කතාවක්

කතාවක් “හිතට දැනෙන…
බය හිතෙන…
අමතක නොවන කතා.” 🖤

“ජීවත් වෙන්න මිනිස්සු කන කට්ට දන්නෙ එයාලමයි…”❤️😌😌😌😌😌සමහර මිනිස්සු හිනාවෙලා ඉන්නවා,ඒත් ඒ හිනාව පස්සෙ තියෙන්නෙකවුරුත් නොදන...
05/06/2026

“ජීවත් වෙන්න මිනිස්සු කන කට්ට දන්නෙ එයාලමයි…”❤️

😌😌😌😌😌

සමහර මිනිස්සු හිනාවෙලා ඉන්නවා,
ඒත් ඒ හිනාව පස්සෙ තියෙන්නෙ
කවුරුත් නොදන්න මහන්සියක්.

උදේ ඉඳන් රෑ වෙනකම් දුවන්නෙ
ආසාවට නෙමෙයි…
ජීවත් වෙන්න.

කවුරුහරි “ඔයා වෙනස් වෙලා” කියද්දි,
ඒ මනුස්සයා ඇතුළෙ කොච්චර දේවල් දරාගෙන ඉන්නවද
කවුරුත් අහන්නෙ නෑ.

මිනිස්සු නරක වෙලා නෙමෙයි,
සමහර වෙලාවට ජීවිතේම එයාලව ගොඩක් හිර කරලා. 🖤

#කතාවක් #ජීවිතේ

“මගේ හස්බන් කියන්නේ මට හස්බන් කෙනෙක් විතරක් නෙවෙයි…”සමහර පිරිමි ආදරේ පෙන්නන්නේfilm එකක වගේ පිටිපස්සෙන් ඇවිත් බදාගෙන,kiss...
04/06/2026

“මගේ හස්බන් කියන්නේ මට හස්බන් කෙනෙක් විතරක් නෙවෙයි…”

සමහර පිරිමි ආදරේ පෙන්නන්නේ
film එකක වගේ පිටිපස්සෙන් ඇවිත් බදාගෙන,
kiss කරලා, ලස්සන වචන කියලා නෙවෙයි.

උදේ නැගිට්ට වෙලාවේ ඉඳන්
රෑ නිදාගන්න වෙලාව වෙනකම්
ගෙදර අය වෙනුවෙන් මහන්සි වෙන විදියෙන්.❤️

මගේ මහත්තයත් අන්න ඒ වගේ කෙනෙක්.

එයා “මම ඔයාට ආදරෙයි” කියලා
හැමදාම කියන කෙනෙක් නොවුණත්,
එයා කරන හැම දෙයක් අස්සේම
ඒ ආදරේ මට පේනවා.

මගේ තාත්තා මට ආදරේ නෑ කියලා නෙවෙයි.
තාත්තා ආදරෙයි.
ඒත් අපි පොඩි කාලේ හිටපු තාත්තා,
අපි ලොකු වෙද්දි ටික ටික වෙනස් වුණා.

ආදරේ තිබුණත්,
වගකීම අඩු වුණා.
රැකවරණය අඩු වුණා.
අපිට දරුවෝ විදියට ලැබෙන්න ඕන
ආරක්ෂාව, බලාගැනීම, විශ්වාසය
සමහර තැන්වල අඩු වුණා.

ඒ නිසා වෙන්න ඇති,
මට ආදරේ කියන දෙයත්
ආරක්ෂාව කියන දෙයත්
හරිම ලොකු දෙයක් වගේ දැනෙන්න පටන් ගත්තේ.

ඒ හිස් තැන
මගේ හස්බන් මගේ ජීවිතේට ආවට පස්සේ
වචන නැතුව පිරුණා.

එයා මට හස්බන් කෙනෙක් විතරක් නෙවෙයි.
එයා මට තාත්තා කෙනෙක් වගේ.

මට රැකවරණය දෙන තැන,
මාව බලාගන්න තැන,
මට ප්‍රශ්නයක් ආවම මගේ පැත්තේ ඉන්න තැන,
මම වැටෙන්න යනකොට අල්ලගන්න තැන,
මගේ හිත බය නැතුව ඉන්න පුළුවන් තැන…

ඒ හැම තැනකම මට එයා තුළින්
තාත්තා කෙනෙක්ගේ ආදරේ දැනෙනවා.

අපේ දරුවා වෙනුවෙන් ,
මන් වෙනුවෙන් ,
එයා නොකරන දෙයක් නෑ.

දරුවාට, මට හොඳම දේ දෙන්න,
ලස්සන ජීවිතයක් දෙන්න,
අඩුවක් නැතුව තියන්න
එයා දවස පුරාම මහන්සි වෙනවා.

හොඳට ඉගෙන ගත්ත මනුස්සයෙක් උනත්,
හොඳ පඩියක් එක්ක,
AC කරපු කාමරයක ඉඳගෙන
සුවපහසුවෙන් වැඩ කරලා
ආතල් එකේ ජීවත් වෙන්න පුළුවන්කම තිබුණා.

ඒත් එයා එහෙම නවතින්න කැමති වුණේ නෑ.

“ඒක මදි…
ඔයාලා දෙන්නව තව ලස්සනට තියන්න ඕන” කියලා,
එයා උදේ නැගිට්ට වෙලාවේ ඉඳන්
එක වැඩක් නෙවෙයි,
බිස්නස් එකක් නෙවෙයි,
බිස්නස් දෙක තුනක් කරගෙන
දවසම මහන්සි වෙනවා.

එයාගේ මහන්සිය දැක්කම
සමහර වෙලාවට හිත රිදෙනවා.

අපිට ලස්සන ඇඳුමක් අරන් දෙන්න,
අපිට හොඳ කෑමක් දෙන්න,
අපේ දරුවාට අවශ්‍ය දේවල් අඩුවක් නැතුව දෙන්න,
එයාගේ කැමැත්ත, එයාගේ විවේකය, එයාගේ සතුට
අන්තිමට දානවා.

අපිට දෙන්නේ හැමදාම හොඳම දේ.
එයාට දෙයක් ගන්නේ
අපිට අරන් ඉතුරු වුණොත් විතරයි.

ඒක තමයි එයාගෙ ආදරේ.

ආදරේ කියන්නේ
හැමදාම ලස්සන වචන කියන එක නෙවෙයි.
ආදරේ කියන්නේ
අපි නිදාගෙන ඉන්න වෙලාවෙත්
අපි වෙනුවෙන් හෙට දවසේ වැඩ කරන්නේ කොහොමද කියලා
හිතන මනුස්සයෙක් ලැබෙන එක.

මගේ හස්බන් එහෙම කෙනෙක්.

එයා ආදරේ පෙන්නන්නේ අඩුවෙන් වෙන්න පුළුවන්.
ඒත් එයාගේ ආදරේ මට දැනෙන තරම
කියන්න මට මිම්මක් නෑ.

මට මුණගැහුණ
ආදරණීයම පිරිමියා එයා.
අපේ දරුවාට ලැබුණ
ලස්සනම තාත්තා එයා.

මට ජීවිතේ තේරුණ ලොකුම දෙයක් තියෙනවා…

සමහර පිරිමි
ආදරේ කියන්නේ නෑ.
ඒත් තමන්ගේ මුළු ජීවිතේම
ආදරේ කරන අය වෙනුවෙන් කැප කරනවා.

එහෙම පිරිමි හරි අඩුයි.
මට එහෙම කෙනෙක් ලැබුණ එක
මගේ ජීවිතේ ලොකුම දෙයක් ❤️

❤️❤️❤️❤️❤️

සමහර පිරිමි ආදරේ වචන වලින් පෙන්නන්නේ නෑ…
ඒත් තමන්ගේ මුළු ජීවිතේම
ගෙදර අය වෙනුවෙන් කැප කරනවා. ❤️

Hashtags

#කතාවක් #හස්බන්ගෙආදරේ #තාත්තාගෙආදරේ #ආදරේ

“අද ඉන්න අය… හෙට නැති වෙන්න පුළුවන්.”😳😳😳අපිට ළඟ ඉන්න මිනිස්සුන්වසමහර වෙලාවට අපි සාමාන්‍ය දෙයක් වගේ ගන්නවා.ඒත් ජීවිතේ කිය...
03/06/2026

“අද ඉන්න අය… හෙට නැති වෙන්න පුළුවන්.”

😳😳😳

අපිට ළඟ ඉන්න මිනිස්සුන්ව
සමහර වෙලාවට අපි සාමාන්‍ය දෙයක් වගේ ගන්නවා.

ඒත් ජීවිතේ කියන්නේ
කවදා වෙනස් වෙයිද කියලා
කවුරුවත් දන්නෙ නැති ගමනක්.

අද phone එකට call එකක් එන කෙනා,
අද “කෑවද?” කියලා අහන කෙනා,
අද අපිට තරහ ගියත් ආයෙත් කතා කරන කෙනා…

ඒ අය හැමදාම ඉන්නවා කියලා හිතන්න එපා.

💔💔💔💔💔💔

ඉන්නකන් අගය කරන්න.
ආදරේ තියෙනව නම් කියන්න.
මොකද සමහර “පස්සේ” කියන දේවල්
ආයෙ කවදාවත් එන්නෙ නෑ.

#කතාවක්

මිනිස්සු තනි වෙනවා… හැමෝම ඉද්දිත් 🖤සමහර වෙලාවට අපි වටේ මිනිස්සු ගොඩක් ඉන්නවා.කතා කරන අය ඉන්නවා.හිනා වෙලා බලන අය ඉන්නවා.අ...
02/06/2026

මිනිස්සු තනි වෙනවා… හැමෝම ඉද්දිත් 🖤

සමහර වෙලාවට අපි වටේ මිනිස්සු ගොඩක් ඉන්නවා.
කතා කරන අය ඉන්නවා.
හිනා වෙලා බලන අය ඉන්නවා.
අපි හොඳින්ද කියලා අහන අයත් ඉන්නවා.

ඒත්…
අපේ හිත ඇත්තටම අහගෙන ඉන්න කෙනෙක් නැති වෙලාවක් එනවා.
❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

ඒ වෙලාවට තමයි තේරෙන්නේ,
තනිවෙනවා කියන්නේ කවුරුත් නැති එක නෙමෙයි…
තමන්ව තේරුම් ගන්න කෙනෙක් නැති එක කියලා.

සමහර තනිවීම් කෑගහන්නේ නෑ.
ඒවා හිනා වෙලාම ඉන්නවා. 🥀

#කතාවක් #කතාන්දර

වැරදි වෙලාවක මුණගැහුණු මිනිස්සු…සමහර මිනිස්සු අපේ ජීවිතේට එන්නේඅපිට ඔවුන්ව වැලද ගන්න ,පිළිගන්න  පුළුවන් කාලෙක නෙමෙයි.ඒ ක...
01/06/2026

වැරදි වෙලාවක මුණගැහුණු මිනිස්සු…

සමහර මිනිස්සු අපේ ජීවිතේට එන්නේ
අපිට ඔවුන්ව වැලද ගන්න ,පිළිගන්න පුළුවන් කාලෙක නෙමෙයි.

ඒ කාලේදි අපි තව තැනකට කොටු වෙලා,
වගකීම වැඩි වෙලා ,
හරි විදියට ආදරේ කරන්නත් බැරිව,
හරි විදියට කතා කරන්නත් බැරිව,
හිතේ තිබ්බ දේවල් කියන්නත් බැරිව.

ඒ මිනිස්සු නරක නෑ.
අපිත් නරක නෑ.

වැරදුණේ මිනිස්සු නෙමෙයි…
හමු උන කාලය..

ඒ නිසා තමයි සමහර බැඳීම්
අදටත් මතක් වෙද්දි හිතට හරිම අමාරු වෙන්නේ.

මොකද ඒක අවසන් වුණත්,
හිත දන්නවා…

“මේ කතාව වෙන වෙලාවක ආරම්භ වුණානම්
අද මේ තියන සමහර දේවල් වෙනස් වෙන්න තිබුණා.” 🖤

ඉතිං......❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

සමහර මිනිස්සු නැති වුණේ ආදරේ අඩු නිසා නෙමෙයි…
හමු උන වෙලාව වැරදි නිසා. 🖤

#කතාවක්

“අපි හොයන සමහර මිනිස්සු… අපිව හොයන්නෙ නැහැ”සමහර වෙලාවට අපි හිතනවා,“තව ටිකක් ආදරේ කරාම එයා වෙනස් වෙයි…” කියලා.ඒත් ඇත්තටම ...
31/05/2026

“අපි හොයන සමහර මිනිස්සු… අපිව හොයන්නෙ නැහැ”

සමහර වෙලාවට අපි හිතනවා,
“තව ටිකක් ආදරේ කරාම එයා වෙනස් වෙයි…” කියලා.

ඒත් ඇත්තටම වෙනස් වෙන්නෙ එයා නෙමෙයි…
අපිමයි.

අපිව නොහොයන කෙනෙක් වෙනුවෙන්
අපේ හිත වද කරගන්න එක නවත්තන දවස තමයි,
අපි අපිවම ආයේ හම්බවෙන දවස. 🖤

#කතාවක්

“ගෙදරම ඉඳගෙන… ගෙදර කෙනෙක් වගේ නොදැනුන දවසක් ඔයාටත් තිබුණද?”💔💔අම්මගෙන් තාත්තගෙන් ආදරේ ඉල්ලන්න ඕන නැහැ කියලා හිතුවත්…සමහර ...
30/05/2026

“ගෙදරම ඉඳගෙන… ගෙදර කෙනෙක් වගේ නොදැනුන දවසක් ඔයාටත් තිබුණද?”💔💔

අම්මගෙන් තාත්තගෙන් ආදරේ ඉල්ලන්න ඕන නැහැ කියලා හිතුවත්…
සමහර වෙලාවට හිත කැඩෙන්නෙ පිට කෙනෙක් නිසා නෙමෙයි.

එකම ගෙදර…
එකම අම්මා තාත්තා…
එකම රුධිරය…😑😑

ඒත් සමහර දරුවන්ට ලැබෙන්නෙ වෙනස් ආදරයක්.
සහෝදරයෙක්ට/සහෝදරියෙක්ට වචනයක් කිව්වොත් සමාව.
අපි වචනයක් කිව්වොත් අහංකාරකම.😥😥

ඒ අය වැරදි කළත් “පොඩි දේවල්…”
අපි වැරදි කළොත් “ඔයා හැමදාම එහෙමයි…”😥😥

අපිට ඕන වෙන්නෙ ලොකු දෙයක් නෙමෙයි.
අනිත් අයට දෙන තරම්ම පොඩි ආදරයක්…
පොඩි පිළිගැනීමක්…
“ඔයත් අපේ දරුවෙක්” කියලා දැනෙන එක විතරයි.💔

ගෙදර ඇතුළෙම වෙනස්කම් දැනෙන්න පටන් ගත්තම,
මනුස්සයෙක් නිහඬ වෙනවා.
ආදරේ ඉල්ලන එක නවත්තනවා.
අවසානයේ තමන්ම තමන්ට හුරු වෙනවා.

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

ඔයාටත් කවදාහරි ගෙදර ඇතුළෙම වෙනස්කම් දැනිලා තියෙනවද?













#කතාවක්
#හිතටදැනෙනකතා
#ජීවිතකතාවක්

ආදරේට වඩා වැදගත් දෙයක් තියෙනවා… ඒ විශ්වාසය. 🥀”“අනියම කියන්නේ…කෙනෙක්ගේ ආදරේ අඩුවීම නෙමෙයි.ඒක කෙනෙක්ගේ විශ්වාසයසම්පූර්ණයෙන...
29/05/2026

ආදරේට වඩා වැදගත් දෙයක් තියෙනවා… ඒ විශ්වාසය. 🥀”

“අනියම කියන්නේ…
කෙනෙක්ගේ ආදරේ අඩුවීම නෙමෙයි.

ඒක කෙනෙක්ගේ විශ්වාසය
සම්පූර්ණයෙන්ම කැඩිලා යන මොහොතක්.

ගෙදර ඉන්න කෙනා
ඔයාව විශ්වාස කරලා හිනා වෙද්දි…

ඔයා වෙන කෙනෙක්ට
හිතේ තැනක් දෙන එක
ආදරයක් නෙමෙයි…

ඒක නිහඬවම කෙනෙක්ව
ඇතුළෙන් මරන වරදක්.

සමහර වැරදි වලට සමාව ලැබෙයි…
හැබැයි ඒ වැරදි කලින් තිබ්බ විශ්වාසය
ආයෙමත් එදා වගේ හදලා දෙන්නේ නෑ.” 🖤

#කතාවක්
#අනියම
#විශ්වාසය
#ආදරය
#ජීවිතය
#හිතටදැනෙනකතා








පාසල් කාලේ කියන්නේ…😳ඒ කාලයේ  අපිට ඉක්මනට ඉවර වෙන්න ඕන වුණු,ඒත් දැන් ආයේම එක දවසකට හරී යන්න හිතෙන තැනක්.උදේ assembly එක…ප...
27/05/2026

පාසල් කාලේ කියන්නේ…😳

ඒ කාලයේ අපිට ඉක්මනට ඉවර වෙන්න ඕන වුණු,
ඒත් දැන් ආයේම එක දවසකට හරී යන්න හිතෙන තැනක්.

උදේ assembly එක…
පන්තියේ අන්තිම bench එක…
interval එකේ කෑම බෙදාගෙන කාපු යාලුවෝ…
teacher එනකම් හොරෙන් කතා කරපු කතා…
exam එකට කලින් “මොනවත් පාඩම් කරලා නෑ” කියලා කියන අය…🥺🥺🥺

අද ඒ හැමදේම මතක් වෙද්දි හිතට එන්නේ අමුතුම දුකක්.
ඔයාට පාසල් කාලේ මතක් වුණාම මුලින්ම මතක් වෙන්නේ කවුද? 🥺

🖤 “එයා මාව block කරපු දවසෙ…මං හිතුවේ එයාට මාව එපා වෙලා කියලා.”මාස 8ක් අපි කතා කරේ නෑ.මං අහංකාරකමට massage  එකක්වත් දැම්ම...
26/05/2026

🖤 “එයා මාව block කරපු දවසෙ…
මං හිතුවේ එයාට මාව එපා වෙලා කියලා.”

මාස 8ක් අපි කතා කරේ නෑ.

මං අහංකාරකමට massage එකක්වත් දැම්මෙ නෑ.

එයත් නෑ.

ඊට පස්සේ දවසක්…
එයාගේ යාලුවෙක්ගෙන් massage ආවා.

“ඔයාට තාමත් එයා ගැන තරහද…?” කියලා.

මං කිව්වා
“නෑ… ඇයි?”

එතකොට එයා එවපු photo එක දැක්කම…
මගේ පපුව ඇත්තටම නවතිලා ගියා වගේ දැනුණා. 💔

රෝහල් ඇඳක…
කොණ්ඩෙත් නැති වෙලා…
හිනාවෙන්න උත්සාහ කරන එයා.

එදා තමයි දැනගත්තේ…

එයාට පිළිකාවක් තිබිලා.

මාව දුක් වෙයි කියලා බය වෙලා…
එයා මාව අවහිර කරලා තිබ්බේ.

ඒත්…

එයා මැරෙන්න කලින්
අන්තිමට කියලා තිබ්බේ එක දෙයයි.

“එයාට කියන්න…
මං එයාව අතහැරියේ නෑ කියලා.” 🖤

#කතාවක්


















Address

No 6/1 Dalada Waththa Road Thalpitiya South
Wadduwa

Telephone

+94715499109

Website

Alerts

Be the first to know and let us send you an email when කතාවක් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share