Shaarooseya Production

Shaarooseya Production The commercial photography

08/02/2026
බෞද්ධ භික්ෂූන් වහන්සේනමක්  වන ෆ්‍රා අජර්න් මහා දම් ෆොම්මාසන් වහන්සේගේ ජීවිතය වෙනස් කළ සිදුවීම මේ වන විට ලෝකයාම කතා කරන ම...
06/01/2026

බෞද්ධ භික්ෂූන් වහන්සේනමක් වන ෆ්‍රා අජර්න් මහා දම් ෆොම්මාසන් වහන්සේගේ ජීවිතය වෙනස් කළ සිදුවීම මේ වන විට ලෝකයාම කතා කරන මාතෘකාවක් බවට පත්ව ඇත.

ෆ්‍රා අජර්න් මහා දම් ෆොම්මාසන් වහන්සේ ටෙක්සාස් ප්‍රාන්තයේ Fort Worth සිට Washington, D.C. දක්වා සැතපුම් 2,300ක “Walk for Peace” (සාම පා ගමන) [ආසන්නව කිලෝමීටර 3700]සඳහා සහභාගී වෙමින් සිටියදී, ටෙක්සාස්හි Dayton නගරයට ආසන්නව වාහනයක ගැටීමකට ලක්වූයේ නොවැම්බර් 19 වන දිනය.

මෙම අනතුරෙන් උන්වහන්සේට දැඩි තුවාල සිදු වූ අතර, ජීවිතය රැක ගැනීම සඳහා උන්වහන්සේගේ එක් පාදයක් දෙසැම්බර් 3 වෙනිදා ඉවත් කිරීමට සිදුවිය.

මහා දම් ෆොම්මාසන් වහන්සේ Wat Lao Buddha Khanti විහාරයේ ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේවරයෙකු ලෙස සේවය කරමින් සිටින අතර, වර්තමානයේ ජෝර්ජියා ප්‍රාන්තයේ Snellville නගරයේ තම විහාරයට ආපසු පැමිණ ඇත.

එක් පාදයක් අහිමි වුවද, උන්වහන්සේ කෝපයකට ලක් නොවී, අනතුර සිදු කළ පුද්ගලයා පිළිබඳව කණගාටුවක් හෝ වෛරයක් නොව, සමාව සහ කරුණාව පළ කළ බවද සඳහන් වන අතර එම පුවත ලෝකයා පුදුම කරමින් ඇති අතර බෞද්ධ දර්ශනයේ සැබෑ ජීවිතය උන්වහන්සේලාගේ ජීවිතයට කොපමණ බලපා ඇති ද යන්නත් සැබෑ බෞද්ධයක් යනු කවුරුන්ද යන්නත් ඔබට තේරුම් ගැනීමයත් හැකි වේ.

21/12/2025

තාත්තා

සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ Colours Award Ceremony එක පහුගියදා පවත්වල තිබුනා. ඒත් ඒ වගේ ස්කූල් ඉවෙන්ට් එකක් අස්සෙ වෙච්ච ...
21/12/2025

සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ Colours Award Ceremony එක පහුගියදා පවත්වල තිබුනා.
ඒත් ඒ වගේ ස්කූල් ඉවෙන්ට් එකක් අස්සෙ වෙච්ච කැත වැඩක් ගැනයි මේ කියන්න හදන්නේ.

මේ පහල ඉන්නෙ Chanithma Sinaly කියන ළමයා පහුගිය කාලෙ පුරාවට විවිධ ක්‍රීඩා ඉසව් වලින් ජයග්‍රහණ අරගෙන ස්කෝලෙ කීර්තිය වෙනුවෙන් මහත් වැඩ කොටසක් කරල තියෙනවා. (බොරුනම් මේ නම නිකමට Google search කරලා බලන්න).

හැබැයි ස්කෝලේ කලර්ස් නයිට් එක දවසේ උදේ තිබුන රියසල් එකට ඇයට එන්න බැරි වුනා කියලා සිරිමාවො විද්‍යාලයෙ විදුහල්පතිතුමිය ඇයගෙ අතට සම්මානය නොදී ඉන්න කටයුතු කරනවා. ඒක ඉතාමත් නින්දිත වැඩක්. ඇයට එන්න බැරිවෙලා තියෙන්නෙත් ඇය පෙනි ඉදපු විභාගයක් ඒ මොහොතේ යෙදිලා තිබුන නිසා..

චනිත්මා කියන විදිහට සහ මන් හොයාගත්ත තොරතුරු වලට අදාලව ඇය 2023 වර්ශයේ පාසලේ ක්‍රීඩා නායිකාව විදිහට කටයුතු කරල තියෙනවා. ඇයට ඒවා ලැබෙන්නෙ නිකන් නෙමෙයි. වසර ගණනක් පුරාවට ඇය එ වෙනුවෙන් දේවල් කරල තියෙනවා. 2022 අවුරුද්දේ කොමන් වෙල්ත් තරගාවලිය නියෝජනය කරන්න පවා දක්ෂ වෙන ඇය එහිදිත් අවසාන වටය තෙක් ගමන් කරනවා.( දක්ෂතා ගැන විස්තර කිවොත් සැහෙන්න ලියන්න පුලුවන් නිසා නොලියා ඉන්නම්.)

මෙහෙම දක්ෂ දරුවෙක්ට තමයි පාසලෙ විදුහල්පතිනි ඉන්න ආචාර්ය සුමේදා ජයවීර සම්මානය නොදී ඉන්නෙ. ඒකට හේතුව ඇය රියසල් පැමිණියේ නැ කියන එක.

අපි ස්කොලේ යන කාලෙදි නම් එහෙම රියසල් වලට නාව කියල කලර්ස් නයිට් වලදි ප්‍රසිද්ධ වේදිකාවේ ළමයින්ව මෙහෙම අපහසුතාවයට පත් කරලා නැ. එහෙම කරන්න අයිතියක් ගුරුවරුන්ට කොහොමත් නැ.

වැදගත්ම කාරණය ඔය මොකක්වත් නෙමෙයි.

මේ විදුහල්පතිනි සුමේදා අමතක කරපු දෙයක් තියෙනවා. ඒ තමයි අපි අලුත් පරම්පරාව කියන එක. මේ ළමයා අලුත් පරම්පරාවෙ දරුවෙක් කියන එක. එතුමිය හිතන්න ඇති මේ වගෙ අසාධාරණයක් වෙද්දි ඒ දරුවා කට වහගෙන පාඩුවේ ඉඳිවි කියලා.. අන්න එතනදි ඇය වරද්ද ගන්නවා.

මේ චනිත්මා කියන කෙල්ල වේදිකාවට ඇවිල්ලා සම්පූර්ණයෙන් පාසලේ හැමෝටම ඇහෙන්න මෙ අසාධාරණය ගැන කියනවා. මුලු ස්කෝලයක් ඉස්සරහ ඉදගෙන ඇය තමන්ට සිද්ධවෙච්ච අසාධාරණය වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන කතා කරනවා. ඒ වෙලාවෙ දෙපරන්ද වෙව්ලන්න ගත්තු විදුහල්පතිතුමිය ඇම්බැට්ටයො දාල මේක නවත්වන්න හදද්දිත් ඇය තමන් වෙනුවෙන් නොබියව පෙනී ඉන්නවා. අවසානේ මේ අසාධාරණය ගැන මේ වෙද්දි රටටම දැනගන්න ඇය හඬ අවදි කරනවා.
මේ තමයි අලුත් පරම්පරාව. මේ තමයි Gen'z අපි. ඒ තමයි අපේ විදිහ. කවුරුත් අපි වෙනුවෙන් කතා කරයි කියල හිතාගෙන නිහඬව ඉන්නෙ නැ. අපි කතා කරනවා. අපි හඬ නගනවා. එ වෙනුවෙන් අපිට හැකි උපරිමය අපි කරනවා.

සිරිමාවො විද්‍යාලයෙ විදුහල්පතිය ඇයව අවතක්සේරු කිරිමට ඇය මෙහෙම උත්තර දීම විශිෂ්ඨයි. අගය කරනවා.

දැන් ඇයගෙ කොටස ඉවරයි. දැන් තියෙන්නෙ බලධාරින්ට අදාල කොටස. අධ්‍යාපන අමාත්‍යංශය ඇතුලු අදාල වග කිවයුතු ආයතන වහාම මේකට මැදිහත් වෙන්න අවශ්‍යයි. මේ ගැන සාධාරණ පරීක්ෂණයක් අවශ්‍යයි. ඒ වගෙම මෙ ළමයට අසාධාරණයක් සිදුවෙලා නම් එයට එරෙහිව ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි.

තත්ත්වය එසේ නම් මේ වගේ මානසික ආබාධයන් සහිත විදුහල්පතිවරුන් ගුරු සේවයේවත් නොතියා ගෙදර යවන්න අවශ්‍යයි.

ආයෙම කියනවා.

ඒ කෙල්ල මරු... ඒ කෙල්ලගේ පෞරුෂය මරු...
Hats Off!!❤

(උපුටා ගැනීම - සසිඳු සහන් තාරකගේ ෆේස්බුක් පිටුවෙනි

20/12/2025

20/12/2025

උදරි පෙරේරා

14/12/2025

මෙසි ඉන්දියාවේ ....

14/12/2025

ලයනල් මෙසි ඉදිරියෙ ශරුක්කාන් කියන්නෙත් මෙසිගෙ රසිකයෙක් විතරයි

ගලිගමුව රිය අනතුර..
13/12/2025

ගලිගමුව රිය අනතුර..

Address

460B, Dadugmthotupola
Ja-Ela
11350

Telephone

+94713810003

Website

Alerts

Be the first to know and let us send you an email when Shaarooseya Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share