... පලවෙනි පාරට වෙලාවට කලින් ඉදන්ම කට්ටිය අපේ ගෙදර... එ නිසාමද කොහෙද වෑන් එක ඒද්දි 3ත් පහු වෙලා.. 😁

වෑන් එකට නැගලා පැයක් ගියෙ නැ මගේ මිතුරන්ගෙන් 2ක් මැරිලා වගේ නිදි... පාන්දර 5ට විතර රත්නපුරේට ඇවිල්ලා කඩෙකින් කාලා උනු ප්ලේන්ටියක් බිලා පානුයි හොදියි අරන් අපහු ගමන පටන් ගත්තා... පැයක් වගේ යනකොට අපි අවා පලාබද්දල රජමහා විහරය පාකින් එකට... ඒත් අර ඩබල නිදි...😁

ඔහොම ඉතින් උදේට පාන් කාලා එහෙම සීත ගගුලෙන් නාන්න හිතගෙන ඇදුම් බෑග් එකට දාගෙන පන්සලටයි දේවාලෙටයි ගිහින් කෝඩු අයට බාර වෙලා එහෙම සිරිපා කරුනාව පටන් ගත්තා ඉතින්..

මගදි වතුර විදින තුවක්කුවක් සෙට් වෙලා මට කට්ටියම වගේ වතුරත් නැවා........
ඉතින් ලිහිනි හෙල ,ඉදිකටුපාන එහෙම පහු කරන් සීත ගගුලටම අවා එතකොටනම් හොම්බ බිම ඇනිලා තිබ්බෙ කට්ටියගෙම.... සිත ගගුලෙන් නාන්න හිතන් බැස්සා අම්මට සිරි උනා නේද වතුර සිතල🥶🥶🥶 ⁣.... දෙපාරක් යට ගිහින් උඩ එද්දි කට්ටියම මද පමනින් නාගෙන ඇදුනුත් ඇදන්....😅

සීත ගගුලට උඩහ කඩෙන් ප්ලෙනටියක් බිලා එහෙම ආයේ ගමන පටන් ගත්තා ... උඩට යද්දිනම් ටිකක් සෙනග.. ඉතින් මලුවට යද්දි පාන්දර 3 වගේ උනා..

ඉර සේවයත් ලාවට වගේ බලලා අයේ පහලට කරැනා කරන්න පටන් ගත්තා...
පහලට බහිනවා නෙමේ බැස්සුනා කිව්වොත් හරි... ඒ තරම්ම මහන්සි ... වැටි වැටි බැස්සෙ...

පහලට ඇවිත් නාන්න පහල ගගට ගියා... අම්මටසිරි කූඩැල්ලො විමානේ වතුරෙ මාලුත් කොටනවා... නාගෙන ගොඩට එන තප්පරෙට කකුල් වල කුඩැල්ලො... කාන්තා පාර්ශවයනම් සේරම අතුරුදහන් වෑන් එකටම දුවලා...😅

එයාලා නැවෙත් නැ... එහෙන්මම ඇවිල්ලා... කොහොමත් කෙල්ලො නාන්න හොරයිනේ... 😁😁😁😁..

වැන් එකේ එද්දි කට්ටියම නිදි මහන්සියට මටත් නින්ද ගියා ටිකක් ... මීරිගම හරියෙන් නවත්තලා බඩ පැලෙන්න් කැවා... ඔතාගෙන ආවා කැම පට්ට රසයි...

ඉතින් ඔන්න ඔහොම අපි පලාබද්දලින් සිරිපා වැදලා අවා ... ඔයාලත් ඒ පැත්තෙන් ගිහින් බලන්න මාරම ලස්සන පරිසරයක්

(දෙන්නෙක් ජෝඩුවකුත් උනා මේ ගමනෙදි)
අයෙත් චාරිකවකින් හමුවෙමු... ...

ලයික් එකක් දාලා යන්න හොදේ 😁

ලංකාවේ අසිරිය විදින්න එන්න අපි එක්ක
09/02/2023

ලංකාවේ අසිරිය විදින්න එන්න අපි එක්ක

09/02/2023

ලංකාවේ අසිරිය අපිත් එක්ක බෙදාගන්න

Address

Wekada
Yogiyana

Telephone

+94766328130

Website

Alerts

Be the first to know and let us send you an email when රෝද දෙකේ ජීවිත - L i v e s o n t w o w h e e l s posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to රෝද දෙකේ ජීවිත - L i v e s o n t w o w h e e l s:

Share

Category