27/04/2021
යාපනය ශ්‍රී නාග විහාර ජ්‍යාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය යාපනය නගර මධ්‍යයේ ඇති එකම බෞද්ධ විහාරය වන අතර දකුණෙන් යාපනට පැමිණෙන බොහෝ පිරිසක් නවාතැන් පහසුකම් සලසා ගන්නේ ද මේ හරහාය. නාග විහාරය තුළ වූ බුදු මැදුර තුළ ඇති චිත්‍ර සුවිශේෂී වන්නේ , මීට වසර ගණනාවකට පෙර යුද්ධය පැවති කාලයේදී , ශ්‍රී ලංකා යුධ හමුදාවේ යුධ සෙබලුන් කිහිප දෙනෙකු අතින් අදින ලද ඒවා වීමයි. මේ වන විට එහි ප්‍රතිසංස්කරණ කිරීමේ අවශ්‍යතාවයක් පැණ නැගී තිබූ අතර එම මහගු පින්කමට දායක වීමට යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ ශිෂ්‍යන් හට අවස්ථාව උදාවිය. ඒ යාපනය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරූ පීඨයේ කථිකාචාර්ය සාලිය සම්පත් මහතාගේ හා විශ්වවිද්‍යාලීය බෞද්ධ සංගමයේ සම්භන්ධීකරණය හරහායි.
බෞද්ධ වෙහෙර විහාර ප්‍රතිසංකරණය , අටමහා කුසල කර්ම වලින් එකකි. මේ සදහා දායක වීමට ලැබීම මහත් වූ පුන්‍යකර්මයක් වෙයි.
අවශ්‍ය පින්තාරූ භාණ්ඩ ඇතුලු සියල්ල මිලදී ගැනීමට අවශ්‍ය මූල්‍යාධාරද විද්‍යාපීඨයේ ශිෂ්‍යන් ඇතුලු ශිෂ්‍ය පිරිසක් විසින් ලබාදුන් අතර පින්තාරු කිරීම් කටයුතු සදහා සහභාගී වීමට ද ශිෂ්‍යයන් හට අවස්තාව ලැබුණි.
මෙවන් වූ මහත් පුන්‍යකර්මයකට සභභාගීවීමට අවස්ථාව සලසා දුන් විහාරවාසී ස්වාමීන්වහසේලා ඇතුලු සැමටත් සහභාගී වූ සැමටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. 🙏
-ප්‍රවීන් දර්ශන
All Images are Copyrighted and Owned by
Chanuka Samila Photography ©️ 2021 | All Rights Reserved