M S News & Media Hatton

Website

M S News & Media Hatton the fast lane to truthful news .real time updates, reporting , and photography �

01/11/2026

පිටි මිල වැඩි විමෙන් වතුකර ජනතාව දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි ජනතා පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසනවා.

විදේශිය තානාපති හමුවක් මහනුවරදි.මධ්‍යම පළාත් සංචාරක, කෘෂිකාර්මික හා කුඩා ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි සංවර්ධනය වේගවත් කරමින් ව...
01/11/2026

විදේශිය තානාපති හමුවක් මහනුවරදි.
මධ්‍යම පළාත් සංචාරක, කෘෂිකාර්මික හා කුඩා ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි සංවර්ධනය වේගවත් කරමින් වීදේශිය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සහා පළාතේ ව්‍යවසායකයින්ට ජාත්‍යන්තර වෙළඳ පොළ අවස්ථා පුළුල් කර දීමේ අරමුණ මත සංවිධානය කරන ලද රාජතාන්ත්‍රික හමුවක් මධ්‍යම පලාත් සභා ශ්‍රවණාගාරයේදි පවත්වන ලදි.
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය විශේෂ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවති අතර මෙම අවස්ථාවට වියට්නාමය, ඉනිදුනිසියාව, මැලේසියාව, මියන්මාරය, තායිලන්තය යන රටවල තානාපතිවරුන් සහ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටින ලදී.

හැටන්වල මොනවද මේ බලන්නේ.දීපවාලී උත්සවය සඳහා අවශ්‍ය බඩු භාණ්ඩ ලබා ගැනීම සඳහා හැටන් නගරයට පැමිණෙන ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත ආහ...
31/10/2026

හැටන්වල මොනවද මේ බලන්නේ.
දීපවාලී උත්සවය සඳහා අවශ්‍ය බඩු භාණ්ඩ ලබා ගැනීම සඳහා හැටන් නගරයට පැමිණෙන ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පාන ලබා දීමේ අරමුණින් හැටන් නගරයේ හෝටල්, වෙළඳ සැල් පරික්ෂාවට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන් පියවර ගන්නා ලදී.
හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අශෝක කරුණාරත්න මහතාගේ උපදෙස් මත හා ඔහුගේ මැදිහත් වීම මත මෙම වෙළඳ සැල් පරික්ෂාව සිදු කළ අතර මෙහිදී අපිරිසිදු තතවයේ පවත්වාගෙන ගිය හෝටල් කිපයක් හා කල් ඉකුත්වු ආහාර පාන ලග තබා ගැනීම මත වෙළද සැල් කිපයට එරෙහිව නඩු පැවරීමටද පියවර ගෙන ඇති අතර සමහර අපිරිසිදු ආහාර විනාශ කිරීමටද පියවර ගන්නා ලදී.

ඇලේ තිබු මළ සිරුර දෙදරු පියෙකුගේ බවට හදුනාගෙන ඇත.බගවන්තලාව ටින්සීන් ප්‍රදේශයේ මෝරා කොටසේ ඇල මාර්ගයේ තිබු මළ සිරුර බගවන්ත...
31/10/2026

ඇලේ තිබු මළ සිරුර දෙදරු පියෙකුගේ බවට හදුනාගෙන ඇත.
බගවන්තලාව ටින්සීන් ප්‍රදේශයේ මෝරා කොටසේ ඇල මාර්ගයේ තිබු මළ සිරුර බගවන්තලාව චැපල්ටන් වතුයායේ පදිංචි අවුරුදු 46 වයසැති දෙදරු පියෙකුගේ බවට අනාවරණය වී ඇති බව බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පැවසීය.
මෙම පුද්ගලයා අවමංගල උත්සවයක් සදහා පිටව ගොස් නැවත නිවසට පැමිණෙන අවස්ථාවේදී මෙම ඇලට වැටෙන්නට ඇතැයි සැක සිතන බවත් මේ වනවිට බගවන්තලාව පොලිසියේ නිලධාරීන් වැඩි දුර පරීක්ෂණ පවත්වාගෙන යන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

කාගේද මේ මල සිරුර.බගවන්තලාව ටින්සීන් ප්‍රදේශයේ මෝරා කොටසේ ඇල මාර්ගය තිබි නාදූනන පිරිමි මළ සිරුරක් හමුව ඇත.මේ පිළිබඳව කරන...
31/10/2026

කාගේද මේ මල සිරුර.
බගවන්තලාව ටින්සීන් ප්‍රදේශයේ මෝරා කොටසේ ඇල මාර්ගය තිබි නාදූනන පිරිමි මළ සිරුරක් හමුව ඇත.
මේ පිළිබඳව කරන ලද විමසිමකදි අදහස් දැක්වූ බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ බගවන්තලාව ටින්සින් ප්‍රදේශයේ මෝරා කොටසේ ඇල මාර්ගය නාදුනන පිරිමි මළ සිරුරක් තිබෙන බවට ලද තොරතුරක් මත පරික්ෂණය ආරම්භ කර ඇති බවත්ය.

ශා/ කේලේයාර් දිය ඇල්ල හැඩ වෙලා.හැටන් නුවරඑළිය මාර්ගයේ පවතින ශා/ කේලේයාර් දිය ඇල්ල මෙම දිනවල ශක්‍රිය තත්වයන්ට පත්විමත් සම...
30/10/2026

ශා/ කේලේයාර් දිය ඇල්ල හැඩ වෙලා.
හැටන් නුවරඑළිය මාර්ගයේ පවතින ශා/ කේලේයාර් දිය ඇල්ල මෙම දිනවල ශක්‍රිය තත්වයන්ට පත්විමත් සමග එම දිය ඇල්ලේ චමත්කාරයද වැඩි වෙලා.
මෙම දිය ඇල්ල මෙසේ ශක්‍රිය තත්වයන්ට පත්විමත් සමග දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට මෙම දිය ඇල්ල පත්ව ඇත.

යතුරු පැදිය බසය යට යතුරු පැදිකරුට මොකද වුණේ.හැටන් නෝර්ටන් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් හා යතුරු පැදියක් එම ම...
29/10/2026

යතුරු පැදිය බසය යට යතුරු පැදිකරුට මොකද වුණේ.
හැටන් නෝර්ටන් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් හා යතුරු පැදියක් එම මාර්ගයේ ඔස්බෝන් ප්‍රදේශයේදී එකිනෙක ගැනිමෙන් එම යතුරු පැදියට දැඩි හානි සිදුව ඇත.
ලංගම බස් රථය මෙම මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී එයට විරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදිය මෙම බස් රථයේ ගැටි ඇති අතර එම අවස්ථාවේදී යතුරු පැදිකරු යතුරු පැදියෙන් පැන ඇති බැවින් ඔහුට සුළු තුවාල සිදුව ඇති අතර යතුරු පැදියට දැඩි හානි සිදුව ඇත.

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තව දුරටත් විවෘතව.මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත...
27/10/2026

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තව දුරටත් විවෘතව.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් මේවන විටත් විවෘතව පවතී.
එම ජලාශයට ජලය සැපයෙන ජල මුලාශ්‍ර ප්‍රදේශවලට විටින් විට පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙම ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග එහි වාන් දොරටු මෙසේ විවෘත කිරීමට පියවර ගෙන ඇත.

මොකක්ද මේ වුණේ.හැටන් මාණික්ක වතුයායේ ලයින් කාමර පේලියක ඇතිවු ගින්නකින් වතු නිවාස තුනක් විනාශයට පත්ව ඇත.විදුලි කාන්දුවකින...
27/10/2026

මොකක්ද මේ වුණේ.
හැටන් මාණික්ක වතුයායේ ලයින් කාමර පේලියක ඇතිවු ගින්නකින් වතු නිවාස තුනක් විනාශයට පත්ව ඇත.
විදුලි කාන්දුවකින් මෙම ගින්න හට ගන්නට ඇතැයි සැක සිතන බවත් මෙම ගින්න පිළිබඳ හැටන් පොලිසියේ නිලධාරීන් වැඩි දුර පරීක්ෂණ ආරම්භ කර ඇති බව හැටන් පොලිසියේ නිලධාරියකු පැවසීය.

26/10/2026

හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේ පැවති දානමය පිංකම.
අපවත්වී වදාළ හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ මධ්‍යම පලාත් හිටපු ප්‍රධාන සංඝනායක දර්ශනපති පුජ්‍ය මහගම විමල නායක හිමියන්ගේ වර්ෂ පුර්ණ දානමය පිංකම එම විහාරස්ථානයේ පැවති අයුරු.

Address

Hatton
22000

Alerts

Be the first to know and let us send you an email when M S News & Media Hatton posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category