16/02/2026
පත්මා ආච්චිගේ මළගෙදර !
1991 මහවැලි ගම්මාන ඉඩම් ලාභීන් ලෙස තලාවේ සිට සිංහපුර ගමට පැමිණි ඇය විවිධ ප්‍රදේශ වලින් පැමිණ යුද්ධය නිසා පීඩාවට පත්ව සිටි ගමේ මිනිසුන් සමග එකතු වී ගමේ "අංගුලිමාල"වැනි නාට්‍ය නිර්මාණය කර පෙන්නුවා කියලා පත්මා ආච්චි කිව්වා.
"අපි ගමට එනකොට කලබල හොදටම.වාහන නෑ ටවුන් එකට යන්න.කරුණාඅම්මාන්ගේ කට්ටිය අපිව වාහන වල දාගෙන යනවා"
"අපිට ගමේ කලා සංගමයක් තිබ්බා.මෙහට ආවම ඒක නැති උනා.මම මෙහෙත් කොල්ලො කෙල්ලො එකතු කරන් නාට්‍ය හැදුවා.අංගුලිමාල අම්මාව මරන්න කඩුව අරන් යද්දී ගමේ මිනිස්සු ඇඩුවා.අංගුලිමාලට හිටියේ තරංග"
පත්මා ආච්චි ගමේ හැම උත්සවේකම සින්දු කිව්වා.ඡන්දෙ ඉල්ලුවා.උකසට කුබුරු ගත්තා.ඒත් එයා අන්තිමට සින්දු කිව්වේ අපේ සුද්දාගේ මගුල් ගෙදර.