27/04/2026
Nature's top endurance athlete!
ස්වභාව ධර්මයේ විශිෂ්ටම endurance ක්‍රීඩකයා!
Bar-tailed Godwit (Limosa lapponica) වෛර-පෙඳ ගොහොඩුවිත්තා.
March 2026
දින 11ක් එක දිගට පියාසර කර ලෝක වාර්තාව බිඳ දමා ඇති කුරුල්ලෙක්!
A bird that broke a world record by flying continuously for 11 days!
(සිංහල විස්තරය පහලින්)
The Bar-tailed Godwit holds the record for the longest nonstop flight in the world. One Bar-tailed Godwit flew from Alaska to Tasmania, covering a whopping 13,560 km (more than 8,400 miles) in 11 days without stopping! During this entire journey, it did not stop to eat, drink water, or rest. It crossed the entire Pacific Ocean nonstop!
How does the Bar-tailed Godwit do this?
These birds have specially adapted bodies:
• Before migration, to store maximum fat reserves and reduce body weight, they actually digest/shrink their internal organs (especially the digestive system)!
• They accumulate a large amount of body fat, which serves as fuel for the journey. By the end of the flight, they can weigh less than half of their original body weight.
• While flying, scientists believe they shut down one half of their brain at a time and take micro-naps for a few seconds!
• When they reach the destination, they can grow everything back as they eat!
Amazing, isn’t it?
It’s difficult for us even to fly even an aircraft for such a distance without stopping…But this bird crossed half the world and wrote a new record in history!
I took this picture near Adam’s Bridge in Taleimannar. There was only one bird present. When this rare winter visitor briefly looked my way, I felt a great sense of privilege.
Wetlands are not wastelands—let’s do all we can to protect their habitats!!
ලෝකයේ දිගම නොනවත්වා පියාසර කළ ගමන සිදු කිරීමේ වාර්තාව හිමි Bar-tailed Godwit.
මෙම Bar-tailed Godwit කුරුල්ලෙක් ඇලස්කාවේ (Alaska) සිට ටැස්මේනියාව (Tasmania) දක්වා කිලෝමීටර් 13,560ක් (සැතපුම් 8,400කට අධික) දුරක් දින 11ක් පුරා නවතා නොගෙන පියාසර කර තිබෙනවා! මේ කාලය පුරාම ආහාර ගන්නවත්, ජලය පානය කරන්නවත්, විවේකයක් ගන්නවත් නතර වී නැහැ. සම්පූර්ණයෙන්ම පැසිෆික් මහසාගරය හරහා!
Bar-tailed Godwit. මෙය කරන්නේ කොහොමද?
මෙම කුරුල්ලන්ගේ ශරීරය විශේෂ ලෙස අනුවර්තනය වී තිබෙනවා.
• ගමනට පෙර ඔවුන් උපරිම ලෙස මේදය ගබඩා කර ගැනීමට, බර අඩුකර ගැනීමට, අභ්‍යන්තර අවයව (විශේෂයෙන් ජීර්ණ පද්ධතිය) ජීරනය කර/උපරිම ලෙස හකුලා ගනී.
• ශරීරයේ මේදය (fat) විශාල ප්‍රමානයක් රැස් කරගනී — එය ගමනට ඉන්ධන ලෙස භාවිතා කරයි.
• අවසානයේ ගමන අවසන් වන විට ඔවුන්ගේ බර අඩකටත් වඩා අඩුවෙලා තිබිය හැක.
•පියාසර කරන විට, විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ඔවුන් මොළයේ අර්ධයක් එකවර අක්‍රිය කර කුඩා නින්දවල් (micro naps) ගන්නා බවයි!
සිතන්නත් අමාරුයි නේද?
විද්‍යාඥයන් කියන විදිහට, මේ කුරුල්ලා ලෝකයේ ඇති විශිෂ්ටම endurance athletes අතරට පවා ගණන් කළ හැකි සත්වයෙක්. අපිට ගුවන් යානයකවත් මෙච්චර දුර නවතා නොගෙන යාම අපහසුයි…
නමුත් මේ කුරුල්ලා ලෝකයේ අඩක් පුරා පියාසර කරලා ඉතිහාසයට නව වාර්තාවක් ලියලා තියෙනවා!
මම මේ පින්තූරය ගත්තේ, තලේමන්නාරමේ ආදම්ගේ පාලම අසල. හිටියේ එක පක්ශියෙක් පමනයි. මේ විරල ආගන්තුක පක්ශියා ටිකකට මා වෙත ඇස යොමු කරනකොට මට දැනුනේ ලොකු වාසනාවක් ලෙසයි.
තෙත්බිම් මුඩු බිම් නෙමේ. එවා රැකගනිමු, පනසේ.