03/01/2026
කුමන වනෝද්‍යානයේ තවත් දවසක්, අපි ප්‍රදාන පාර දිගේ කුමන විල්ලුව දෙසට ගමන්කරමින් සිටියේ. අපට ඉදිරියෙන් විශාල පලු ගහක් යට යාන්තමට අපි දිහාවට යොමු උන ඇස් දෙකක්, යන්තම් පෙනුන ඔලුවක් නිසා අපේ ගමන නැවතුනා. පලු ගහ යට පැදුරු අතර සගවා සිටියේ හොදට වැඩුණු පිරිපුන් කොටියෙක්. අපිත් සමග තව සෆරී රථ කීපයක් මේ කොටිය නරබමින් සිටිය. කොටියෙක් කැලේ හම්බ උනොත් පුළුවන් තරම් වෙලා ඌව බලන් ඉන්න එක අපේ පුරුද්දක් වෙලා.
සැහෙන වෙලාවකට පස්සේ කොටිය නැගිට්ට, ගස් අතරින් හිමිහිට යන්න පටන්ගත්තේ බගුර කලපුව මැද්දේ තිබුන මලිත්තන් ගහක් පැත්තටයි. මලිත්තන් ගහ යට ලොකු තුබසක් තිබුන. කොටිය තුබස ලගින් නොපෙනී ගියා. අපි හිතුවේ ෂෝ එක ඉවරයි කියල, අපිට ඇතින් තිබුන වෙන සෆාරි රථයකට නම් තාමත් කොටිය පේනවා වගේ, අපිත් නැවතිලා බලන් හිටිය මොකද වෙන්නේ කියල. වැඩි වෙලාවක් බලන් ඉන්න උනේ නෑ, කොටිය අපහු තුබස ලගින් මතු උනේ කටින් මොනවා හරි බර දේකුත් ඇදගෙනයි. ඌ කෙලින්ම ආවේ කලින් හිටිය පලු ගහ පැත්තටමයි. ලං වෙද්දී ඒ ඇදගෙන එන්නේ කුළු හරක් පැටියෙක් කියල අපි දැක්ක.
කොටිය අපි දකිනකොටත් දඩයමක් කරලා එක මග දාල ඇවිල්ල හැංගිලා ඉද්ල තියෙන්නේ. මේවගේ හැසිරීම් අපි කලින් දැකල තියනවා, රංචුව පිටින් ඉන්න කුළු හරකුන්ගේ පැටුන් කොටින්ගේ ප්‍රදාන දඩයමක්. හැබැයි දඩයම කලාට කුළුහරක් රංචුව එක්ක සටනට යන්න නම් ඌ සූදානම් නෑ. කුළුහරක් රංචුව පිටින් එද්දී කරපු දඩයම පැත්තක තියල පන එපා කියල දුවන කොටිය කරන්නේ කොහේ හරි සැගවිල කුළු හරක් යනකම් බලන් ඉන්න එක. කොටියට ගොදුරු උන පැටව මැරිලා කියල දැනගත්තම කුළුහරක් එතනින් ඉවත් වෙලා යනවා. මේකත් ඒ වගේ සිද්ධියක් වගෙයි පෙනුනේ.
කොහොමහරි කුළු හරක් පැටිය ඇදගෙන ආපු කොටිය කලින් හිටිය පලු ගහත් පහු කරගෙන අපේ සෆාරී රථ අතරින්ම පාර හරහට දඩයම ඇදගෙන ගියා. පාරෙන් එහාපැත්තෙ හොදින් වැඩුන තවත් පලු ගහක් තුබුන. ඒක යටනම් අලියෙක් හිටියත් පෙන්නේ නෑ. ඒ අසලම දිය කඩිත්තක්, නිදහසේ දඩයම බුක්ති විදින්න කියාපු තැන. කොටිය ගහ උඩට නගියිද කියල අපි ටිකක් වෙලා බලන් හිටිය. අදට ෂෝ එක ඉවරි වගේ. ෆොටෝස් නම් 1000ක් විතර ගහන්න ඇති, මේ ඒවායින් එකක්, බලන්න මේ වගේ කොටි කටකට අහු උනොත් නම් ගැලවීමක් නෑ.
හොදට ලියුනාද මන්ද, හොදි නම් පොඩි කමෙන්ට් එකක් දන්නා. ෆොටෝ එක නම් කොහොමත් හොදයි නේ :D
We first noticed the leopard as nothing more than a peeking head in the vegetation - motionless, almost invisible - hidden deep in the undergrowth beneath a large Palu tree beside the gravel road at Kumana National Park. The lagoon lay calm nearby, giving no hint of the drama that had already unfolded.
After a long stillness, the leopard began to move. Low, deliberate, and silent, it slipped away from the cover and headed toward the middle of the lagoon, using every bit of vegetation to stay unseen. Time passed, and then we saw it again—this time with purpose.
Emerging from the grass, the leopard had something clamped firmly in its jaws. As it dragged the weight forward, the truth became clear: a water buffalo calf. The kill had clearly happened earlier. The leopard, patient and calculating, had likely left its prize hidden until the adult buffalo moved away, returning only when the danger had passed.
With astonishing strength, the leopard dragged the heavy calf toward the road. It didn’t hesitate or pause as it crossed in front of us, completely focused on its task. Then, without breaking stride, it pulled the kill across the road and into dense undergrowth beneath another massive Palu tree on the opposite side of the lagoon.
A small waterhole lay nearby, and the thick vegetation shielded the spot perfectly from view—a secluded refuge away from disturbance. It was an ideal place for the leopard to feed in peace.
, , , , , , , , , , , , , , , , , , , , , , , , ,