22/09/2021
#මොහොතක්_නැවතිලා_කියවලා_යන්න...😔😔😔😔
වෙලාව පාන්දර 03.00,,,,,,
එකෙක් කෑ ගහනවා වෙලාව
හරි නැගිටින්න කියලා....
තව ටිකක් වෙලා නිදා ගමු බන්
කියලා ඇදට වැටෙනවා විතරයි ආයේ ඇහැරෙන්නෙ කොසු
ඉදල් පාරවල් පස්සේ තියාගෙන.....
වතුර අල්ලන්න බෑ මුලු
ඇගම ගල් වෙන තරමට සීතල.......
කණ්නාඩියෙන් රැවුල
කපනකොට යාලුවෝ මතක් වෙනවා,,,
මොකද රැව්ලක් වවන් ලස්සනට
යාලුවෝ ඉන්නවා මතක් වෙනවා.....
දඩි බිඩි ගලා දාඩිය දාගෙන කෑමට
දුවනවා,,,,,,,,,
විනඩි 5ක් දෙන්නම් ඔක්කොටම කෑම කන්න.....
කෑවත්
නැතත් නැගිට්ටා කියලා මහ හයියෙන් කෑ ගහනවා......පාන්,බනිස් වගේනම්
සාක්කුවේ දාගෙන යනවා ඉතින් පස්සේ කන්න....මොනවා කරන්නද කන්න වෙලාවත්
මදිනේ.......
වැලි 20kg බෑග් එකේ දාගෙන මහා හයියෙන් “වම,දකුණ’’ කිය කියා දුවනවා.....
දැන් තමා හොදම හරිය.....සපත්තු පොලිස් කරලාද බලන්නේ....පුලුන් කෑලි සාක්කුවේ
දාගෙන ඉන්නෙ.....කෝපල් අහක බලනකන් ඉන්නේ පිහිද ගන්න.......””ආ උබ පොලිස් කරාද”””
ඔව් කෝපල්,,,,,එහෙමද පොලිස් කරානම් දිවෙන් ලෙවකාලා පොලිස් මට පෙන්නන්නකෝ””
මුලු ඇගම රත් වෙනවා, නින්දත් යනවා.......එක පාරටම බඩ ගාපියව් තොපි ඔක්කොම,ලේ
දකිනකන් බඩ ගාපියව්.....බඩනම් ගාන්න බැරියා.......පස්සට ගහනකොටනේ ඉන්න බැරි....
බඩගාලා ඉවර වෙලා යනවා lecture වලට...අහන් ඉන්න බෑ නින්ද යනවා.....බෝම්බ ගහනවා
වගේ කනේ පාරවල් වදින්නෙ......ව්නාඩියක් යන්නේ නෑ ආයේ නින්ද යනවා......ඔන්න ඉතින්
කෑ ගහනවා නැගපන් කොහොඹ ගහට,කාපන් නිදිමත යනකන් කොහොඹ කොල කියලා...
දවල්ට කන්න යන එක තමා එපාම වෙන්නෙ....400ක් විතර පෝලිමේ
ඉන්න ගියාම එපා වෙනවා,,,මගේ තැනට ලන් වෙනකොරම කෑම ඉවරයි කියනවා,,ආයේ ඉතින්
උයනකන් ඉන්න ඕනේ......කන උන්ගේ කෑම එක දිහා බල බලා කෙල ගිල ගිලා ඉන්නවා....
රෑ 10 වෙනකොට ලයිට් නිවන්න ඕනේ,,ලයිට් නිවලා ඉටිපන්දම් එලියෙන් තමා වැඩ කරන්නේ...
උදේට නැගිටලා නිදා ගත්තු ඇද හදන්න වෙලාවක් නැති නිසා රෑටම ඇද හදලා බිම නිදා ගන්නව..
වෙලාව පාන්ද 01.00යි....දවස ඉවරයි..දැනුයි නිදා ගන්නේ....
පාන්දර ඇහැරිලා,,,,,ගුටි කාලා,බඩ ගාලා,,හරියට නින්දක් නැතිව,කෑමක් නැතිව,
ලේ,දහඩිය හාලා ගෙන ,මුලු තරුණ කාලයම කැප කරලා,වේදනවාල්,දුක්,විරහව විදලා
ගොඩාක් අමාරුවෙන් තමා අපි සිවිල් මිනිසෙකුගෙන් “නිල ඇදුමකට” මාරු උනේ...
😢😢😢😢
#ඔව්_සමහරු_8පාස්_ආමි_කාරයා_කියලා_හංවඩු_ගහන_ඌම_තමා_මෙච්චර_වේදනාවක්_විදලා_උබලා_අපිව_හැම_දේකින්ම_ආරක්ෂ #කරන්නේ
#උපුටාගැනිමකි