27/08/2026
අපේ රටේ පහුගිය අවුරුදු 5 ඇතුලත කරපු හොඳම නව නිපැයුම් 100 අතරට අපේ Drone එකත් ගියා.
ලංකාවේ අපි drone හදනවා කිව්වම පුරුදු වෙලා හිටියෙ කඩේ ගන්න තියන parts අරගෙන එකතු කරලා drone එකක් හදලා යවන්න. ඒත් ගොඩක් දියුණු රටවල් වල එයාලටම හදාගත්ත වෙනම drone technology සහ company සෑහෙන ප්‍රමාණයක් තියනවා. හොඳම උදාහරණේ අපේ ලඟම රට වෙච්ච ඉන්දියාවෙත් drone company 800කට එහා තියනවා. ඉතින් මට හිතුනා ඇයි අපි ලංකාවෙම drone platform එකක් design කරන්නෙ නැත්තෙ කියලා.
2019 පටන් ගත්ත මේ ව්‍යාපෘතිය අපි 2022 වෙද්දි market එකට දානවා ග්‍රෑම් 30ක් බර පර්යේෂණ කටයුතු සඳහා පාවිච්චි කරන්න පුලුවන් drone එකක් විදිහට. මේකේ තිබ්බ විශේෂත්වේ දැකපු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය, ICTA එක හරහා අපිට ලක්ෂ 15ක් දෙනවා පලවෙනි drone 100 හදලා ලංකාවේ විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන වලට ලබා දෙන්න. ඉතින් 2023 ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් අපේ මේ drone එක එයාලගෙ engineersලා පුහුණු කරන්න පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඊට අමතරව අපිට දෙස් විදෙස් සම්මාන 10කට එහා හම්බෙනවා.
ඉතින් මේ photos වල තියෙන්නෙ National Innovation Agency එක මගින් 2019 ඉඳන් 2024 වෙනකන් ලංකාවෙ වෙච්ච හොඳම නව නිෂ්පාදන 100 තෝරලා ඒ report එක එලිදක්වපු හැටි. මට මේ හැමදෙයක්ම හරහා පෙන්නන්න ඕනෙ අපේ රටේ ඉඳගෙන කොච්චර දේවල් කරන්න පුලුවන්ද කියලා වෙන රටවල් වලින් එනකන් බලන් ඉන්නෙ නැතුව. මගේ ආයතන මේ වගේ ගොඩක් ලංකාවට හඳුන්වලා දීලා තියනවා.