Sri Lanka Photographers Friendship Association

Sri Lanka Photographers Friendship Association Sri Lanka Photographers Friendship Association. A global knowledge share for all the Photographers in Sri Lanka.

13/05/2026

Transsition Sound Effects








5 Camera Angles and Positions
05/05/2026

5 Camera Angles and Positions








05/05/2026

10 Camera Moves






01/10/2022
12/07/2022
18/08/2021
"White Balance" ස්වේත තුලනය මේකෙන් කරන්නෙ වටපිටාවෙ තියෙන ආලෝක තත්වය කොයි වගේද කියල කැමරාවට කියල දෙන එක, මොකද කැමරාව දන්න...
04/08/2021

"White Balance" ස්වේත තුලනය
මේකෙන් කරන්නෙ වටපිටාවෙ තියෙන ආලෝක තත්වය කොයි වගේද කියල කැමරාවට කියල දෙන එක, මොකද කැමරාව දන්නෙ නෑනෙ වටපිටාවෙ ආලෝකය ලැබෙන්නෙ මොන වගේ ප්‍රභවයකින්ද කියල. සමහරවිට සූර්යයාගෙන්, නැත්තම් සංයුක්ත ප්‍රතිදීපන පහනකින්, නැත්තම් සූත්‍රිකා පහනකින් වෙන්නත් පුළුවන්නෙ.
මෙහිදි කරන්නෙ පරිසරයේ තියෙන Colour Temperature එක ගැන කැමරාවට කියන එක. ඒක නිසා අනවශ්‍ය වර්ණ වෙනස්වීම් වෙන එක වළකිනව. සාමාන්‍යයෙන් හවස් වරුවෙ තියෙන්නෙ සිසිල් නිල් පහැති ආලෝක තත්වයක්. ඉර බැස යන අවස්ථාවක, පහන් එළියක් යටතේ ඉන්නකොට එතන තියෙන්නෙ උණුසුම් කහ පැහැති ආලෝකයක්, ප්‍රතිදෙපන පහනක් යට තියෙන්නෙ කොළ පැහැති සිසිල් ආලෝකයක්. මෙහිදී කළ හැකි සැකසුම් කිහිපයක් ඔබට ලැබෙනව, ගැළපෙනම එක තෝරා ගන්න.

Daylight or Sunny
ඉතා හොඳ සූර්යයාලෝකයක් තියෙන වෙලාවට මේක තෝරන්න.

Shade
සෙවණැලි තුළ ඡායාරූපය ගන්නවනම් මේක තමයි ගැළපෙන සැකසුම.

Cloudy
අහස වළාකුළු වලින් පිරිච්චි වෙලාවකට නම් ගැළපෙන්නෙ මේක තමා.

Fluorescent
ප්‍රතිදීපන පහන් ආලෝකය යටතේ ඡායාරූප ගන්නකොට මේ සැකසුම තෝරා ගත යුතුයි.

Tungsten
සූත්‍රිකා පහන් ආලෝකයෙන් පිරිච්ච තැනක ඡායාරූප ගත යුත්තේ මේ සැකසුම යටතේ.

Flash
සැණෙලිය සමඟ ඡාආරූප ගැනීමේදී තේරිය යුතු සැකසුම තමයි මේක.

Custom
මේකෙදි ඔබට පුළුවන් හරියට ම සුදු ආලෝකය කුමක්දැයි කැමරාවට පැවසීමට. ඒ කියන්නෙ අවස්ථාවට අනුව සමුද්දේශය කුමක්දැයි කැමරාවට පැවසීමට පුළුවන්. ඔබට කරන්න තියෙන්නෙ කැමරාව සුදු යැයි හඳුනා ගතයුතු දෙයට එල්ල කර මෙම සැකසුමේදී ඡායාරූපයක් ගැනීම, ඉන් පසු කැමරාව එම වර්ණය සුදු යැයි හඳුනා ගන්නව.

මෙහි ඉහළ ඡායාරූපය auto mode එකේදීත් යටින් ඇති එක Fluorescent එකේදිත් අරගෙන තියෙන්නෙ, බලන්න වෙනස.


සම්පූර්ණ ස්වයංක්‍රීය අවස්ථාවේ කැමරාව ක්‍රියා කරන විට, කැමරාව අවශ්‍ය පරිදි white balance එක සකසා ගන්නව, නමුත් ඒක හැම වෙලේම හරියන්නෙ නෑ. ඒ වගෙ වෙලාවට ඔබ manually, white balance එක සැකසිය යුතු වෙනව.
නැත්තම ඔබට පුළුවන් ඡායාරූපය පරිගණකයට ගත්තාට පසු white balance එක හදා ගන්න, මෘදුකාංග පාවිච්චි කරල. (eg: Photoshop, Lightroom)

ලොව විශාලතම ක්‍රීඩා මංගල්‍යය වූ ඔලිම්පික් තරගාවලියේ ධාරක රූපවාහිනී විකාශකයා(Host Broadcaster) වූ Olympic Broadcast Servi...
03/08/2021

ලොව විශාලතම ක්‍රීඩා මංගල්‍යය වූ ඔලිම්පික් තරගාවලියේ ධාරක රූපවාහිනී විකාශකයා(Host Broadcaster) වූ Olympic Broadcast Services (OBS) මෙවර පසුගිය තරගාවලි වලට වඩා වැඩි තාක්ෂණයක් යොදාගනිමින් තත්වයෙන් වඩා උසස් රූපාවලි ලොවට තිළිණ කිරිමේ කර්තව්‍යය සිදුකරමින් සිටී. මේ සඳහා ඔවුන්ගේ කැපකිරීම් මෙසේයි.

අධි තාක්ෂණික UHD බාහිර විකාශ රථ - 31
Fly Away සැටලයිට් පද්ධති - 22
UHD බාහිර විකාශ කැමරා - 1,049
Slow-Mo කැමරා - 210
MiniCams - 250
RF(RadioFrequency) කැමරා - 145
කේබල් කෑම් පද්ධති - 18
ට්‍රැක් කැමරා පද්ධති - 27
ජිබ් කැමරා පද්ධති - 37
මයික්‍රොෆෝන් - 3600
පාලක රූපවාහිනි තිර - 5000+
මෙම උපකරණ බහුතරයක් රැහැන්රහිත(Wireless) වේ.

රූපවාහිනී වෘත්තිකයින් - 8100
එයින් 1200ක් පුහුණු වන වෘත්තිකයින් වේ

HD (1920x1080) Multilateral Feeds( නිවේදක හඬ රහිත) - 118
UHD (3840x2160) Multilateral Feeds( නිවේදක හඬ රහිත) - 68
HD (1920x1080) Distribution Feeds( නිවේදක හඬ සහිත) - 76
UHD (3840x2160) Distribution Feeds( නිවේදක හඬ සහිත) - 44

ඊට අමතරව නවතම පුණරූපන පද්ධති, ත්‍රිමාන මැට් පද්ධති, අංශක 360
හා 180 තාක්ෂණය, වර්චුවල් ත්‍රිමාණ සහ ද්විමාන ග්‍රාෆික නිර්මාණ අන්තර්ගත කොට ඇත. ඒ සමගම මෙම සියලු විකාශ ධාරා තත්පරයට ටෙරාබයිට් 2.7 ක වේගයකින් ඩිජිටල් ආකාරයට උඩුගත කරනු ලැබේ.

ලොව පුරා මෙම රූපධාරා විකාශය කිරීමට සම්පූර්ණ අවසර ලබාගත් විකාශන ආයතන 39 ක් සිටින අතර උප විකාශන අයිතිය ලබාගත් ආයතන 130කට අධික ප්‍රමාණයක් සිටී. මෙම සියලු විකාශකයින් ‍ලොව පුරා රටවල් 220ක් වෙත මෙම සියලු සජීවී රූපරාමු රැගෙන යනු ඇත. ශ්‍රී ලංකාව තුළ එම විකාශන අයිතිය ලබාගෙන ඇත්තේ ජාතික රූපවාහිනියයි.

©හසිත හේරත්

සද්ධර්මවර්ෂා සදහම් දේශනා මාලාව 01 "පිංවත් කුළ කාන්තාව" Zee Tv නිෂ්පාදනයක්
05/06/2021

සද්ධර්මවර්ෂා සදහම් දේශනා මාලාව 01
"පිංවත් කුළ කාන්තාව"
Zee Tv නිෂ්පාදනයක්

සද්ධර්මවර්ෂා සදහම් දේශනා මාලාව 01 "පිංවත් කුළ කාන්තාව" Zee Tv නිෂ්පාදනයක්

Address

Pannipitiya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94775785295

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Photographers Friendship Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka Photographers Friendship Association:

Share

Category