WILD of ISLE by Tharanga

WILD of ISLE by Tharanga Wildlife and Nature Photographer, Wildlife Enthusiast, Medical Doctor �

ශ්‍රී මේඝ - Sri Meghaමේ වතාවෙත් කුමන ආවෙ Scentගෙ පැටියව කොහොමහරි බලන්න හිතාගන. ඒවුනාට අපේ දවස් තුනෙන් පළවෙනි දවස් එකහමාර...
16/06/2026

ශ්‍රී මේඝ - Sri Megha

මේ වතාවෙත් කුමන ආවෙ Scentගෙ පැටියව කොහොමහරි බලන්න හිතාගන. ඒවුනාට අපේ දවස් තුනෙන් පළවෙනි දවස් එකහමාරම හොදටම වැස්ස. Leopard sightings එකක්වත් තිබ්බෙ නෑ. Mating coupleඑකක් ඉන්නව කියල කියපු නිසා දවල් 1.00 ඉදල කුමන වැව පාරෙ වාහනය නවත්තගන හිටිය පැයක් විතර. අපේ luckඑකට mating coupleඑක අපිට 50m විතර ඉස්සරහින් පාරට ඇවිත් විනාඩි 20ක් විතර පාරෙ ඉදල ගිහිල්ල. වෙන කිසිම හෝඩුවාවක් නැති තැන අපි කිරිගල්බේ පැත්තට එන්ඩ හැරුන. ඒත් මගදි ආරංචිවුනා පැටිය ඉදල පාරදිගේ ආපහු ගිහින් කියල. ඒත් අපි කෝකටත් කියල bungalow පාරට හැරෙව්ව. මෙන්න එතකොට මෙයා වහනයකින් වැටුන Bean Bag එකකුත් අරගන පාර අයිනට වෙලා ඒක හප හප සෙල්ලම් කරනව.
මේඝගෙ වයස දැන් අවුරුද්දයි. සාමාන්‍යයෙන් පිරිමි කොටි පැටියෙක් අම්මත් එක්ක අවුරුදු 2ක් ඉන්නව. කොටි අම්ම පැටියව අනිත් ලොකු පිරිමි කොටින්ගෙන් ආරක්ෂා කරන අතරම එයාව හොදට train කරනව hunt කරන්ඩ වගේම survive වෙන්ඩත්. සත්තු කියල නෑ අම්ම කියන්නෙ අම්මම තමයි නේද?

This time too, I came to Kumana determined to somehow see Scent's cub. However, out of our three days, it rained heavily for the first day and a half. There wasn't a single leopard sighting. Since we heard there was a mating couple around, we parked our vehicle on the Kumana Wewa (Tank) road from 1:00 PM for about an hour. Lucky for us, the mating couple came onto the road about 50m ahead of us, stayed on the road for about 20 minutes, and then left.
With no other clues in sight, we turned to head back towards the Kirigalbe area. But along the way, we heard that the cub had been around and had gone back along the road. Even so, just in case, we turned onto the bungalow road. And lo and behold, there he was by the side of the road, playing with and chewing on a bean bag that had fallen from a vehicle!
Megha is now one year old. Generally, a male leopard cub stays with its mother for about two years. While protecting the cub from other large male leopards, the mother leopard trains him well on how to hunt as well as how to survive. Animals or not, a mother is always a mother, isn't she?

Date-13.6.2026

Nikon Z 9 with f 2.8 400mm TC.

Tracker Chanaka Ruwan
Safari Driver Kumana Safari Sandun

Follow this page https://www.facebook.com/profile.php?id=61569646726120

‘Love Is in the Air’“රිට්ටා සහ අවී”-Ritta and Aviකොටි දෙන්නක් mate කරනව දකින එක ලේසි දෙයක් නෙමෙයි. කිරිගල්බේ පාරෙ ඉන්න ක...
15/06/2026

‘Love Is in the Air’
“රිට්ටා සහ අවී”-Ritta and Avi

කොටි දෙන්නක් mate කරනව දකින එක ලේසි දෙයක් නෙමෙයි. කිරිගල්බේ පාරෙ ඉන්න කොටි පැටියව බලන්න යන්නෙ නැතුව කුමන වැව පාරට වාහනය හැරෙව්ව විතරයි, දෙන්න ඉන්නව පාර අයිනෙ. සාමාන්‍යයෙන් කියන්නෙ මිනිස්සුන්ගෙ වගේ කොටින්ගෙ regular ovulation cycle එකක් නැහැ. ඒගොල්ල එකදිගට mate කරද්දි තමයි ඩිම්බ පිටවෙලා සංසේචනය වෙන්නෙ. ඒනිසා එකදිගට දවස් 3 සිට 7 දක්වා එක දිගටම දවසට 70 ඉදලා 100වතාවක් දක්වා mate කරනවා. සත්තුන්ගේ හැසිරෟම් හරිම වෙනස්. මේගැන ඔයාට මෙනවද හිතෙන්නෙ?

Seeing two leopards mating is no easy feat. Just as we turned the vehicle onto Kumana Wewa Road instead of going to see the leopard cub on Kirigalbe Road, there they were by the roadside. It is generally said that leopards don’t have a regular ovulation cycle like humans do. It is when they mate continuously that eggs are released and fertilized. Because of this, they mate continuously for 3 to 7 days, up to 70 to 100 times a day. Animal behaviors are truly fascinating. What do you think about this?

Date-14.6.2026

Nikon Z 9 with f 2.8 400mm TC lens.

Tracker Chanaka Ruwan
Safari Driver Kumana Safari Sandun

Follow this page https://www.facebook.com/profile.php?id=61569646726120

Greater Racket-tailed Drongo.මෙයාගෙ නම ගොඩක් තැන්වල මහ කවුඩා කියල සිංහලෙන් හදුන්වල තිබුනත් සරත් කොටගම මහතා සහ ගාමිනී එදි...
10/06/2026

Greater Racket-tailed Drongo.

මෙයාගෙ නම ගොඩක් තැන්වල මහ කවුඩා කියල සිංහලෙන් හදුන්වල තිබුනත් සරත් කොටගම මහතා සහ ගාමිනී එදිරිවීර මහතා විසින් සම්පාදිත Birds of Srilanka an Illustrated Guide පොතේ සිංහල භාෂාවෙන් හදුන්වාදී ඇත්තේ “පිති පෙද කවුඩා” ලෙසයි. මේ පිලිබදව ඔවගේ අදහස comments section එකේ දක්වන්න.

විශේෂ ස්තුතිය මෙම කරුණ පෙන්වාදුන් Uddika Amarasinghe මහතාට.

Nikon Z 8 with f 6.3 800mm.

Follow my page https://www.facebook.com/profile.php?id=61569646726120


09/06/2026

මහ කවුඩා-Greater Racket-tailed Drongo(Dicrirus paradiseus).

ලංකාවේ කවුඩන් විශේෂ හතරක් දකින්න ලැබෙනවා.
1.ශ්‍රී ලංකා සිළු මහ කවුඩා( Srilanka Crested Drongo)- මේ තමයි අපිට ඉන්න එකම ආවේනික කවුඩු විශේෂය.

2. මහ කවුඩා(Greater Racket-tailed Drongo- මේ ඉන්නේ එයා තමයි.

3.කවුඩා(While-bellied Drongo- මේ තමයි අපි හැම තැනම දකින බඩ සුදු කවුඩා.

4. අළු කවුඩා(Ashy Drongo)- මෙයා අපි කලාතුරකින් දකින සංචාරක කවුඩු විශේෂයක්.

මහ කවුඩා ලේසියෙන් මේ විදිහට දකින්න ලැබෙන්නෙ නෑ. ප්‍රමානයෙන් විශාල වගේම දිග වලිගය නිසා මෙයා හරිම ලස්සනයි. සාමාන්‍යයෙන් හරිම ලැජ්ජාශීලී සතෙක්.කලාතුරකින් තමයි මෙහෙම එක තැනක ටික වෙලාවක් ඉන්නෙ.

Nikon Z 8 with f 6.3 800mm lens with Monopod.

“අරංගයා”-“Srilanka Whistling Thrush” (Myophonus blighi)මේතරම් ලස්සන නිල්පාටක් සොබාදහම කොහොම මැව්වද කියල හිතෙනව. දවසම බලන...
08/06/2026

“අරංගයා”-“Srilanka Whistling Thrush” (Myophonus blighi)
මේතරම් ලස්සන නිල්පාටක් සොබාදහම කොහොම මැව්වද කියල හිතෙනව. දවසම බලන් හිටියත් එපාවෙන්නෑ…..

අරංගයා කියන්නෙ ලංකාවට ආවේණික වදවීමේ තර්ජනයට ලක්වුන කුරුල්ලෙක්. හැමදාම කෑ ගහන හඩ ඇහුනත් මේපාර තමයි ලස්සනටම දකින්න පුලුවන් උනේ.

It makes me wonder how nature created such a beautiful shade of blue. I could stare at it all day and never get tired of it...
The Sri Lanka Whistling Thrush (Arangaya) is an endangered bird endemic to Sri Lanka. Even though I hear its call every day, this is the first time I got to see it so beautifully

Nikon Z 9 with f 2.8 400mm TC

Follow my page https://www.facebook.com/profile.php?id=61569646726120


Big shout out to my newest top fans! 💎Binara Kodithuwakku, Nadeera Ranasinghe, Chanaka Edhirisinghe, Uditha Dias, Nishan...
07/06/2026

Big shout out to my newest top fans! 💎

Binara Kodithuwakku, Nadeera Ranasinghe, Chanaka Edhirisinghe, Uditha Dias, Nishanth Devaruban, Amila Siriwardena, Isuru Praveen Ranasinghe, Sineth Dileep, Pramil Tharanga, Mahesh J Ekanayaka, Dushan Wijesinghe, Heshan Galwalakumbura, Hildegard Anliker, Harindra Nayanajith, Sarath De Vass Gunawardane, Ranganath Kirindage

Drop a comment to welcome them to our community, fans

06/06/2026

Srilanka Jackal- “නරියා”(Canis aureus nariya)

A subspecies of Golden Jackal native to the Isle and South India.

උදේම golden lightඑකේ මේ වගේ නරි පැටව් දෙන්නෙක් සෙල්ලම් කරනව දකිනව කියන්නෙම මහ පිස්සුවක්……

Seeing two little fox cubs playing like this in the early morning golden light is just pure bliss……

Nikon Z 9 with f2.8 400mm TC

Safari Driver Wilpattu Asinka Suresh

‘නිළමේ’යාල ඉන්න තවත් ලස්සන සහ විශාල කොටියෙක්. මෙයා ලූකස් එක්ක එකට හම්බවුනා 2023දී. ඊට පස්සෙ තමයි මේ විදිහට පිලිවලට වාහන ...
05/06/2026

‘නිළමේ’

යාල ඉන්න තවත් ලස්සන සහ විශාල කොටියෙක්. මෙයා ලූකස් එක්ක එකට හම්බවුනා 2023දී. ඊට පස්සෙ තමයි මේ විදිහට පිලිවලට වාහන මගඇරල photo එකක් ගන්න ලැබුනෙ.

“Nilame"
Another beautiful and large leopard living in Yala. He was spotted together with Lucas back in 2023. It was only after that we managed to get a proper photo of him like this without too many vehicles in the park.

Nikon Z 8 with f2.8 70-200 mm lens.

Safari Driver Maari Yala Safari
Tracker Krishantha (Sudda)

Follow this page https://www.facebook.com/profile.php?id=61569646726120

02/06/2026

මේ ඉන්නෙ මේදවස්වල කාගෙත් හිත් හොරා ගත්තු උලමා පැටිය. මෙයා දැන් ලොකුවෙලා nest එකෙන් ගිහිල්ල ඉවරයි. ඒකයි මේ vedio එක දාන්න හිතුවෙ. වැස්සෙ තෙමි තෙමී, මහ කන්දක් වැටි වැටී නැගල photos අරගත්තෙ මෙයාගෙ තමයි.

This is the little Spot-bellied Eagle-Owl (Ulama) chick who stole everyone's hearts these days. He is all grown up now and has already left the nest. That's why I thought of posting this video. Getting drenched in the rain, slipping and falling on a massive mountain—all those photos I took were of him.

Especial thanks to Thilak E.W.

Nikon Z 9 with f 2.8 400mm TC

Meeting Yala’s Living Legend: Lucas 👑🐆There are wildlife encounters that leave you breathless, and then there are moment...
29/05/2026

Meeting Yala’s Living Legend: Lucas 👑🐆

There are wildlife encounters that leave you breathless, and then there are moments where time completely stands still.

We were quietly navigating a trail in Yala National Park when the thick scrub suddenly parted. Stepping out from the shadows directly in front of our safari jeep was none other than Lucas—one of the most iconic, battle-hardened male leopards (Panthera pardus kotiya) on the island.

Look closely at the scars etching his face. They are the hard-won medals of an apex predator who has successfully defended his territory for years in the rugged dry-zone wilderness of Sri Lanka.

He paused, locked his piercing, pale-green eyes right with my lens, and effortlessly crossed the track before vanishing back into the emerald green.

Sri Lanka may be a small island, but it holds the highest density of leopards in the world, making encounters with legends like Lucas absolutely unforgettable.

Have you ever stared into the eyes of a wild big cat? Let me know where your most memorable wildlife encounter was! 🧵👇

📸 Shot on location in Yala National Park.
— Tharanga | Wild of Isle

Nikon Z9 with f 2.8 400mm TC

⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when WILD of ISLE by Tharanga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share