කැප්චර් - Capture

කැප්චර් - Capture Let's understand the world through photography

22/02/2026

Nature❤️❤️🪶 use 👉🎧




















08/02/2026

කල්‍යාණ මිත්‍ර සෙවණේ පියවර මැන යන මේ පින්බර දසුන ඔබේ දවසම සුවපත් කරාවි. 🙏✨


​ ​ ​
​ ​
​ ​ ​
​ ​ ​ ​ #බුදුසරණයි​ #සමනේර​ #පුංචිසාදු
​ #ලංකාව​ #පින්බර_සිතුවිලි​ #සදහම්_අරණ

05/12/2025

ශ්‍රී ලංකාව යනු පෘථිවි ඉතිහාසයේ වසර බිලියන 2 කට වඩා පැරණි පාෂාණ ස්ථර වලින් නිර්මාණය වූ භූ ස්කන්ධයකි. අතීතයේදී අපේ රට ඉන්දියාව, අප්‍රිකා, ඕස්ට්‍රේලියා සහ ඇන්ටාක්ටිකා මහාද්වීප එක්ව තිබූ අතිවිශාල ගොන්ඩ්වානා මහාද්වීපයේ කොටසක් විය.

භූ තැටි චලනය වීම නිසා, ඒ යෝධ ගොන්ඩ්වානාව බිඳීයාම ඇරඹුණි. ඉන්දියානු භූ තැටිය, ලංකාව ද සමඟ ඊසාන දෙසට ගමන් කරන්නට විය. ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් භූ විද්‍යාත්මකව වෙන්වීම ආරම්භ වූයේ, මීට වසර මිලියන 130 කට පමණ පෙරය.

අවසන් අයිස් යුගයේ මීට වසර 10,000 කට පෙර මුහුදු මට්ටම පහළ බැස තිබූ අවස්ථාවේදු ඉන්දියාව හා ශ්‍රී ලංකාව 'ආදම්ගේ පාලම' හරහා ගොඩබිම් පාලමකින් සම්බන්ධ වී තිබුණි. එහෙත් මුහුදු මට්ටම තවදුරටත් ඉහළ යාම නිසා ඒ සම්බන්ධය යට වී ගොස් ශ්‍රී ලංකාව දූපතක් බවට පත් විය.

අද අපි දකින මධ්‍යම කඳුකරය ඇති වූයේ ප්ලයිස්ටොසීන යුගයේදී එනම් මීට වසර මිලියන 2.6 සිට 11,700 දක්වා ඇති වූ උත්ක්‍ෂිප්තවීමකිනි. ඩයිනෝසර යුගය ලෙස සැලකෙන ජුරාසික යුගයේදී ලංකාව ඉන්දු-ඕස්ට්‍රේලියානු භූතැටියේ කොටසක් ලෙස තිබුණි. ලංකාවේ පාෂාණ වලින් 90% ක්ම පොසිල සංරක්ෂණයට නුසුදුසු විපරීත පාෂාණ බැවින් ඩයිනෝසර පොසිල හමු වී නැත. එහෙත් පුත්තලම් දිස්ත්‍රික්කයේ තබ්බෝව ප්‍රදේශයෙන් ජුරාසික යුගයට අයත් ශාක පොසිල (කේතුධර ශාක, සයිකේඩ් සහ පර්ණාංග) හමු වී ඇත.

මෙම සාක්ෂි වලින් පෙනී යන්නේ විශාල ඩයිනෝසරයන් නොවුණත්, ඉන්දියාවේ මෙන් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ඇබිලිසෝරයන් වැනි මාංශ භක්ෂකයන් සහ ටයිටනොසෝරයන් වැනි ශාක භක්ෂකයන් කුඩා කණ්ඩායම් ලෙස, මේ භූමියේ එදා සැරිසරා තිබීමට ඉඩ තිබුණු බවයි. ඩයිනෝසරයන් වඳ වී යාමෙන් පසුව ඇති වූ ක්ෂීරපායී යුගයේදී, ශ්‍රී ලංකාවේ සිටි විශාල සතුන්ගේ (පැරණි අලි, රයිනෝසිරස්, හිපපොටේමස් වැනි) පොසිල ප්ලයිස්ටොසීන යුගයට අයත් තැන්පතු තුළින් හමු වී ඇත.

මේ හැමකාලයේම මෙරට මධ්‍යම කඳුකරය යනු, දූපතේ දේශගුණය, ජල විද්‍යාව සහ ජෛව විවිධත්වය පාලනය කරන ප්‍රධාන භූගෝලීය ලක්ෂණයයි. එහි බිහිවීම වසර බිලියන ගණනක භූ විද්‍යාත්මක ඉතිහාසයක් පුරා සිදුවූ අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි. කඳුකරය සෑදී ඇත්තේ ප්‍රධාන වශයෙන් පූර්ව කේම්බ්‍රියන් යුගයට අයත්, එනම් වසර මිලියන 540 කට වඩා පැරණි පාෂාණ වලිනි. මෙම පාෂාණ පෘථිවියේ පැරණිතම පාෂාණ අතරට අයත් වේ.

අද අප දකින උස්බිම් සහ කඳු මුදුන් සෑදී ඇත්තේ භූගෝලීය ඉතිහාසයේ විවිධ කාලවලදී සිදු වූ විශාල වශයෙන් පොළොව ඉහළ නැගීම් (Uplifts) මාලාවක් හේතුවෙනි. ඉන්දියානු භූ තැටිය උතුරට ගමන් කරමින් ආසියානු තැටිය සමඟ ගැටීම නිසා ඇති වූ පීඩනය ඔස්සේ පාෂාණ ඉහළට තල්ලු වීමෙන් අපේ කඳුකරය නිර්මාණය විය.

පසුව ජලය හා සුළඟ මගින් සිදුවූ ඛාදනය නිසා, අද අපි දකින නිම්න, දුර්ග මාර්ග සහ තියුණු කඳු මුදුන් වැනි භූ ලක්ෂණ ඇති විය.

"අපේ කඳුකරය අස්ථායිද?"

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය භූ විද්‍යාත්මකව ගත් කල, සාමාන්‍යයෙන් ස්ථායී කලාපයක් ලෙස සැලකේ. ලංකාව පිහිටා ඇත්තේ ප්‍රධාන භූ තැටි සීමාවලින් ඈතින්ය. එබැවින් විශාල භූ කම්පන ක්‍රියාකාරීත්වයක් මෙහි දක්නට නොලැබේ. මේ නිසා, සමස්තයක් ලෙස, මධ්‍යම කඳුකරය භූ විද්‍යාත්මකව ඉතා ස්ථායී ය. එහෙත් ඇතැම් අවස්ථා වලදී අස්ථායී වේ. මෙම ස්ථායිතාවට බලපාන ප්‍රධාන සාධක දෙකක් තිබේ,

මෝසම් වැසි සමයේදී කඳුකරයට ලැබෙන අධික වර්ෂාපතනය අස්ථායිතාවයට ප්‍රධාන හේතුවයි. පස් සහ පාෂාණ ස්ථර ජලය උරා ගැනීමෙන් ඒවායේ බර වැඩි වී, පාෂාණ ස්ථර අතර ඝර්ෂණය අඩු කරයි. භූගත ජල පීඩනය වැඩි වීමෙන් බෑවුම් ලිස්සා යාම පහසු වේ.

මධ්‍යම කඳුකරයේ අස්ථායිතාවය වැඩි වීමට අනෙක් හේතුව වන්නේ මානව මැදිහත්වීම් ය. ස්වාභාවික වනාන්තර සහ ශාක පද්ධති ඉවත් කිරීම මගින් පස බැඳ තබාගැනීමේ ශක්තිය නැති වී යයි. මාර්ග තැනීම, වතු වගාව හෝ ගොඩනැගිලි සඳහා කඳුකර බෑවුම් විශාල වශයෙන් කැපීම, ස්වාභාවික සමතුලිතතාවය බිඳ දමයි.

මෙසේ මෙම සාධක දෙකේ සංකලනය නිසා ඇති වන 'නායයාම්' යනු මධ්‍යම කඳුකරයේ ඇති ප්‍රධානතම ස්වාභාවික ආපදාවයි.

'සමනළ කන්ද යමහලක් ලෙස සක්‍රිය වූයේ කවදාද?'

සමනළ කන්ද කිසිම විටෙක සක්‍රීය හෝ අක්‍රීය ගිනි කන්දක් (යමහලක්) ලෙස ක්‍රියාත්මක වූ බවට භූ විද්‍යාත්මක සාක්ෂි නොමැත. එය කේතුකාකාර හැඩයක් ගත්තද, එය ගිනි කන්දක් නොවේ. එහි භූ විද්‍යාත්මක ව්‍යුහය සහ බිහිවීම සම්පූර්ණයෙන්ම වෙනස්ය.

සමනළ කන්ද ඇතුළු ශ්‍රී ලංකාවේ සමස්ත මධ්‍යම කඳුකරයම බිහිවී ඇත්තේ ගිනිකඳු පාෂාණ වලින් නොව, වසර බිලියන ගණනක් පැරණි විපරීත පාෂාණ (Metamorphic Rocks) වලිනි. ඒවා බිහිවන්නේ ගිනි කන්දක් මෙන් මැග්මා පුපුරා යාමෙන් නොව, භූ තැටි චලනයන් නිසා ඇති වූ පීඩනය හේතුවෙන් දැඩි පාෂාණ ස්ථර ඉහළට තල්ලු වී, උත්ක්‍ෂිප්ත වීමෙන්ය. ලංකාව භූ තැටි සීමාවලින් ඈතින්, ස්ථායී කලාපයක පිහිටා ඇති නිසා ගිනි කඳු ඇතිවීමට අවශ්‍ය භූවිද්‍යාත්මක පසුබිමක් මෙහි නොමැත.

සමනළ කන්දට එහි අපුරු තියුණු කේතුකාකාර හැඩය ලැබී ඇත්තේ, අවට ඇති පාෂාණ ස්ථර ඛාදනය වී ගිය පසු, එහි දැඩි පාෂාණ ස්කන්ධය ඉතිරි වීම හේතුවෙනි.

'කදුකරයේ ජීවත් වෙන්න කැමති නම්?'

පදිංචි ස්ථානය නායයාම් අවදානම් කලාපයක් ද නැද්ද යන්න පිළිබඳව NBRO මගින් ලබා දෙන සිතියම් පරීක්ෂා කරන්න. අවදානම් කලාපවල ඉදිකිරීම් නවත්වන්න. නායයෑම් සඳහා ප්‍රධානතම හේතුව ජලයයි. ඒ නිසා ගෙවත්තේ හෝ ගොඩනැගිල්ල වටා ජලය එකතුවීම වළක්වන්න. පිටවන ජලය නිසි කාණු පද්ධති යොදාගෙන ආරක්ෂිතව පහළ ප්‍රදේශ වලට යොමු කරන්න. කඳු කැපීමෙන් වළකින්න. බෑවුම්වල ඇති ගස් සහ විශාල පඳුරු ඉවත් කිරීමෙන් වළකින්න. හිස් හෝ අවදානම් සහිත බෑවුම්වල පස බැඳ තබාගැනීමේ ශක්තිය වැඩි ශාක (උදා: පැණි දොඩම්, තේ, ඇතැම් තෘණ වර්ග) රෝපණය කරන්න. බෑවුම් ලිහිල් කරන ශාක රෝපණය කිරීමෙන් වළකින්න.

ගංගා, ඇළ දොළ සහ ජල මූලාශ්‍ර ආසන්නයේ ඉදිකිරීම් කිරීමෙන් සහ පස් දැමීමෙන් වැළකී, ගංවතුරකදී ගලා යාමට ජලයට නිදහස් මාර්ගයක් ලබා දෙන්න. නිවසේ බිත්තිවල සහ බිම හදිසියේ ඇතිවන ඉරිතැලීම්, දොර ජනෙල් ඇඹරීම්, කන්දෙන් පහළට ගලා එන ජලයේ පැහැය වෙනස් වීම හෝ මඩ මිශ්‍ර වීම්, අසාමාන්‍ය ශබ්ද (ගස් කැඩෙන, ගල් පෙරළෙන ශබ්ද) ඇසීම ආදීයේදී පවුලේ සියලු දෙනාටම ක්ෂණිකව ඉවත් විය හැකි ආරක්ෂිත මාර්ගයක් සහ ආරක්ෂිත ස්ථානයක් (නෑදෑ නිවසක්, පොදු ගොඩනැගිල්ලක්) කල්තියා හඳුනාගන්න.

භූතානයෙන් ගතහැකි ආදර්ශ!

භූතානය යනු හිමාල කඳුකරයේ පිහිටි කුඩා රාජ්‍යයක් වන අතර, ලොව ඇති එකම කාබන් සෘණ රට ලෙස ප්‍රකටය. ඔවුන්ගේ ව්‍යවස්ථාව අනුව රටේ භූමි ප්‍රමාණයෙන් අවම වශයෙන් 60% ක් වනාන්තර ලෙස පවත්වාගෙන යාම අනිවාර්යය.

අපේ කඳුකරයේ බොහෝ පාරිසරික වශයෙන් වැදගත් භූමි ප්‍රදේශ (වනාන්තර) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ නොපවතින අතර, බොහෝ විට වතු සමාගම් හෝ පෞද්ගලික අංශය යටතේ පවතී. භූතාන ආදර්ශය අනුව අවම වශයෙන් මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශ වලින් අවම 60% ක් වනාන්තර ලෙස පවත්වාගෙන යාම වැදගත් ය.


භූතානය දැඩි නීති රීති පැනවීම මගින් සංචාරකයන්ගේ ගලා ඒම පාලනය කරයි. ඔවුන්ගේ අරමුණ වන්නේ සංචාරකයන්ගේ ගුණාත්මකභාවය මිස, ප්‍රමාණය වැඩි කිරීම නොවේ. ලංකාව ද විශාල සංචාරක සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීම වෙනුවට, ඉහළ ආදායමක් ගෙන දෙන සංචාරක ව්‍යාපාරයක් වෙත යොමු විය යුතුය. එමගින් ස්වභාවික සම්පත් (වෙරළ, කඳුකරය) මත ඇතිවන පීඩනය අඩු වන අතර, ඔවුන් රට තුළ රැඳී සිටින කාලය වැඩිවනු ඇත.

අවසන් වශයෙන් ,මෙරට මධයම පළාතේ ජීවත් වන ජනතාව නවීන පහසුකම් අපේක්ෂා කරන පිරිසක් බැවින්, භූතානය අනුගමනය කරන 'සරල දිවි පෙවෙත' අනුගමනය කිරීමට ඔවුන් තුළ කැමැත්තක් නොතිබිය හැකිය. ඒ නිසා මේ අර්බුද මෙතැනින් අවසන් වේ යැයි සිතිය නොහැක.

✍️ සාගර දියගම
[email protected]

23/11/2025
23/11/2025

Sony a6000 + lightroom
22/11/2025

Sony a6000 + lightroom

22/11/2025
15/11/2025

#

14/11/2025

14/11/2025

Address

Nugegoda

Telephone

+94773968809

Website

Alerts

Be the first to know and let us send you an email when කැප්චර් - Capture posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category