20/12/2022
Results of using Sunetra Treatment Night Cream,..😍
🔴Cures acne infections.
🟢Moisturizes the skin.
🟠Gives skin glow.
🔵The dead skin on the face is gradually removed
🟣Controls aging.
🌼කුරුලෑ අවම කර ගන්න Suneththra treatment Night cream එක භාවිතා කරන අතරතුර 👇පහත සදහන් කර ඇති ක්‍රියා මාර්ගත් පිලිපදින්න....ප්‍රතිඵල ඉක්මන් කර ගන්න...🌼
🟠කුරුලෑ ඇල්ලීමෙන් එහි ඇති පටක වලට හානි වී පසුව කැළල් බවට පත් වෙන්න පුලුවන්...
කුරුලෑ කියන්නනේ ගොඩාක් වෙලාවට කාන්තා පාර්ශවයටම හරිම හිසරදයක් වුනු දෙයක්.
කුරුලෑ ඇති වෙන්න බලපාන ප්‍රධානම හේතුව සහ ඇති වෙන්න පෙර වලක්වා ගන්න මොනවද කරන්න ඕන කියලා දැන ගත්තොත් කරදරයක් නැතිව කුරුලෑ කරදරෙන් ගැලවෙන්න පුළුවන්.
කුරුලෑ අවම කර ගන්න නම් ඔයා මුලින්ම කර ගන්න ඕන 🟠පිරිසිදුකම ආරක්ෂා කර ගන්න එක. 🟠පාවිච්චි කරන කොට්ට උර, ඇඳ ඇතිරිලි දවස් හතරකට පහකට වරක් මාරු කරන්න පුළුවන්නම් කුරුලෑ ඇතිකරන බැක්ටීරියාකාරක රැසක් අපට නොදැනීම ඉවත් වෙනවා. ඒ වගේම🟠 මුහුණ පිසදමන්න වෙනම පොඩි තුවායක් පාවිච්චි කරන්න. දින දෙකකට වරක් වත් එය සෝදා පිරිසිදු කර වියළිව තබා ගන්න. පිරිසිදුකම නැති වුනොත් තමයි කුරුලෑ ඇති වෙන්නේ.
ඒ වගේම තමයි 🟠හැම වෙලාවෙම මූණ අල්ලන එක, අතගාන එකත් කුරුලෑ එන්න බලපාන ප්‍රධාන හේතුවක් වෙනවා. අතේ තියන තෙල් ගතිය මුහුණේ තැවරීම නිසාත්, විෂබීජ මුහුණේ ඇති සියුම් සිදුරු තුලට කා වැදීම නිසා තමයි මෙහෙම වෙන්නේ. හැකි තරම් අත් වලින් මුහුණ ඈත් කරලා තියන තරමට කුරුලෑ අඩු වේවි.
ඔබ දිගු කෙස්කළඹක් හිමි අයෙක්නම්🟠 නිදා ගන්නා විට කොණ්ඩය මුහුණට නොවැටෙන ලෙස ගෙතීමට හෝ විසිරෙන්නේ නැති විදිහට බඳින්න පුරුදු වෙන්න. කොණ්ඩය, මුහුණට වැටීම නිසා කුරුලෑ කාරක මුහුණේ හට ගන්න තියන ඉඩ වැඩිවෙනවා.
ඒ වගේම හිස්හොරි කියන්නෙත් කුරුලෑ ඇති කරන්න හේතු වෙන තවත් හේතුවක්. ඒ නිසා මුලින්ම හිස්හොරි කරදරෙන් නිදහස් වෙන්න.
ඒ වගේම තමයි 🟠මානසික ආතතිය වැඩි වීමත් කුරුලෑ වලට හේතුවක් වෙනවා. මනසට අවශ්‍යය විවේකය නොලැබුනොතින් ඒක ඔබේ පෙනුමටත් බලපානවා. විවේකය හා මානසික ඒකාග්රතාවයක් නැතිනම් මුහුණේ ලස්සන ඇති කර ගන්න එක ටිකක් අමාරුයි. ලස්සනට ඉන්න කැමතිනම් විවේකය කියන සාධකය අනිවාර්ය දෙයක්.
🟠නොකඩවා නිදි වැරීම කියන්නෙත් කුරුලෑ ඇති වීමට බලපාන තවත් හේතුවක්. ඒ නිසා ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමත් ගොඩාක් වැදගත්.
මේ දේ අදාළ වෙන්නේ කාන්තාවන්ට විතරයි. 🟠🟠කාන්තාවන් භාවිතා කරන උපත් පාලන ඖෂධ වර්ග මගින් සිරුරේ හෝර්මෝන යම්තාක් දුරට වෙනස් වීමක් සිදු කරනවා මේ නිසාත් සමහර වෙලාවට කුරුලෑ ඇතිවෙන්න පුළුවන්. ඒ පිළිබඳවත් දැනුවත් වෙන එක වැදගත්.
...........🙂(වැඩිදුර දැන ගන්න pimples තියෙන අය අනිවාර්යයෙන්ම කියවන්න.)🙂............
කුරුලෑ යනු,
සමේ රෝගයක් වන අතර එය ඔබේ ආත්ම විශ්වාශයට බලවත් පහරක් එල්ල කරයි. වැඩිවියට පැමිණීමත් සමඟ හෝමෝන මට්ටමේ සිදුවන වෙනස් වීම් සමඟ කුරුලෑ ඇතිවීම බහුලව දක්නට ලැබේ. නමුත් ඕනෑම වයස් කාණ්ඩයක අය තුල කුරුලෑ දැකිය හැක. මෙයට හේතු ලෙස වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ ජාන, බැක්ටීරියා සහ පාරිසරික සාධක වල එකතුවකි.
කුරුලෑ ඇතිවන්නේ ඇයි?
නව යොවුන් වියට එලබීමත් සමග බොහෝ අය තුල කුරුලෑ ඇතිවීමට පටන්ගනී. ඇතැම් අයට එය කෙටි කාලයකින්ම සුව වන අතර ඇතැමුන්ට බොහෝ කාලයක් පවතී. නැතහොත් වැඩිහිටි කුරුලෑ ලෙස පවතී.
වෛද්‍යවරුන්ට අනුව කුරුලෑ ඇති වන ආර්ම්භක ස්ථානය කොමඩෝන ලෙස හඳුන්වන අතර, ඒවායේ ස්වභාවය අනුව විවෘත හා වැසුනු ලෙස කුරුලෑ වර්ග කරයි.
විවෘත කොමඩෝන (Open comedones) - බ්ලැක් හෙඩ්ස්
සංවෘත කොමඩෝන (Closed comedones) - වයිට් හෙඩ්ස්
සංවෘත කොමඩෝන හෙවත් අපි හඳුනන කුරුලෑ රතු පැහැ ගැටිති, රතු පැහැ පැල්ලම් හෝ සැරව පිරුණු බිබිලි ලෙස වර්ධණය විය හැක.
කුරුලෑ ඇතිවීමට හේතුව කුමක්ද?
සාමාන්යෙන් ජාන, බැක්ටීරියා සහ පාරිසරික සාධක වල එකතුවක් නිසා කුරුලෑ ඇති වේ.
"ප්රොපියොනිබැක්ටීරියම් ඇක්නස්" නමින් හඳුන්වන අප සියළුදෙනාගේම සම මත ජීවත් වන බැක්ටීරියාව කුරුලෑ ඇති වීම සඳහා හේතු වන බව සොයාගෙන ඇත. මෙම
බැක්ටීරියාව වර්ධණයට වඩාත් සුදුසු තත්වයක් සම මත ඇති වූ විට මොවුන්ගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් අඛණ්ඩව කුරුලෑ වර්ධනය වේ. එනම් සම මත තෙල් මට්ටම ඉහල යාම මෙම බැක්ටීරියා වර්ධණයට වඩාත් හිතකර වේ.
සම තුල පිහිටා ඇති සෙබම් ග්‍රන්ථි මගින් තෙල් ස්‍රාවයක් නිකුත් කරන අතර, කුරුලෑ වැඩි අයගේ සම මත මෙම සෙබම් ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය ඉහල වේ. මෙයට ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය බලපානු ලබයි.
සමේ සිදුරු වැසී ඇති විට මියගිය සෛල වලට ඉවත් වීමට ක්‍රමයක් නොමැත. මෙහි ප්රථිඵලයක් ලෙස තෙල් සහිත බිබිලි සම මත දැකිය හැක. මෙලෙස කුරුලෑ වල සුදු පැහැ කොටස මත කුරුලෑ බැක්ටීරීයා ප්‍රමාණය වැඩි වන අතර මෙය රතු පැහැ වීමට සහ වේදනාවක් දැණීමට හේතු වේ.
කුරුලෑ වැඩි වීමට හේතු මොනවාද?
ඔබ භාවිතා කරන ඇතැම් ඖෂධ, උපත් පාලන ක්‍රම ඇතුළු වෙනත් සාධක හේතුවෙන් ඔබගේ කුරුලෑ වැඩිවිය හැක. ඔබට කුරුලෑ ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතී නම්, උපත් පාලන ක්‍රමයක් තෝරා ගැනීමට ප්‍රථම ඒ බව ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කිරීමට වගබලාගන්න.
ඔබ කාය වර්ධණ ඖෂධ ලබාගෙන්නා අයෙකු නම් ඒවායේ අඩංගු හෝමෝනද කුරුලෑ වැඩි වීමට හේතු විය හැක.
ඔබට අසාමාන්‍ය ලෙස හිසකෙස් වර්ධනය වීමේ තත්වයක් හෝ අසාමාන්‍ය ලෙස හිසකෙස් ඉවත් වීමේ තත්වයක් ඇත්නම් හෝ අක්‍රමවත් ඔසප් චක්‍රයක් පවතී නම් ඒ බව ඔබගේ වෛද්‍යවරයා වෙත පවසන්න.
හොදම කුරුලෑ ප්‍රතිකාරය කුමක්ද?
ඔබගේ කුරුලෑ වල තත්වය අනුව ඔබට ලබා දිය යුතු ප්‍රතිකාරයද වෙනස් වේ. එය ක්‍රීම් වර්ගයක්, පෙති හෝ මුඛ-සමස්ථානික ලෙස ඔබගේ කුරුලෑ වල බරපතලකම අනුව වෙනස් වේ.
භාහිර ප්‍රතිකාර
සමට ආලේප කරන ක්‍රීම් හෝ ජෙලි වර්ග වැනි භාහිර ප්‍රතිකාර භාවිතා කිරීමෙන් මුල් අවස්ථාවේ පවතින කුරුලෑ සඳහා ප්‍රතිකාර කරනු ලබයි.
කුරුලෑ සඳහා ප්‍රතිකාර කිරීමේදි ක්ෂණික ප්‍රතිඵල නොලැබේ. මේ සඳහා ඔබ යම් කාලයක් ඉවසා සිටිය යුතු වේ.
කුරුලෑ සඳහා භාහිර ප්‍රතිකාර (ක්‍රීම්/ජෙල්) භාවිතා කිරීමේදී ඒවා භාවිත කරන ප්‍රදේශය රතු පැහැ ගැන්වීම ඔබට දක්නට පුළුවන. මේ සඳහා බොහෝ විට ක්‍රමිකව කුඩා ප්‍රදේශයකින් ආරම්භ කර සහ භාවිතා කරන වාර ගනනද දිනකට එක් වරක් සිට ක්‍රමිකව වැඩි කල යුතුය.
කුරුලෑ ඇල්ලීමෙන් එහි ඇති පටක වලට හානි වී පසුව කැළල් බවට පත් වෙන්න පුලුවන්.