කළුවා

කළුවා අපි දන්නෙවත් නැති ලෝක වල අපි තනිවෙලා 💔🙂

20/05/2024
ගැහැණියකට,ලෙඩක්,හැදුනම ගණන් නොගන්න පිරිමි අතරෙඔයාට අමාරු වෙයි,ඉක්මනට ලේස්ති වෙන්න බෙහෙත් ටිකක් අරන් දෙන්න යන්න කියනපිරිම...
28/01/2024

ගැහැණියකට,

ලෙඩක්,හැදුනම ගණන් නොගන්න පිරිමි අතරෙ
ඔයාට අමාරු වෙයි,ඉක්මනට ලේස්ති වෙන්න බෙහෙත් ටිකක් අරන් දෙන්න යන්න කියන
පිරිමිත් ඉන්නවා නැත්තෙ නෑ...

ඔළුව රිදෙනවා කිව්වම,පැනඩෝල් බිව්වම
ඕක හරි යයි කියලා පැත්තකට වෙන
පිරිමි අතරෙ ඔයා රෙස්ට් කරන්න
මං පැනඩෝල් දෙකක් අරන් එන්නම් කියලා
ළඟටම ගිහින් දෙන පිරිමි ඉන්නවා
නැත්තෙ නෑ..

Me**es හැදිලා හොදටම අමාරුවෙන් ඉන්න
වෙලාවට,ඕවත් ලෙඩද,වෙන ගෑනුත් ඔය
ඉන්නෙ හොදට ඔය දවස් වලටත්
වැඩපල කරන් කියලා අවලාද කියන
පිරිමි අතරෙ,ඔයා අද bed rest කරන්න
මං රෙදි ටික හෝදන්නම්,කඩෙන් කමු අද,
නැත්නම් මං උයන්නම් කියන
නම්බුකාර පිරිමි ත් ඉන්නවා නැත්තෙ නෑ..

දරුවන්ගෙ වැඩයි,මිනිහගෙ වැඩයි
සේරම කරලා,පොඩ්ඩක් වාඩි වුනොත්
ආයෙ ආයෙ වැඩ කියන පිරිමි අතරෙ
තමන්ගෙ ගෑණිත් මහන්සි වෙලා නේද
ඉන්නෙ කියලා හිතලා ඇයට ආදරෙන්
සළකන පිරිමි ඉන්නවා නැත්තෙ නෑ...

රෙදි ටිකක් හේදුව කියලා ,දවසක් දෙකක්
ඉව්ව කියලා ,ගේ අස්පස් කරා කියලා
තමන්ගෙ නම්බුවට කැලලක් වෙනවාය
කියලා හිතන පිරිමි අතරෙ
ගැහැණියට,ගැහැණු කමට නිසි තැන
ගෞරවය,පරිස්සම,කරුණාව දෙන
නම්බුකාර පිරිමිත් ඉන්නවා නැත්තෙ නෑ..

ලොකු කම,ආඩම්බර කම,මහන්තත්ත කම ඉහට ගහපු පිරිමි අතරෙ,සෙනෙහෙවන්ත පපු තියෙන ආදරණීය පිරිමිත් ඉන්නවා
නැත්තෙ නෑ.

දන්නවා ද දෙයක් ,
එහෙව් පිරිමි මුණ ගැහෙන්නෙ
පිංකාර ගැහැණු ආත්මවලට විතරමයි.. ❤️🌼🙏

බුදුසරණයි

Address

Ratnapura

Telephone

+94744445084

Website

Alerts

Be the first to know and let us send you an email when කළුවා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category