06/01/2023
මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගම්පහසිය පත්තුවේ පිහිටි මාතලේ අලුවිහාරය ආගමික, සංස්කෘතික, ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථානයකි. ක්‍රි:පූ 1 වෙනි සියවසෙහි වළගම්බා රාජ්‍ය සමයේ ත්‍රිපිටක බුද්ධ ධර්මය තල්පත්වල ග්‍රන්ථාරූඩ කිරීම මෙම ස්ථානයේදී සිදුවිය. ත්‍රිපිටකය ග්‍රන්තාරුඩ කිරීම පිළිබද තොරතුරු ගෙන එන අස්ගිරි තල්පත මෙසේ සදහන් කරයි; 500 මහරහතන් වහන්සේලා මාතුල දනව්වේ අලුලෙනට රැස්ව.... බුදුන් පිරිනිවී සාරසිය සු පනස් වසක් ඉක්ම්මවී ගිය තැනේ සන්ගායනාකොට ග්ර්න්තාරුද කල සේක.
දීපවංශය, මහාවංශය, අස්ගිරි තල්පත, නිකාය සංග්‍රහය, පුජාවලිය වැනි ඓතිහාසික ග්‍රන්ථ ඇසුරෙන්, බ්‍රහාමි ශිලාලිපි ඇතුළු පෞරාණික නටබුන් තුලින් හා ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව පැවති යුගයේදී කල පර්යේෂණ වලදී අලුවිහාරයේ පුරා විද්‍යාත්මක අගය සොයාගනු ලැබිය. අලුවිහාරය යනු මෙම විහාරස්ථානයේ නමය. ඉතිහාසයේ මුල් යුගවල සිටම ආලෝකලෙන නමින් මෙම විහාරස්ථානය හැදින්විය. ආලෝකලෙන පසුව අළුලෙන, අලුවිහාරය බවට පත්විය