Sajith Fernando

Sajith Fernando You are welcome to explore my thoughts & feelings on "MY WALL"

I'm Glad to Share Best of my Captur

සමකෝණීMusic Video Shoot එකකට මීගමුවෙ ගිය වෙලාවකදි මේ දසුන හසුකරගත්තේ.Nikon D7000, 18-135mmf/5.6, iso 250, 1/640sec24/07/...
11/06/2025

සමකෝණී
Music Video Shoot එකකට මීගමුවෙ ගිය වෙලාවකදි මේ දසුන හසුකරගත්තේ.
Nikon D7000, 18-135mm
f/5.6, iso 250, 1/640sec
24/07/2013
Negombo, SL

මාලිගාමෙයාව මට හමුවුනේ Nature Secrets ආයතනය වෙනුවෙන් Colander එකකට පින්තූරය ගන්න එම ආයතන පරිශ්‍රෙයට ගිව අවස්ථාවකදි. එයා...
11/06/2025

මාලිගා
මෙයාව මට හමුවුනේ Nature Secrets ආයතනය වෙනුවෙන් Colander එකකට පින්තූරය ගන්න එම ආයතන පරිශ්‍රෙයට ගිව අවස්ථාවකදි. එයාලට අවශ්‍ය වුනේ ආයතන භූමිය තුල ගැවසෙන කුරුල්ලෝ දොලහකින් එයාලගේ Desk Colander එක නිර්මාණය කරන්න.
මම කුරුල්ලෙක් පස්සෙන් සීරුවෙන් යද්දි මගේ ළඟ තිබුන පඳුරකට මුවා වෙලා විමසීමෙන් හිටි වෙලාවක ඒ අසළ ඇති වෙනත් පඳුරක අත්තක මෙයා වහලා උන්නා, තමන් වගේ තුන්ගුණයක් විතර දිග කොළයකුත් උස්සගෙන. විපරම් කරද්දි මම මුවාවෙලා උන්නු පඳුරෙ තමයි මෙයාගෙ පුංචිම පුංචි කූඩුව බාගෙට නිමකරලා තිබුනෙ. මම ළඟ ඉන්න නිසා එයා වෙන පඳුරකට වෙලා බලා ඉන්නවා මම අයින් වෙනකල්.
මම සීරුවෙන් එයාගේ කූඩුව තිබුන පඳුරෙන් මෑත් වුනා. එයාගෙ වැඩේ කරගෙන යන්න අවස්ථාව දීලා. පුංචිම කුරුල්ලෙක් වුනත් පුංචිම කූඩුවක් හදන්න වෙන මහන්සිය නිසා මට ඒ පුංචි නිවස පෙණුනෙ එයාගෙ මාලිගාව වගේ...
Nikon D7000/ Sigma 150-500mm
f/ 6.3, iso 400, 1/60sec 2/10/2013
Padukka, SL

කුළුණු මතින්කාලෙකට පස්සේ කොළඹ පැත්තේ Preshoot එකකට ගියා. Pelicans ගොඩක් අපි අවට හිටියත් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න ක...
05/11/2022

කුළුණු මතින්
කාලෙකට පස්සේ කොළඹ පැත්තේ Preshoot එකකට ගියා. Pelicans ගොඩක් අපි අවට හිටියත් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න කාලයක් තිවුනේ නැහැ. ඒත් පින්තූර ගන්නා අතරේ ලැබුනු එක නිමේෂයක ඈත සිට මම හිටි ඉස්ව්වට මෙයා පියාඹගෙන ආවා. අතේ තිවුන කැමරාවෙ අමුණලා තිවුනේ 85mm Prime Lens එක. කිසිම Setting එකක් වෙනස් කලේ නැහැ. ඇත්තටම වෙනස් කරන්න කාලයක් තිවුනේ නැහැ. ගත්තු පින්තූර 4න් මම වැඩියෙන්ම ප්‍රිය කල පින්තූරෙ...
Nikon D810 - Sigma ART 85mm f/1.4 - ISO 200 - 1/200sec - f/7.1 - 05th Nov 2023 09:01am - Colombo SL

හරියටම මාස හයකට පස්සේ පින්තූරයක් එකතු කලා මගේ විශේෂම පින්තූර එකතුවට....PreShoot එකකට Panapitiya Walawwaට ගිය වෙලාවකShoot...
31/07/2022

හරියටම මාස හයකට පස්සේ පින්තූරයක් එකතු කලා
මගේ විශේෂම පින්තූර එකතුවට....
PreShoot එකකට Panapitiya Walawwaට ගිය වෙලාවක
Shoot එක අතරෙ ලද විරාමයක මම දුටු
සුන්දර ආලෝක සිතුවමක් !
Nikon D810/ 70-200 f2.8 Nikkor/ f2.8/ ISO-80/105mm
07th June 2022 09:37am

ඉලක්ක...Tickell's blue flycatcherඅවුරුදු ගානක් වනජීවී ඡායාරූපකරණයේ යෙදුනත් ඉන් පසුව විවාහ මංගල ඡායාරූපකරණයට යොමු වුනාට ප...
01/02/2022

ඉලක්ක...
Tickell's blue flycatcher
අවුරුදු ගානක් වනජීවී ඡායාරූපකරණයේ යෙදුනත් ඉන් පසුව විවාහ මංගල ඡායාරූපකරණයට යොමු වුනාට පසුව වනජීවීන්, විශේෂයෙන්ම මා ප්‍රිය කරන පක්ෂීන් ඡායාරූප වලට හසුකරගැනීමට ලද අවස්ථා බොහොමයි. ඒ වගේම විශේෂයි. මේ පින්තූරේ ගන්න අවස්ථාව ලැබුනේ මීපේ අවට Pre Shoot එකක ඉන්න වෙලාවක. ඒ වෙලාවෙ මම උන්නේ පුංචි දොළ පාරක බැහැගෙන. මෙයා මගෙ ළඟටම ඇවිත් අත්තක වැහැව්වා. වාසනාවට අතේ තිවුනේ 70-200 mm Lens එක. පරිස්සමෙන් කැමරාවට ඇහැ තියලා බලද්දි මෙයා මට ළඟ වැඩියි Focus කරගන්න. ඉන්න තැන ඉඳන්ම ටිකක් කොන්දෙන් පසුපසට බර වෙලා පින්තූර 3ක් ගත්තා. මේ ඒ අතරින් මම කැමතිම එක.
Nikon D810- Nikkor 70-200f/2.8- 1/250Sec ISO 800- f/2.8
2017-01-08 9:18am
Meepe, SL

Edgeවෙහෙසකර දවස් කීපයකට පස්සේ එක නිවාඩු දවසක්... ඒ දවස උදේ පටන්ම වැස්ස තියෙන සීතල සුන්දර දවසක්. උදේම පරිගණකයට ආවෙ වැඩක් ...
08/08/2021

Edge
වෙහෙසකර දවස් කීපයකට පස්සේ එක නිවාඩු දවසක්... ඒ දවස උදේ පටන්ම වැස්ස තියෙන සීතල සුන්දර දවසක්. උදේම පරිගණකයට ආවෙ වැඩක් පටන් ගන්න හිතාගෙන. එහෙම Folder අතරේ සැරිසරද්දි මගේ ඡායාරෑපකරණ ජීවිතේ සුන්දරම යුගයක් නැවත මතක් කරපු Folder එකක්. ඒක ඇතුලේ තිවුන මට අමතකම වෙලා ගිය පින්තූර පෙළක් !
ඒ අතරෙ තිවුන මම කිසිදිනක කිසි තැනක පලනොකල මේ පින්තූරේ...
සුන්දර කොලපැහැ පසුබිමක අපූරු පුංචි දඟකාරයෙක්. (මෙයාට ළං වුන විදිහ ගැන නම් කතා නොකර ඉමු)
පින්තූරෙ ගත්තේ මම වැඩ අල්ලපු D7000 කැමරාවෙන්. Lens එක වුනේ 85mm Macro Nikkor. Nature Secrets ආයතනයේ 2015 Desk Colander එක වෙනුවෙන් ඔවුන්ගේ කර්මාන්තශාලා භූමියෙදි හසුකරගත් මෙවැනි පින්තූර දහස් ගණනක් තවමත් මා සතුයි.
Nikon D7000/ Nikkor 85mm Macro/ ISO 400/ f/4 / 1/800sec/ Available Light/ 15/09/2014 /8:30am/ Padukka SL

මල්-සරාඡායාරූපකරණයත් සමග කාර්්‍යබහුල වත්ම බොහෝ සුන්දර ස්ථානවල සංචාරය කරන්නත් ඒ වගේම උදෑසනම සුන්දර දසුන් දකින්නටත් නිරන්ත...
23/11/2020

මල්-සරා
ඡායාරූපකරණයත් සමග කාර්්‍යබහුල වත්ම බොහෝ සුන්දර ස්ථානවල සංචාරය කරන්නත් ඒ වගේම උදෑසනම සුන්දර දසුන් දකින්නටත් නිරන්තර අවස්ථාව ලැබුනා.
මේ පින්තූරයත් එවැන්නක්. බණ්ඩාරගම උයන්වත්ත වැව ආශ්‍රිත යෙදුනු Photo Shoot එකකට සූදානම් වෙද්දි මේ සුන්දර රාමුව මගෙ නෙත ගැටුනා...
Nikon D810/70-200 f2.8/ 200mm/ 1/320sec/ f 2.8/ 22-11-2020 7:52am, Bandaragama, SL

මං තරහයි...මගේ ජීවිතේ වෙනස්කල ඡායාරූපය... මේක ගත්තේ 2012දි විතර, මට එතකොට තිබුනේ Nikon Coolpix L130 කියලා Digital Camera...
16/11/2020

මං තරහයි...
මගේ ජීවිතේ වෙනස්කල ඡායාරූපය... මේක ගත්තේ 2012දි විතර, මට එතකොට තිබුනේ Nikon Coolpix L130 කියලා Digital Camera එකක්. ඒක මට දුන්න මගේ සහෝදර පාසැල් මිතුරිය මේ මොහොතෙත් මම සිහිකරනවා.
තිබුනේ සාමාන්‍ය Digital Camera එකක් වුනත් පිංතූර උණ අහස උසට තිබුනා. ඉතිං කැමරාවත් අරන් දෙහිවල සත්ත්ව උද්‍යානයට ගියා පින්තූර එකතු කරන්න. ඒ යන අතරතුරේ මෙයාව මම දැක්කේ අහම්බෙන්. මම මෙයා උන්නු කූඩුව පහු කරන් ගියාට පස්සේ මම මෙයාව දැක්කේ. කූඩුව අයිනේ හිටි නිසා මම ආපහු ඇවිත් මෙයාගෙ පින්තූර දෙකක් ගත්තා. ඉන් පළමුවැන්න තමයි මේ. Crop එක කලේ කූඩුවෙ කම්බිදැල හසු නෙවෙන්න අවශ්‍ය වුන නිසා. නමුත් ඒකෙන් මේ බැල්ම වඩා ත්‍රීව්ර වුනා කියලා දැණුනා.
මේ පින්තූරේ ඡායාරූප සමූහයක පල වුනාට පසුව බෙහෙවින් ජනප්‍රිය වුනා. ඒ නිසාම මම ඡායාරූපකරණයට ලොකු උනන්දුවක් ඇතුව යොමු වුනා. මෙතැනින් ඇරඹි ඒ වෙනස මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වුනා...

බැඳීීීීම්...මම කවදත් ජංගම දුරකථන කැමරාවලින් පින්තූර ගන්න ඒ් තරම් උනන්දු වුන කෙනෙක් නෙවි. මට ඒ පින්තූර අවශ්‍ය පරිදි සංස්ක...
16/11/2020

බැඳීීීීම්...
මම කවදත් ජංගම දුරකථන කැමරාවලින් පින්තූර ගන්න ඒ් තරම් උනන්දු වුන කෙනෙක් නෙවි. මට ඒ පින්තූර අවශ්‍ය පරිදි සංස්කරණය කරන්න බැරි තරම් Low Resolution වීම තමයි ඒකට ප්‍රධානතම හේතුව. ඒ නිසාම මම ජංගම දුරකථනයක් මිලදී ගනිද්දි එහි කැමරාව පිළිබඳව සැලකිල්ලක් දැක්වූයෙ නැති තරමි. ඒත් අන්තිමට මිළදීගත් ජංගම දුරකථනය සතු කැමරා පහසුකම මම බලාපොරොත්තු නොවූ තරම් ඉහල මට්ටමක තිබුනා.
ඒ දුරකථනය මිළදීගෙන දින කීපයකට පසුව මට යෙදිලා තිබුන Pre Shoot එකක අවසාන කොටසේ අපිට මහ වැස්සකට මුහුණ දෙන්න සිදුවුනා. වැස්ස මැද කිසිදෙයක් කරකියාගත නොහැකිව බොහෝ වෙලාවක් වාහන තුලටම වී ගත කල අපි අවසානයේ වැස්සට ජයගන්න දීලා ආපසු පිටත් වුනත්, වාහනය තුල ඉන්න අතරේ මම දුටු මේ සුන්දර රිද්මය ජංගම දුරකථන කැමරාවෙ සටහන් කරගන්න අමතක කලේ නැහැ.
වැස්සත් එක්ක හමා ආ මහ සුළඟ මැද එකිනෙක බැඳුනු පොල්ගස් පෙළ එකිනෙකාගෙ සහයෙන් දැඩි සුළඟ මැද එයට මුහුණ ුදුන් අපූරුව...
චමත්කාරයි....
Redmi Note9 06th Sept 2020/ 05.04pm/JPG/Wadduwa

හැඩකාරිPre Shoot එකක් කරන අතරේ එක තත්පර ගානක් වැය කරලා ගත්තු පින්තූර 5-6කින් එකක් තමයි මේ. මම මේ පින්තූරෙ තෝරගත්තේ පැස්ත...
12/09/2020

හැඩකාරි
Pre Shoot එකක් කරන අතරේ එක තත්පර ගානක් වැය කරලා ගත්තු පින්තූර 5-6කින් එකක් තමයි මේ. මම මේ පින්තූරෙ තෝරගත්තේ පැස්තුඩුවගේ නිරූපනය සහ දිය මත ඇඳි සුන්දර රටාව නිසායි. උදෑසන රන්වන් ආලෝකය අපූරුවට ගැලපුනා කියලත් හිතුනා සම්පූර්ණ රාමුව ඇතුලෙ තියෙන සීමිත වර්ණ ප්‍රමාණයට.
ගෑණු ළමයෙක් Selfy එකකට Pose කරනවා වගේ පින්තූරෙ දිහා බලද්දි මට හිතුනෙ.
Nikon D810/ Nikkor 70-200mm f2.8/ ISO 80/ f - 4.5/ 1/200sec/ 4th Sept, 2020/ Colombo, SL

අම්මා...Wildlife පින්තූර ගන්න කොයිතරම් ආසාව තිබුනත් දැන් නම් ඒකට කාලය වෙන් කර ගන්න අපහසුයි. ඒත් Wedding එකක් නැති නම් Ca...
05/09/2020

අම්මා...
Wildlife පින්තූර ගන්න කොයිතරම් ආසාව තිබුනත් දැන් නම් ඒකට කාලය වෙන් කර ගන්න අපහසුයි. ඒත් Wedding එකක් නැති නම් Casual Shoot එකක් කරන අතර මේ වගේ සුන්දර අවස්ථා අත ළඟටම ලැබෙන අවස්ථාවක ඒක මඟහරින්න නම් හිත දෙන්නේ නැහැ.
මේ පින්තූරෙ ගත්තේ කැපුම්ගොඩ Visual Village Photo Location එකේ Casual Shoot එකක් කරන අතරතුරදි.
කිරලා කියන්නේ තමන්ගෙ බිත්තර සහ පැටව් ආරක්ෂා කරන්න දිවා රෑ එක සේ වෙහෙසෙන සුන්දර පක්ෂියෙක්. අණතුරක් දුටු වහාම පියාඹමින් හඬ දෙන එක එයාලගේ සිරිත. ඒ හඬ ඇසුනු වහාම අවට ඉන්න පැටව් ඉක්මණින් සැඟවෙනවා. ඒකට එයාලගේ පිහාටුවල වර්ණත් බෙහෙවින් උපකාරී වෙනවා. ඒවගේම අම්මගේ සිරිතක් තමයි තම අත් තටු අතරේ පැටව් සඟවාගැනීම. මේ ඒ වගේ අවස්ථාවක්... එක පැටවෙක් තටුවක් අතරේ හැංගෙද්දි දඟකාර අනිත් පැටියා වගක්වත් නැතිව දුව පැන ඇවිදිනවා...

Nikon D810/ Nikkor 70-200mm/ f/2.8 / 1/200sec/ ISO 500/ Kapungoda, SL

ගමනක ඇරඹුමඅවුරුදු ගානක් එක දිගට අලෙවිකරණ ක්ෂේත්‍රයේ රැකියාව කරලා අහම්බෙන් වගේ විවේකයක් ගන්න ලැබුනා මට. ඒ කාලේ මගේ සෙල්ලම...
22/03/2019

ගමනක ඇරඹුම
අවුරුදු ගානක් එක දිගට අලෙවිකරණ ක්ෂේත්‍රයේ රැකියාව කරලා අහම්බෙන් වගේ විවේකයක් ගන්න ලැබුනා මට. ඒ කාලේ මගේ සෙල්ලම්බඩුව වුනේ Nikon Coolpix L120 (මගේ හොඳම මිතුරියගෙන් ලද ත්‍යාගයක්). ඒ කාලෙ හැටියට හොඳ Digital Camera එකක්. ඒත් සාර්ථක පින්තූරයක් ගන්න ගොඩක් වෙහෙස වෙන්න සිද්ද වුනා. විශේෂයෙන් ඒ කාලේ මගේ ලොකුම ආසාව තිබුනේ පක්ෂීන්ගේ පින්තූර ගන්න එක. ඉතිං අඩු ආලෝක තත්ව යටතේ හරියට Focus කරලා පින්තූරයක් ගන්න එක ගොඩක් අමාරු වුනා. Camera එක Auto එකක් වීම ඒකට ලොකුම හේතුවක් වුනා.
ඔය කාලේ අපි හිටපු නිවස ඉදිරියේ තිබුන එකම ගසට නිතර එන මේ ගිරා කුරුළු ජෝඩුව මගේ අවධානය නිතර ඩැහැගත්තා. අසාර්ථක පින්තූර සිය ගණනක් ගන්න ඇති මම. මේ තමයි මුල්ම සාර්ථක පින්තූරය.
Nikon Coolpix L120, Settings Auto, 2012 February 14, 12.49pm, Panadura SL

Address

No: 23-1D, Mahanama Mawatha, Walana
Panadura
21500

Alerts

Be the first to know and let us send you an email when Sajith Fernando posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sajith Fernando:

Share

Category