28/07/2026
නියඟයට එරෙහිව පොළොවේ අයිතිකරුවන්ගේ අරගලය - සූරියපුර ගොවීන්ගේ දහඩිය කතාව !
ත්රිකුණාමලය දිස්ත්රික්කයේ කන්තලේ, සූරියපුර කියන්නේ තමන්ගේම වගාබිම් වලින් මුළු රටටම බත සපයන අභීත ගොවි ජනතාවක් ජීවත් වන සුන්දර ගම්මානයක්. නමුත් දීර්ඝ කාලයකට පසු පැමිණි දරුණු නියං සමයත් සමඟ, අහසින් වැටෙන එක වැහි බිඳක්වත් නැතිව මේ ගොවිබිම් වියළී පරව යන්නට පටන් අගෙන තිබෙනවා. වගාවට වතුර නැතිව අසරණ වූවත්, දෛවයට යටත් වෙන්න මේ මිනිස්සු ලෑස්ති වුණේ නැහැ.
තමන්ගේ අක්කර ගණනක වගාවන් බේරාගැනීම වෙනුවෙන් ඔවුන් තීරණය කළේ මහවැලි ගඟ හරස් කර වැලි කොට්ට යොදා වේල්ලක් බැඳ, ඒ වතුර ජනාරංජන වැවට හරවා ගැනීමටයි. ඒ අභියෝගය ඔබ සිතනවාට වඩා බොහෝ අසීරු, අවදානම් එකක්.
මේ සටහන් වන්නේ නිකම්ම නිකම් වේල්ලක් බඳින කතාවක් නෙමෙයි, තමන්ගේ අඹුදරුවන්ගේ බඩගින්න නිවන්න, මුළු රටටම බත සපයන්න, නියඟය පරදා ස්වභාවධර්මය සමඟ සටන් කරන අභීත මිනිසුන්ගේ නොපසුබස්නා උත්සාහයයි.
ඡායාරූපවලින් දිස්වන්නේ ඒ දැඩි හිරු රශ්මියට පිලිස්සුණු, මහවැලි දියෙන් තෙමුණු, නමුත් අධිෂ්ඨානයෙන් පිරි ඒ ගෞරවනීය මිනිසුන්ගේ අහිංසක මුහුණුයි. ඔවුන්ගේ මේ අසීමිත කැපකිරීමට සහ දහඩිය බිංදුවකටම අපගේ ප්රණාමය හිමිවිය යුතුමය !
© Copyright Notice:
මෙම සටහන සහ ඡායාරූපයන්හි සම්පූර්ණ හිමිකම Travel Trinco | Ashan Photography සතු වේ. පූර්ව අවසරයකින් තොරව මෙහි සඳහන් කිසිදු ඡායාරූපයක් වෙනත් ෆේස්බුක් පිටු, යූටියුබ් නාලිකා, වෙබ් අඩවි හෝ මාධ්ය ජාලයන් වෙත නැවත උඩුගත කිරීම (Re-upload), වෙනස්කම් කර පළකිරීම තහනම් වේ.
(තොරතුරු සහ ඡායාරූප බෙදාහැරීමට අවශ්ය නම් Original Post එක Share කිරීම පමණක් සිදු කරන්න.)
All Rights Reserved | Travel Trinco & Ashan Photography