Traveling Eye

  • Home
  • Traveling Eye

Traveling Eye ලංකාවේ තියෙන ලස්සන සැඟවුණ තැන් බලන්න එන්න අපිත් එක්ක පරිස්සමට Travel කරන්න 🌳🍃👣 |🇱🇰
(1)

Anuradhapura , Sri Lanka 🇱🇰Thilina Kaluthotage Photography 📸
13/10/2025

Anuradhapura , Sri Lanka 🇱🇰

Thilina Kaluthotage Photography 📸

පින්බර දිනයක් වේවා..!!! 🌸🙏
13/10/2025

පින්බර දිනයක් වේවා..!!! 🌸🙏

12/10/2025

මිනිස්සු ඉරිසියා කරන්නෙ කාටද...? ❤️🙏

W A T A D A G E Y A - P O L O N N A R U W A 🌸🙏S R I L A N K A 🇱🇰
12/10/2025

W A T A D A G E Y A - P O L O N N A R U W A 🌸🙏
S R I L A N K A 🇱🇰

ඉතිහාසයේ පළවෙනි වතාවට පොලිස් නිළධාරියෙක් වෙනුවෙන් ලංකාවේ මිනිසුන් ලක්ෂ ගණක් පෙනී සිටිනවා. මේක කාට කාටත් හොද ආදර්ශයක්. ඔය...
12/10/2025

ඉතිහාසයේ පළවෙනි වතාවට පොලිස් නිළධාරියෙක් වෙනුවෙන් ලංකාවේ මිනිසුන් ලක්ෂ ගණක් පෙනී සිටිනවා. මේක කාට කාටත් හොද ආදර්ශයක්. ඔයා මොන රස්සාව කළත් ඔයාට අසාධාරණයක් උනොත් ඔයා වෙනුවෙන් පෙනී සිටින්නේ ඔයාගේ ආයතනයේ ඉහළ නිළධාරින් නෙවෙයි. සාමාන්‍ය ජනතාවයි. ඒ නිසා නිතරම සාමාන්‍ය ජනතාවට සුහදශීලි චරිතයක් වෙන්න. කවදාවත් ඔයාව ඒ මිනිස්සු තනි කරන්නේ නෑ. ❤️🇱🇰

12/10/2025

Y A L A , S R I L A N K A 🇱🇰
Listen the amazing sound 👂
🐘🐆🦉🐊🐾

සඳගිරි ස්ථූපය - තිස්සමහාරාමය 🌸🙏තිස්සමහාරම - කතරගම වන්දනාවේ යන අයට මඟ හැරෙන මාගම්පුර රාජධානියේ ප්‍රෞඪත්වය විදහාලන ස්ථානයක...
12/10/2025

සඳගිරි ස්ථූපය - තිස්සමහාරාමය 🌸🙏

තිස්සමහාරම - කතරගම වන්දනාවේ යන අයට මඟ හැරෙන මාගම්පුර රාජධානියේ ප්‍රෞඪත්වය විදහාලන ස්ථානයක් තමයි මේ තිස්සමහාරාම සෑ රඳුන්ට යාබදව ඉදිකර ඇති සඳගිරි ස්ථූපය කියන්නෙ. 🌸🙏

තිස්සමහාරාමයේ සඳගිරි ස්ථූපය ඉදිකර ඇත්තේ අඩි 200 න් 200 වේදිකාවක් මත ගඩොලින් ටයිල් කළ තට්ටුවක් මත ය. අඩි 340 (මීටර් 103) ක වට ප්‍රමාණයකින් සහ අඩි 60 ක වත්මන් උසකින් යුත් ස්තූපයෙන් අඩක් පමණ අද ඉතිරිව ඇත. ස්තූපයේ ප්‍රධාන ස්ථාන හතරේ මල් පූජාසන ඇති අතර, උතුරු පැත්තේ හොඳින් කපා ඔප දැමූ කැපී පෙනෙන ගල් කැටයමක් දක්නට ලැබේ.
ස්තූපයට නිරිත දෙසින් මෑතදී සංරක්ෂණය කරන ලද විශාල බෝධිඝරයක් (බෝ ගස් ගෙයක්) පිහිටා ඇත. බෝධීන් වහන්සේ වටකර ඇති නොකැඩූ විශාල ගොඩනැඟිලි ව්‍යුහයක් සොයාගෙන ඇති අතර, එහි මැද ඇති හතරැස් කුහරය කලින් බෝධිය තිබූ ස්ථානය සලකුණු කරයි.
සඳගිරි සෑය අවටින් සොයා ගත් නටබුන් සියල්ල වැලි මළුව අවට ප්‍රදර්ශනය කර ඇත. බුද්ධ ප්‍රතිමා භාවිතයට පෙර ක්‍රි.පූ. 2-3 වැනි සියවස්වල සිරි පතුල් ගල් (ගල් තලවල කැටයම් කරන ලද බුද්ධ පාද සටහන), වන්දනා වස්තු ඇතුළත් වේ. දේවතා කොටුව වාස්තු විද්‍යාවට පෙර ස්තූපවල ඉදිකරන ලද කළුගල් යූප කණුව සහ පුරාණ ස්තූපයේ කොන්තය ද ප්‍රදර්ශනය කෙරේ. මීට වසර 2000 කට පෙර ස්තූපය දිස් වූ ආකාරය පිළිබඳ අනුරුවක් ද මළුව මත ප්‍රදර්ශනය කර ඇත.

🌸 මෙම ආකර්ෂණය පිළිබඳ වැඩි විස්තර 🌸

මහා වංශය මහාවංශයට අනුව, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද්දේ සංඝමිත්තා ථේර විසින් වන අතර, අනුරාධපුරයේ පැවති උත්සවයට චන්දන ග්‍රාමයේ ක්ෂේතිය වංශයේ සාමාජිකයින් සහභාගී විය. සඳගිරිය නමින් හැඳින්වෙන ප්‍රදේශය චන්දන ග්‍රාමය බව දැන් විශ්වාස කෙරේ.

අශෝක අධිරාජ්‍යයා විසින් ශ්‍රී ලංකාවේ දේවානම්පියතිස්ස (ක්‍රි.පූ. 250-210) රජුට ද විවිධ ධාතූන් වහන්සේලා ත්‍යාග වශයෙන් එවන ලද අතර, එය රුහුණේ ප්‍රාදේශීය රජෙකු වූ ඔහුගේ සහෝදර මහානාගට භාර දෙන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස මහානාග රජු ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේදී සඳගිරි ස්ථූපය මෙම ධාතූන් වහන්සේලා සහ දුර්ලභ හංකලයක් තැන්පත් කිරීම සඳහා ඉදිකරන ලදී. මෙම කටුව පසුව තිස්සමහාරාම චෛත්‍යයේ තැන්පත් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස සඳගිරි ස්තූපය ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ ඇති පැරණිතම ලෙස සැලකේ. මීට අමතරව, භාතිකාභය සහ වසබ රජුන් විසින් මෙම විහාරස්ථානයට ඉඩම් පරිත්‍යාග කළ බව අසල ඇති සෙල්ලිපිවල සටහන් වේ.

ක්‍රිස්තු පූර්ව 200 දී පමණ මහානාග රජු සහ කාකවණ්ණතිස්ස රජු විසින් මෙම ආරාම සංකීර්ණය කරවූ බව ඉතිහාස කතා කියයි. කෙසේ වෙතත්, සෙල්ලිපිවලට අනුව, අමන්දා ගාමිණී අභය රජුගේ (22-31) පාලන සමයේදී මෙම ආරාමයට ආධාර කිහිපයක් පරිත්‍යාග කර ඇත.

S R I L A N K A 🇱🇰

12/10/2025

සියළුම වැඩ කටයුතු සාර්ථක වෙන පිංබර දිනයක් වේවා..!!! 🌸🙏

රුහුණේ පළමු දාගැබ - යටාල දළඳා වෙහෙර 🌸🙏යටාල දාගැබ 🌸තිස්සමහාරාමයේ තවත් වැදගත් දාගැබක් වන්නේ යටාල දාගැබයි. හම්බන්තොට කතරගම ...
11/10/2025

රුහුණේ පළමු දාගැබ - යටාල දළඳා වෙහෙර 🌸🙏

යටාල දාගැබ 🌸

තිස්සමහාරාමයේ තවත් වැදගත් දාගැබක් වන්නේ යටාල දාගැබයි. හම්බන්තොට කතරගම මාර්ගයේ දෙබරවැව හා අකුරුගොඩ මංසන්දි අතර මහා මාර්ගය ආසන්නයේම යටාල වෙහෙර පිහිටුවා ඇත. යටාල වෙහෙරද මහා විහාර සම්ප්‍රදායට අයත් විහාරාරාමයක ස්තුපයයි. අඩි 115 ක් පමණ උස අඩි 360 ක් පමණ වට ප්‍රමාණයකින් යුත්, තිස්සමහාරාම දාගැබ් අතර ප්‍රමාණයෙන් තෙවැනි තැන ගන්නා මේ දාගැබ ක්‍රිස්තු පූර්ව දෙවන හෝ පළමුවන සියවසේදී පමණ ඉදිකරන්නට ඇතැයි සැලකේ.

දෙවන පෑතිස් රජුගේ දේවිය තම පුතු රාජ්‍යත්වයට පත්වීමට රජුගේ සොහොයුරු මහානාග යුවරජුගෙන් තර්ජනයක් විය හැකියි සිතා මහානාග කුමරු මැරවීමට උත්සාහ ගත් බැවින් ඔහු සිය දේවියද සමග රුහුණට පලා ගියේය. එසේ යද්දී මේ ස්ථානයේදී මහානාග කුමරුගේ බිසව පුත් කුමරෙක් බිහිකළ බවත් ඔහුට යටාලතිස්ස යන නම තැබූ බවත් කියති. මේ කුමරුගේ උත්පත්තිය සිහිපත් කරවමින් යටාල දාගැබ ඉදිකරවා ලංකාවේ ප්‍රථම මහරහතන් වහන්සේ ලෙස සැලකෙන ත්‍රිපිටකාරිට්ඨ මහා රහතන් වහන්සේට අතපැන් වත්කර මෙම යටාල වෙහෙර ශාසනයට පූජා කළ බව වංශ කතාවල සඳහන් වෙයි.

සමහර සෙල්ලිපිවල මේ දාගැබ දළදා දාගැබ ලෙසද හඳුන්වා ඇති බව පෙනේ. රජරට පර සතුරු ආක්‍රමණිකයන්ගෙන් අනතුරට පත්වන විට දළදා වහන්සේගේ ආරක්ෂාව සඳහා දළදාව රුහුණට ගෙනවිත් මේ චෛත්‍යයේ නිධන් කොට තිබුණු බව කියවේ.

හම්බන්තොට – කතරගම මහා මාර්ගය ඉදිකිරිම නිසා යටාල විහාරය දෙකඩ වී ඇත. යටාල වෙහෙරට පාරෙන් අනෙක්පස භුමියේ දිගින් අඩි 68 ක් හා පළලින් අඩි 66 ක් පමණ වන ගොඩනැගිල්ලක දිගින් අඩි 22 ක් පමණ වන විශාල ආසන ඝරයක නටබුන් හමුව ඇත. මේ ආසන්නයේ විහාරාරාමයට අයත් සේ සලකිය හැකි තවත් නොයෙක් ඉදිකිරීම් වල නටබුන් හමුව ඇතත් පිළිම ගෙවල් හැර අනෙක් ගොඩනැගිලි නිශ්චිතව හඳුනා ගැනීමට අපොහොසත්ව ඇත. මේ ස්ථානයට මඳක් ඔබ්බෙන් පිහිටි ගල් කණු මණ්ඩිය නමින් හැඳින්වන ස්ථානයද මේ විහාරාරාමයේම කොටසක් විය හැකිය.

Y A T A L A W E H E R A 🌸🙏

S R I L A N K A 🇱🇰

11/10/2025

හැම ගෙදරකම මේ වගේ තැනක් තියෙන්න ඕනි 🌸🙏

Address


Telephone

+94772040643

Website

Alerts

Be the first to know and let us send you an email when Traveling Eye posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Photography Service?

Share