Rainbow Diaries By Madhavi Fernando

Rainbow Diaries By Madhavi Fernando 🌻ʟᵒᵛᵉ ᵗʰᵉ ˡⁱᶠᵉ ʸᵒᵘ ˡⁱᵛᵉ,
ʟⁱᵛᵉ ᵗʰᵉ ˡⁱᶠᵉ ʸᵒᵘ ˡᵒᵛᵉ🌻

ආයු (2025)රැලි රැලි හැපි හැපි විසිරීහිරිකඩ කොපුලතෙ තැවරීලිහිණින් හිතුමතේ ගයාවී..නොකියන ආදරේ දැනේවී...“සමහරු ජීවත් වෙලා ඉ...
06/10/2025

ආයු (2025)

රැලි රැලි හැපි හැපි විසිරී
හිරිකඩ කොපුලතෙ තැවරී
ලිහිණින් හිතුමතේ ගයාවී..
නොකියන ආදරේ දැනේවී...

“සමහරු ජීවත් වෙලා ඉන්නවා වගේ පෙනුනට ඇතුලෙන් මැරි මැරි ජීවත් වෙන්නේ. මට ඕන මැරෙනකල් ජීවත් වෙන්න. මේ බෝට්ටුව දිගටම පදින්න.. - නිශ්මි

ඕකිඩ් මල් ගොඩක් මැද අරලිය මලක් තිබ්බම තමයි ලස්සන - සචින්

- බෝට්ටුවක යන්න ආසයි
+පෙරලුනොත්???
- ඔයා ඉන්නවනෙ 😊

2025 release උන අධ්‍යක්ෂ ඉලංගෝ රාමනාතන්ගෙ "නෙළුම් කුලුණ", අධ්‍යක්ෂ අශෝක හදගමගේ "රාණි" , අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්නගෙ "වාලම්පුරි" වගේම අධ්‍යක්ෂ චත්‍ර වීරමන්ගේ "ආයු"සිනමාපටයත් තත්පරයක්වත් ඇස් ඉවතට නොගෙන රසවිඳපු සුවිශේෂ සිනමාරූපී අත්දැකීමක් , ආයු film trailer release වෙලා අවුරුදු ගාණකින් release උන movie එකක් . Trailer එක බලලා movie බලන්න ගොඩක් කල් බලාගෙන හිටපු movie එකක් ,

Non liner & plot twist movie වෙන ආයු Movie එකේ තියෙන සිනෙමැටික් frame වලින් චිත්‍රපටයට වෙනස්ම vibe එකක් ඇති කරලා තියෙනවා , එක තත්පරයක් වත් තිරයෙන් ඇස් ඉවතට ගන්න හිතෙන් නැති තරම් ආකර්ශනීය frames , camera angles , colours දිහා වශී වෙලා වගේ බලාගෙන හිටපු movie එකක් , ගොඩක් මම ආසම විදියේ reflected shots තිබුණා , bike එකේ යද්දි පාරෙ වතුර වලකින් reflect වෙලා පේන දර්ශණය, නිශ්මිගෙ apartment එකේ window වලින් city lights පේන background එකේ නිශ්මිව reflect වෙන දර්ශනය විශේෂයෙන් මතකයි.

චත්‍ර වීරමන්ගේ ආයු ගැන කූඹියෝ , වාලම්පුරි අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න මෙහෙම කියනවා

"ආයු" ලොකුවට බරට තේරුම් ගන්න ට්‍රයි කරන්න එපා. මේක හෙණ ප්‍රබුද්ද අමාරු වැඩක් නෙවෙයි. ලස්සන පිංතූරයක් චූටි කෑලි වලට කඩලා කඩලා විසිරුවලා දාලා. උඹේ ආත්මයෙත් කෑලි වලින් ඒ පිංතූරේ උඹ හදාගන්න ඕනේ. සැන්ඩ්‍රා, ජගා, අෂාන් ඇතුළු සෙට් එකේම ඇක්ටින් ශක්තිගේ සහ චත්‍රගේ පිටපත, කාලිංගගේ ලස්සන පිංතූර, බිමල්ගේ ලස්සන ආට්, මිලින්දගේ Music වගේ ඕක්කොම එකතුවෙලා ලස්සන ලොකු චිත්‍රයක් හදලා චත්‍ර සහ සමන් ඇල්විටිගල ඒක කෑලි කෑලි වලට කඩලා විසිරුවලා අපිට දෙනවා "උඹලා හදාගනිල්ලා" චිත්‍රය කියලා.... ඒ එඩිට් එකේ තියන ආතල් එකම ඒක.... සමන් කරන්නේ එකතු කරලා හදන එක නෙවෙයි... විසිරුවන එක.... එකතු කරගන්න ඕනේ අපි.... අවසානේදි...

තේ 🍃 𝘛𝘢𝘴𝘵𝘦 𝘵𝘩𝘦 𝘵𝘦𝘢 𝘢𝘵 𝘵𝘩𝘦 𝘵𝘦𝘢 𝘨𝘢𝘳𝘥𝘦𝘯 𝘸𝘪𝘵𝘩 𝘧𝘳𝘦𝘴𝘩 𝘵𝘦𝘢 𝘢𝘳𝘰𝘮𝘢   ❤️🍃  කැමෙලියා සිනෙන්සිස් - 🍃පරිසරයෙන්ම එන්නේ තේ සුවදය. ඈත පේ...
03/08/2025

තේ 🍃
𝘛𝘢𝘴𝘵𝘦 𝘵𝘩𝘦 𝘵𝘦𝘢 𝘢𝘵 𝘵𝘩𝘦 𝘵𝘦𝘢 𝘨𝘢𝘳𝘥𝘦𝘯 𝘸𝘪𝘵𝘩 𝘧𝘳𝘦𝘴𝘩 𝘵𝘦𝘢 𝘢𝘳𝘰𝘮𝘢 ❤️🍃
කැමෙලියා සිනෙන්සිස් - 🍃

පරිසරයෙන්ම එන්නේ තේ සුවදය. ඈත පේන තෙක්මානයේම තේවතුය. තේවතු වලට එහායින් විටෙක මීදුමෙන් වැසී අතුරුදන් වන යලි මීදුම මතුවෙන මධ්‍යම කදුකරය වේ.
පසෙකින් යටත්විජිත සමයේ තේ කර්මාන්තශාලාවකි. තේ වතු වලින් රැගෙන එන තේ දලු කර්මාන්තශාලාව තුළට යුහුසුලුව රැගෙන යන කර්මාන්තශාලා සේවකයින්, තේ දලු නෙළන සේවකයින්, කර්මාන්තශාලාවෙන් එන තේ සකස්කිරීමේ සුවදින් හා යන්ත්‍ර වලින් එන හඬින් පරිසරයම පිරී තිබේ.

තේවතු මැදින් බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ දුම්රියක් යයි. එය තේ වතු, මීදුමෙන් වැසෙන යලිත් මතුවෙන කදු , තේ සුවදැති සුළඟ පිරි මෙ පරිසරය තවත් පරිපූර්ණත්වයට පත් කරයි යැයි මට හැඟේ .

පසෙකින් තේ හලකි. තේ වතු කදුකරය දුම්රිය මාර්ගය, තේ කර්මාන්තශාලාව අවට මේ පරිසරයම පේන පරිදී විශාල ජනේල යොදා ගෘහ නිර්මාණ ශිල්පීයව සකස්කල තේ හලකි. ගෙබිම කළුගල් යොදා සකස් කර පැරණි තේ බඳුන් , තේ ඉතිහාසය විස්තර දැක්වෙන බිත්ති අලංකරණ වලින්, ලී ආස්තර කර සකස්කල බිත්ති වලින් , මේ පරිසරයම රසවිදිය හැකි අයුරින් අසුන් පනවා සකස් කල සුවපහසු හැඟීමක් ගෙනෙන තේ හලකි. එහි පසෙකින් තේ වතු මැදින් යන දුම්රිය මාර්ගය දෙසට විවෘතව සකස් කල තේ වතු හා කඳුකරයේ දර්ශනය නැරඹිය හැකි පරිදී අසුන් පැනවූ විවෘත ආලින්දයකි.

තේ වතු මැදින් එන තේ සුවදැති සීතල සුළඟ , මීදුමෙන් කදු වැසෙන, වළාකුළු තියෙන අහස, වැසිබර ස්වභාවයක් තිබුනද ඒ අතරින් එන සුවදායක උණුසුම් හිරු කිරණ හා මේ පරිසරය කියන්නේම මේ තේ බොන්න හොඳම වෙලාවක් හා හොඳම තැනක් බවය.

නිවසක කුඩා පරිමාණයෙන් සකස් කල බටර් කේක් , කුකීස්, හා තවත් කේක් වර්ගද හා රසවත් තේ සමග මේ ස්ථානයේදී රස විදීමට තබා තිබේ.

තේ රසවිදීම සංස්කෘතියකි. කලාවකි. මේ ඒ සඳහා හොඳම තැනක් යැයි හැගේ. ඈතින් පෙනෙන කඳුකරය , තේ වත්තක් , යටත් විජිත සමයේ තේ කර්මාන්තශාලාවක් දර්ශන තලය වන මේ තේ වතු මැදින් ඇදෙන දුම්රිය දෙස බලාගෙන නැවුම් තේ සුවඳ සීතල සුළඟ ළා හිරුකිරණ විදිමින් පොතක් කියවමින් හෝ ආදරණීයයන් සමග සුහද කතාබහක යෙදෙමින් හෝ සතුටු අතීත ආවර්ජන හා පැරණි සංගීතය සමග තේ රසවිදීම තවත් පරිපූර්ණත්වයට පත් කරයි .

තේ කෝපි බීම දෛනික පුරුද්දක් වේ. මා කිසිවිටෙකත් වැඩියෙන්ම කැමති තේ ද කෝපි ද කියා නොසිතයි. එය සංසංදනය කල නොහැකි දෙයක් යැයි මට සිතේ. මේ මට තේ රසවිදීම අවශ්‍ය වූ විට පැමිණෙන ස්ථාන වලින් එකකි.

Rainbow Diaries By Madhavi Fernando

🌸එවරස්ට් දර්ශනයෙන් මෑත්වී ම තිබ්බත ජාතිකයාගේ හැර අප කාගේත් මුහුණු වල අඩු වැඩි වශයෙන් සටහන් වූයේ සමුගැනීමේ ශෝකයකි. වැඩි ඉ...
09/03/2025

🌸
එවරස්ට් දර්ශනයෙන් මෑත්වී ම තිබ්බත ජාතිකයාගේ හැර අප කාගේත් මුහුණු වල අඩු වැඩි වශයෙන් සටහන් වූයේ සමුගැනීමේ ශෝකයකි. වැඩි ඉඩක් ඇත්තේ මේ සිත දෑස පිනවන මේ චමත්කාරික දසුන ජීවිතයේ යළි දිනෙක නොදකින්නටයි. වියෝගයේ දුක් සංකා සදාහරිත ප්‍රේමයේ වෙසින් පමණක් නොව සිත් වසග කරන ඕනෑම දෙයකට අදාල බව දේවත්වයට පත්ව ඇති මේ රමණීය කදු සිරස පසක් කරලීය.

🌸
Again and again and again ❤✨️ #ප්‍රේමානිශංස_vibe

ජීවිතයේ ඔයිල් පැල්ලම්Tharindu Sri Lokugamage "උඹ ලියන්න ගනිං. එතකොට අපුරුවට ලියවෙයි. පැනේ ඔයිල් ගැවුනොත් අත ලිස්ස ලිස්ස ...
22/12/2024

ජීවිතයේ ඔයිල් පැල්ලම්
Tharindu Sri Lokugamage

"උඹ ලියන්න ගනිං. එතකොට අපුරුවට ලියවෙයි. පැනේ ඔයිල් ගැවුනොත් අත ලිස්ස ලිස්ස හරි ලියපං. එතකොට උඹ ලියන කඩදාසි වල ඔයිල් පැල්ලම් හිටී. මතක තියාගනින්. ඒ වාහනවල ඔයිල් පැල්ලම් නොවෙයි. ජීවිතයේ ඔයිල් පැල්ලම්"
- තරිඳු ශ්‍රී ලොකුගමගේ ජීවිතයේ ඔයිල් පැල්ලම්-

පරණ Classic car වලට මට මතක විදියට මුලින්ම ආස හිතුනේ school යන කාලේ මාගස්තොට Hill climb event ගැන කියවලා තිබ්බ News Paper Article එකකින් , ඒ වෙද්දි මම school grade 10 /9 වගේ ඉන්න ඇති. මොකද ඒ කාලේ grade 10 school trip එකේ ගාලු කොටුවට ගියාම එතන තිබ්බ classic car එකක Photo එකක් ගත්තා මතකයි ඒ ආසාව නිසා (දැන් වගේ Digital camera එකකින් නෙමෙයි nikon වල reel එකක් දාලා photos ගන්න කැම් එකකින් 2009 දී වගේ)

ඒ කාලේ ඉදලාම Classic Car වලට Interest උනත් Classic Car model , Classification , ගැන හොයලා දැනගන හිටියේ නම් නෑ
හැබැයි මම Old Classic Vehicle එකක් දැක්කොත් ඕනිම තැන්ක ඒක දිහා ආසාවෙන් බැලුවා

හැබැයි මේ පොත කියවන්න ගත්ත දවසේ ඉදලා කියවලා ඉවර වෙනකොට ගැලරිය Old Classic Car වල Screenshots වලින් පිරිලා තිබ්බා ❤🚗

පොතේ භාශා රටාව, වෙන කියවපු කිසිම පොතක නොතිබුණු විදියේ උපමා රූපක නිසා මේ පොත හරි රහයි❤. ( ඇතා හෑන්ඩ්ඕවර් කල ඇත් ගොව්වෙකු සේ, අනුන්ට නිදන් හාරන්නට යන කට්ටඩියෙක් සේ , වහලක් කඩාගෙන ගෙට වැටුනු වදුරෙක් සේ , වගේ තව ගොඩක් )

එංගලන්තේ වාහන ටිකක් යටට පාගන විට එන්ජිමෙන් එන අපූරු හඬක් තිබේ. මට එය හැමදාම මතක් කරන්නේ කපුගේ බිම්බරක් සෙනඟ සින්දුව කියන්නට ගන්න විට බිම්බරක් කෑල්ලේදී කපුගේ ගැඹුරු හඬ ඇතුලේ දෝංකාර දී නැගෙන හඬයි .මට මෙය මොරිස් මයිනර් සහ ඔස්ටින් කෙම්බ්‍රිජ් වැනි වාහන වලදී සන්ෆ්ලවකරණය වෙන්නට කලින් හිටි කපුගේ සහ කෝටිනා මාක් ත්‍රී සහ එස්කෝට් වැනි වාහනවල සන්ෆ්ලවකරණය වූ කපුගේ ලෙස දැනී තිබේ .මෙය වතාවක් ෂොට් එකක් දා ඉන්නා විටකදී වෙලාවක මම රෝෂිනීට කීවෙමි. (Page 25)

විකල්ප නැතිවෙනකොට තමයි මිනිස් මොලේ පුස් කකා තියෙන කොටස් සටං ගාලා ඔන් වෙන්නේ

මට සපෝට් එකක් උවමනා වූ විට සපෝට් එකක් දෙන්නට සියයක් හමාරක් හිටියද , රහසක් කියන්නට වුවමනා වූ විට බල්ලෙක් වත් නැති බව මට එක පාරට බනිසක් මැද්දෙන් මුද්දරප්පලමක් මතු වූවා සේ මීටර් විය
(Page 118)

පොත කියවපු ගමන් පොතේ photo එකකුත් එවලා මේක කියවන්නම ඕනි පොතක් කියලා recommend කරපු Bhagya Hemamali අක්කී thank you 😊
ඉස්සර ටිකක් තිබ්බ classic car පිස්සුව දැන් advanced level එකකට ඇවිත් තියෙන්නෙ 🤭😂 සමහර ඒවා පාරෙ දැක්කත් model number , හදපු කාලේ, හදපු රට එහෙමත් කියන්න පුලුවන් දැන් 🤭😂

- Madhavi Fernando -

කුර හඩෙකි වියැකෙන-නෝබට් අයගමගේ. 📖️❤මගේ රසවින්ඳනය ඇතුලේ මට පොත හරිම ලස්සනයි . භාෂාව චිත්තරූප මැවෙනසුළුයි, ඉංග්‍රීසි යටත්ව...
24/11/2024

කුර හඩෙකි වියැකෙන-නෝබට් අයගමගේ. 📖️❤

මගේ රසවින්ඳනය ඇතුලේ මට පොත හරිම ලස්සනයි . භාෂාව චිත්තරූප මැවෙනසුළුයි, ඉංග්‍රීසි යටත්විජිත සමය පසුබිම් කරගත් මේ පොත කාලතරණ චාරිකාවක් වගේ,

කන්ද උඩරට මහනුවර සිට පහතරට හම්බන්තොටට කඳු බෑවුම් තැනිතලා හා වනාන්තර මැදින් සොබාදහමට සමීප ආදරයකරන ජීවිත සමඟ තවලම් චාරිකාවක්,

ඩිංගිරාලගේ තවලම එක්ක කඳුකරය වනාන්තරය ස්වභාව සෞන්දර්ය රසවිඳිමින්, අල්පේච්ඡ, සරල ,දුෂ්කර හා අවදානම් සහිත ජීවිතය රසවිඳිමින්, දිනක් අවසානයේ නතරවී වාඩි ගහමින් ,පොල් කටුවෙන් කෝපි බොමින්, පිඟන් හැඩයට කැපූ කොළපත් වලින් තවලම් බත් කමින් , එළිමහනේ සද තරු යට නිදමින් පොත කියවන අපිත් චාරිකාවක් රැගෙන යාමට සමත් චිත්තරූප මැවෙන බස් වහරකින් ලියැවී තියෙනවා

ඒ අතරම පබළු ඇල්ල වලව්වේ පබසරා මැණිකේට තියෙන ඩිංගිරාළගේ කිසිම තැනක වෙනස් නොවෙන අවංක ආදරයත් මේ පොතේ හරි ලස්සනට තියෙනවා

වනාන්තර ගතවූ මිනිසෙක්
සිය ප්‍රාණ සම ආදරය කැටුව
ගෙදර එන්නේය.
"හේ,ඩිංගිරාළ නම් වන්නේය!"

* * * * *
හිතට දැනුන ආසම තැන් කුර හඩෙකි වියැකෙන,

🍃 චිත්තරූප මැවෙන බස් වහර,

" පරිවාර කඳු පිරිවරා උතුංග රූපකායෙන් නැගී හිඳින දුම්බානගල කඳු හිසට ඉහළ අහසේ හුදෙකලා වලා කැටියක් අලස ලෙස පාව යයි.
කඳු අතර ගැඹුරු නිම්න කෙරෙන් අහසට නැගෙන සිහින් මිහිදුම් දුමාරය දුහුල් වළා කැටියකට ළංවිය නොහී කඳු බෑවුමෙහි උස් තුරු අගිසි මත නතරවී ඉහළ අහසේ පාවී යන ධවල වළා සිහිනය දෙස හිස් බැල්මෙන් බලා හිඳි . (පිටුව 35)

කඳුකර වනාන්තරයට තවත් හීතලම හීතල උදෑසනක් එළැඹෙමින් තිබුණේය. කැටි ගැසුණු මීදුම කෙමෙන් කෙමෙන් තුනී දුමාරයක් ලෙසින් අහසට නැගෙයි. බිඳ වැටුණු පෞරාණික ශිෂ්‍ටාචාරයක නෂ්ටාවශේෂ සේ යාබද උත්තුංග වනපෙතද කේතුරූපාකාර කඳු මුදුන්ද තුනීව යන මිහිදුම් පටල අතරින් දිස්වේ (පිටුව 167)

කඳු ගැටය මතට පිවිසි තවලම්රාල පුළුල්ව විහිදුණු ගල්තලාව මත සිට මිටියාවත ද කඳු ගැටයද පුරා සඳඑළිය කැටුව දෝරේ ගලන දිව්‍යමය සෞන්දර්යයෙන් වශීකෘතව සියලු පීඩාකාරී සිතිවිලිවලින් අත්මිදෙමින් සිටියේය. (පිටුව 266)

දකුණෙන් සිරීපාදේ යන වන්දනා නඩද පොල් අතු පටවාගත් කරත්‍තද, නැගෙනහිරින් රෙදිපිළිද, දුම්කොළද, රැගෙන ආ කරත්ත හා තවලම්ද කඳුකරයෙන් කතරගම යන වන්දනා නඩද, ලුණු රැගෙන යන්නට ආ තවලම් හා කරත්තද අම්බලන්තොටට ගාල් වෙමින් තිබුණේය.
(පිටුව 373)
* * * * *

🍃 තවලම් උප සංස්කෘතිය ගැන සොබාදහමට සමීප සොබාදහමට ආදරය කරන තවලම්කරුවන් ගැන හරි ලස්සනට මේ පොතේ තියෙනවා.

" තවලම් ගමන වූ කලී ,දුරාතීතයේ එඬේරුන් තැනින් තැන යමින් සිදුකළ සංචාරක ජීවන රාටාවට හාත්පසින්ම වෙනස්,වෘත්තීය පසුබිමක් සහිත වගකීම් බහුල පාද යාත්‍රාවකි.එහිලා සපුරාගිය යුතු කොන්දේසි සමුහයක් තිබේ.මේ භාරදූර ගමනේ දී පූජනීය වානාන්තරයේ පාරම්පරික උරුමයන්ට කිසිදු ආපදාවක් සිදු නොවිය යුතුය

මිහිකත මෑණියගේ ළය මඩල මත තැබෙන පියවර පවා ඇයට රිදුම් නොදෙන සේ තබන්නට තවලම් කරුවා වග බලාගත යුතුය. ගහක වැලක අත්තක් ඉත්තක් පවා සිඳීය යුත්තේ නොකරම බැරි අවස්ථාවක පමණි. "(පිටුව 119)

* * * * *

🍃
*

ජීවිතය ඇත්තේ ආදරණීයයන් අතරය. ආදරය පිරුණු තැන ජීවිතය හුස්ම ගනී. ජීවිතයකට ආදරණීයයන්ගෙන් තොරව පැවැත්මක් නැත
(පිටුව 239)

*

"ඔබප්‍රපාතයක් දෙස බලා සිටින්නේ නම් ,
ප්‍රපාතයද ඔබ දෙස බලා හිඳී,
ඔබ ගිරිහිසක් දෙස බලා හිඳින්නේ නම් ,
ගිරි හිසද ඔබ දෙස බලා හිඳී .
ඔබ ජීවිතයේ වැටීම අපේක්ෂා කරන්නේ නම් ප්‍රපාතය දෙසද,
ඔබ ජීවිතයේ නැගී සිටීම අපේක්ෂා කරන්නේ නම් ගිරිහිස දෙසද බලා සිටින්න..
මක් නිසාද යත්
ඔබට හමුවන්නේ ඔබ බලාසිටින්නා බැවිනි"

*
"එතෙර විය යුතු තැන්වල නතර නොවිය යුතුයි"
*

🍃 දුම්බානගල ,

මීදුමෙන් වැසෙන දුම්බානගල පොත කියවද්දී හිතුන Imagination එකත් එක්ක බලන්නම හිතුනා,

" Knuckles Mountain Range / දුම්බර කඳුවැටිය
උස් කදු ශිකර නිතරම වාගේ මීදුමින් වැසි තිබෙන බැවින් දුමින් බරවුනු යන අදහස ඉස්මතු කරන දුම්බර කදුවැටිය ලෙසත් හැදින්වේ.
ඇතින් සිට බලන්නෙකුට මිට මෙලවු අතක ඇගිළි දක්නට ඇති ආකාරයට කදුවැටියේ ශිකර 05 ක් දෘශ්‍යමාන වෙන නිසා නකල්සු කදුවැටිය ලෙසද හැදින්වේ.

ශ්‍රී ලංකාවේ ගිණිකොණ සිට වයඔ දිශාවට ලග්ගල සිට ඌරුගල දක්වා සැ.12 පමණ දිනකට කදුවැටිය පැතිරි පවති.

ප්‍රධාන කදුවැටියේ ඇති ශිකර කිහිපයක් නම් දෝතළුගල (5164), කොබෙනිගල (5098), නකල්ස් (6112), ගොම්බානිය (6248) වේ. මෙයට අමතරව ප්‍රධාන කදුවැටියේ උතුරු කොටසින් ආරම්භ වී ඊසාන දිග දිසාවට විහිදෙන කළුපහන (5341), වාමාරපුගල (5150), ලකේගල (4324), සහ ලබුලැස්සපතන (4901) ද, දකුණු කොටසින් ආරම්භ වී ඊසාන දිසාවට විහිදෙන දුම්බානගල (5383), ගල්තුල (3784), ප්‍රධාන විහිදුම් ලෙස සැලකිය හැක." (උපුටා ගැනීමක් )

Rainbow Diaries By Madhavi Fernando

The Theory of Everything !While there is life, there is hope.ජීවිතය පවතිනතාක් එතැන බලාපොරොත්තු පවතිනවා.-Stephen William ...
10/09/2024

The Theory of Everything !

While there is life, there is hope.
ජීවිතය පවතිනතාක් එතැන බලාපොරොත්තු පවතිනවා.
-Stephen William Hawking (8 January 1942 – 14 March 2018)-

The theory of everything Movie බලලා ඉවර උන ගමන් මට හිතුනේ එයා movie බලන්න ඇතිද කියලා

-මම හිතනවා The Theory of Everything Movie එකේ Eddie Redmayne මාව ඉතා හොඳින් නිරූපණය කළා කියලා. ඔහු සත්‍යවාදී වීමට හැකි වන පරිදි ALS රෝගීන් සමඟ කාලය ගත කළේය. වෙලාවකට මට හිතුනා එයා මම කියලා. චිත්‍රපටය නැරඹීමෙන් මගේ ජීවිතය ගැන මෙනෙහි කිරීමට මට අවස්ථාව ලැබී තිබෙනවා-

Stephen Hawking The theory of Everything ගැන එහෙම කියලා තිබ්බා

The theory of everything ස්ටීවන් හෝකින්ගේ බිරිඳ වන ජේන් හෝකින්ස් විසින් රචිත Travelling to Infinity: My Life with Stephen නම් කෘතිය පාදක කරගනිමින් නිර්මාණය වී ඇත.

ජේන් වයිල්ඩ් , hawking මුල්ම හමුවීම

-අභ්‍යවකාශ විද්‍යාව
මම අභ්‍යවකාශ විද්යාඥයෙක්
+මොකක්ද ඒ?
-ඒක අදේවවාදී බුද්ධිමතුන්ට තියෙන ආගමක්
+අභ්‍යවකාශ විද්‍යඥයින් වන්දනා කරන්නෙ මොනවද?
-විශ්වයේ තියෙන හැම දෙයක්ම විස්තර කරවන එක සමීකරණයට
+ඇත්තටම , මොකක්ද ඒ සමීකරණය
-ඒක තමයි ප්‍රශ්නේ , මට තාම ස්තීර නෑ, ඒත් ඒක මං හොයාගන්න හිතාගෙන ඉන්නවා.

හෝකින්ස්ගේ ස්නායු ආබාධය හදුනා ගැනීමෙන් පසු,

-මට අවුරුදු දෙකයි ජීවත් වෙන්න තියෙන්නෙ
මට වැඩ කරන්න ඕනි
+I love you
-ඔයා එළඹුනේ වැරදි නිගමනයකට..
+අපි එකට ඉන්න ඕනි පුළුවන් තරම් කල්, ඒක දිගු කාලයක් නොවුනත් කමක් නෑ, ඒක එහෙම තමයි වෙන්නෙ එහෙම කරමු..

-පැහැදිලිවම අපි බාහිර ලෝකයේ මන්දාකිණි බිලියන ගානක් අතර, තරු ගණනාවක් අතර ලාබාල ග්‍රහ ලෝකයක ඉන්න දියුණුවක් ලබපු, ප්‍රජාව බෝ කරන පිරිසක්,
නමුත් ශිෂ්ඨාචාරය ආරම්භ වීමත් සමග, මිනිස්සු කැමැත්තක් දැක්වුව මේ ලෝකෙ තිබෙන මතුපිටින් නොපෙනෙන දේ තේරුම් ගන්න. එතනදී විශ්වයේ සීමාව කියන තත්ත්වය ගැන ඉතාම විශේෂයි.
කිසිම සීමාවක් නෑ කියන එක කුමකට වඩා විශේෂ විය යුතුද? No boundary
මිනිස්සුන් ගේ උත්සාහය සීමා රහිත වෙන්න ඕන,
අපි හැමෝම එකිනෙකාට වෙනස්,
ජීවිතය නරක විදියට පේන්නට පුළුවන්
ඒත් ඔබට කළහැකි යමක් හැමදාම පවතිනවා,
බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න,
ජීවිතය පවතිනතාක් එතැන බලාපොරොත්තු පවතිනවා.
While there is life, there is hope.

Rainbow Diaries By Madhavi Fernando

සුළගේ සෙවණැල්ලThe shadow of the wind by Carlos Ruiz Zafon පරිවර්තනය  - ගාමිණී වියන්ගොඩReading is dreaming with open eyes...
21/06/2024

සුළගේ සෙවණැල්ල
The shadow of the wind by Carlos Ruiz Zafon පරිවර්තනය - ගාමිණී වියන්ගොඩ

Reading is dreaming with open eyes ❤️✨️

සමහර පොත් magic එකක් වගේ, ඒ පොත කියවන වෙලාවට අපිට එන imagination එකත් එක්ක, අපිව අමතක වෙන තරම් imagination එකක් තියෙන පොත් වලට මම ආසයි, එහෙම පොත් වල තියෙන්නෙ වෙනස් taste එකක් , අපි ඒ පොත කියවන වෙලාවට ඒ imagination එක්ක ජීවත් වෙනවා වගේ feeling එකක්

ගොඩක් කාලෙකින් කියවපු එහෙම පොතක් තමයි " The shadow of the wind by Carlos Ruiz Zafon පරිවර්තනය සුළගේ සෙවණැල්ල - ගාමිණී වියන්ගොඩ"

මතකයෙන් වැළලී ගිය පොත් සුසානයෙ වංකගිරියක තියෙන පොත් රාක්ක, බාර්සිලෝනා නුවර ගොතික් සම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පීය ගොඩනැගිලි , ඒ ගොඩනැගිලි මැදින් යන බාර්සිලෝනා නුවර පාරවල්,ඒ පාරවල් වල මුලින්ම තාත්තා එක්ක ඊට පස්සෙ ක්ලාරා එක්ක, බියට්‍රිස් එක්ක, ෆර්මින් එක්ක ඒ පරවල් වල ඇවිදින දානියෙල්, coffee shop, ඒ coffee shop වල පත්තර පොත් කියවන ගමන් , කතා කරන ගමන් coffee බොන මිනිස්සු,
පොත්වල තියෙන magical ම දේ තමයි මේ Imagination ❤️✨️

මේ පොතත් එහෙම එකක්
✨️කාගෙ හරි මතකයේ අපි ඉන්නතාක් විතරයි අපි පවතින්නෙ.

✨️හූලියන් ලියපු ඔක්කොම දේවල් වලින් මගේ හදවතට වඩාත් සමීප වුණු කාරණය තමයි, අපි යමෙකුගේ මතකයේ ඉන්න තාක්කල් අපි ජීවත් වෙනවා කියන එක. හූලියන් සම්බන්ධයෙන් මට නොයෙක් වර හිතිල තියෙනවා වගේ, අපි හම්බවෙන්නත් කලින්, මම ඔයාව දැනගෙන ඉදලා තියෙනවා කියලත්, විස්වාසය තියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ ඔයායි කියලත් , මට හැගෙනවා.කොහේ හරි මුල්ලක හෝ රහසින් වුණත් , මාව මතක තියාගන්න , දනියෙල්. මට යන්න දෙන්න එපා.

~නූරියා මොන්ෆෝත්~

✨️වෙලාවකට නොදන්න කෙනෙකුට කතා කරන එක ලේසියි , දන්න කෙනෙකුට කතා කරනවට වැඩි, ඇයි එහෙම වෙන්නෙ?

සමහරවිට , නොදන්න කෙනෙක් අපි දිහා බලන්නෙ අපි මේ ඉන්න විදියට මිසක්, අපි කොයි වගේ වෙන්න ඕනිද කියල එයා ආසා කරන විදිහට නෙමෙයි නිසා වෙන්න ඇති

~බියට්‍රිස් & දනියෙල් ~

✨️ලියන්න! ඔහු කීය,
'මං ගිය ගමන් ඔයාට ලියනවා. 'හූලියන් කීය,
'නැහැ මට නෙමෙයි .. පොත් ලියන්න, මං වෙනුවෙන් , පෙනිලොප් වෙනුවෙන් පොත් ලියන්න . හීන හැමදාම තියාගන්න'
මිකෙල් කෑගසා කීය, 'ඒවා පස්සෙ ඕනෙ වෙන්න පුළුවන් !'
'ඔව් හැමදාමත් ' හූලියන් කොඳුළේය

~මිකෙල් & හූලියන් ~

DUO  By Surath de Mel🌸🌸✨️     Read a Gift - The Vantage Store    Surath de Mel
20/08/2023

DUO By Surath de Mel
🌸
🌸
✨️

Read a Gift - The Vantage Store Surath de Mel

Shamel Jayakody ❤ ~මේ ජීවිතේ නැතුව මට ආයෙමත් වෙන ජීවිතයක් තෝරගන්න ලැබුනත් මම ඉල්ලන්නෙ මේ ජීවිතයම තමයි - උදාර ~ ඒ තමයි මග...
07/06/2023

Shamel Jayakody


~මේ ජීවිතේ නැතුව මට ආයෙමත් වෙන ජීවිතයක් තෝරගන්න ලැබුනත් මම ඉල්ලන්නෙ මේ ජීවිතයම තමයි - උදාර ~

ඒ තමයි මගේ චිකාගෝ හදවත පොතේ තියෙන ආසම කොටස, Personally ඒ මම Life ගැන හිතන විදියට වැඩියෙන්ම සමීප අදහසක් නිසා වෙන්න ඇති,

මගේ චිකාගෝ හදවත කතෘ Shamel Jayakody ගේ මම කියවපු දෙවනි පොත, මුලින්ම කියෙව්වෙ ඇමරිකා අවුරුදු 3කට වගේ කලින් ,

මගේ චිකාගෝ හදවත , 2022 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටය සඳහා නිර්දේශිත පොත් 5න් මම මේ අවුරුද්දෙ කියවපු දෙවනි පොත

මේ පොතේ මම ආසම දේ
උදාර,
මතංග,
සුරේන්ද්‍ර ,
මේකලා,
සකුන්තලා ,
ස්ටීවන්
එයාලගෙ point of view එකෙන් ජීවිතය ගැන දැනෙන, හිතන දේවල් ,

🌻
මේ ජීවිතේ නැතුව මට ආයෙමත් වෙන ජීවිතයක් තෝරගන්න ලැබුනත් මම ඉල්ලන්නෙ මේ ජීවිතයම තමයි
~උදාර ~
🌻
මා කවුදැයි සොයා මා ගිය ගමන එතෙකින් නිමා විය. එය මාගේ ඉදිරි ගමන වෙනස් නොකෙරුවේ යයි මා කියන්නේ කෙලෙසද? ඒ මුලු ගමන පුරා මා අසා සිටි කතන්දර, මා සොයා ගත් දේ , එහි රැදුනු ජීවන ගැඹුර , සුන්දරත්වය හා කටුක බව... දැන් මට සියල්ලටම පවසන්නට කතාවක් ඇත.දවස් දා හතරකින් එළඹුණු දිනයේ මම චිකාගෝව බලා පිටත් වුණෙමි

අපි හැමෝම ජීවත් වෙන්න අරගල කරන අය. අපි කොහොමද අපි ජීවත් වෙන්න කරපු දේවල් අනිත් කෙනා කළ දේට වඩා හොදයි කියල තීරණය කරන්නෙ? ඕ විමසුවාය.

ඇය ඉදිරියේ මට සහනයක් දැනිණි . මට මුණගැසුණු බොහෝ ගැහැණු කලාව, සෞන්දර්ය , ජීවිතය ගැන බොහෝ වෙලා කතා කරන්න කැමති අයයි. සමහරු ජීවිතය සැලසුම් කරන්න උපදෙස් දිය හැකි ගැහැණුය. සමහරු මුල් වචන දෙක තුනෙන්ම මා ආලයෙන් මුසපත් කරගන්න සමත් ගැහැණුය. මේඛලා ඒ කිසිවෙකු හා නොවුනාය. මගේ වේදනා ඇය ඉදිරියේ උත්සාහයකින් තොරව වචන වලට පෙරලමින් මගේ මුවින් ගලා ගියේය.

මම ආදරය කරන්න මිසක් ආදරය වෙනුවෙන් සටන් කරන්න දැනගෙන හිටපු කෙනෙක් නෙමෙයි ඔක්කොටම මුල ඒක , මම මගේ හිස් බවින් හා පීඩාවෙන් පිරුණු ගමන ගැන ඇයට කීමට ගත්තෙමි
~සුරේන්ද්‍ර ~

🌻
ජීවිත කාලය තුල අප විසින් සිදු කරන සෑම තේරීමකටම පැහැදිලි හේතු ඉදිරිපත් කල හැකිදැයි මා දන්නේ නැත. ඒ අවස්තාවේ අපි එසේ නොකලා නම් අපේ ජීවිතේ කුමන වෙනසකට පත්වන්නේදැයි අපිට කිව හැකිද?

මහලු මිනිසුන් ඔවුන්ගේ හිත යට සගවාගත් ආශා ගැන මට කියන්නේ මා එය ඉටු කරනු ඇතැයි අපේක්ෂාවෙනි. මරණයට පෙර එතැනින් පිටවී ගොස් ගත කරන්න සිහින මැවූ තමන්ගෙම ජීවිත ආශා ඔවුන්ට තිබිණි . වරක් මම එක් අයෙකු ඔහුගේ අවසන් කැමැත්තේ හැටියට උතුරු ඩකෝටාවේ ඔහුගේ වසා දැමූ ගෙදරට ගියෙමි. ඔහු ඉල්ලුවේ මිදුලට එන වල් අශ්වයන් දැකගන්නට ය. රන් පැහැති හිරු කිරණ මැද අශ්වයන් උස් තණ ගස් අතර එකිනෙකා හා සෙල්ලම් කරමින් හේෂාරාවය කරනු බලා සිටි මහල්ලා ආපසු පැමිණියේ සාන්ත ලෙස සිය මරණයට සූදානමිනි. ඉන් සති කිහිපයකට පසු ඔහුගේ දේහය අසල දූදරුවන් හඩාවැටෙද්දී මට දැනුනේ ආඩම්බරයකි.

එසේ මියගොස් භූමිදානය කර සුසානයෙන් පැමිණි පසුවද වළ දමන්නට බැරි මිනිසුන් එහි මට මුණගැසී ඇත. ඔවුහු කාලයක් පුරා මට ජීවිත දැකුම් ගැන ආත්මය වැමෑරූ අයයි. ඔවුහු වියරුවෙන් මෙන් අපට ජීවිතය කාවද්දති. මරණය සුන්දර දෙයක් වන තරමට ජීවිතය උරා බී ඇති ඔවුහු මියගිය පසු පවා අපේ සිත් තුල සදාකාලිකව හිරවෙති.

මගේ මව හැරදමා විත් අනුන්ගේ මවුපියන්ට දරුවෙකු වන මගේම විකාරසහගත දිවිය දෙස එවිට මම බලා සිටිමි.
~ මතංග ~

📖️❤

✨️සමහර පොත් , film තියෙනවා ඒ පොත් වල තියෙන vibe එක අපි විදිනවා, ඒ vibe එකත් එක්ක අපි ජීවත් වෙනවා, ඒ වගේ පොත් අපි අපිවම explore කරනවා වගේ,
අපි හොඳටම දන්න අපිව හොඳටම දනන්න කෙනෙක් එක්ක free වෙලාවක coffee එකක් බොන ගමන් කතා කරකර ඉන්නවා වගේ vibe එකක්,
සමහර පොත් movies වල ඒ vibe එක මුලු කතාව පුරාම තියෙනවා, තවත් සමහර වෙලාවට ඒ vibe එක පොතේ සමහර කොටස් වල තියෙනවා,
ඒ vibe එක තමයි ඒ පොත් ,movies වලට ආස වෙන්නත් ඒවා මේ තරම් ඒවා රසවිදින්නත් හේතුව.
ඒ vibe එක ඇබ්බැහිවනසුලුයි!! 💫❤😉

Rainbow Diaries By Madhavi Fernando

ප්‍රේමානිශංස ❤  -චන්ද්‍රරත්න බණ්ඩාර- #ප්‍රේමානිශංස ❤ගොඩක් වෙලාවට මම ආසම විදියෙ පොතක් හම්බුනාම එක දිගටම ඉවර වෙනකන්ම කියවන...
25/01/2023

ප්‍රේමානිශංස ❤
-චන්ද්‍රරත්න බණ්ඩාර-

#ප්‍රේමානිශංස


ගොඩක් වෙලාවට මම ආසම විදියෙ පොතක් හම්බුනාම එක දිගටම ඉවර වෙනකන්ම කියවනවා free time එක සම්පූර්ණයෙන්ම අරගෙන..
ප්‍රේමානිශංසත් ආසම පොතක් හැබැයි ඒ විදියට කියවන්න බැරි පොතක්..
ගොඩක් time එක අරගන දවස් ගානක් හෙමීට කියවපු පොතක්.

අවලෝකිතේශ්වර පිලිමයෙන් පටන් අරන් ප්‍රේමානිශංස ගොඩක් තැන් වලට අරන් ගිය trip එකක් වගේත්, දඹුලු ගලේ වාඩිවෙලා රිටිගල කන්දෙ view එකේ සිට සගර්මාතා (එවරස්ට් ) දක්වාත්,අවුරුදු 6000කටත් කලින් පොතාන ගල් ගුහාවේ මිනිස් වාසයේ පෞරාණික සුවද , ඉබ්බන්කටුව සුසානය, දෙග්ල්දොරුව රජමහා විහාරයෙ චිත්‍ර , දළදා මාලිගාවේ බෝම්බ ප්‍රහාරට කලින් චිත්‍ර , දේව් ප්‍රේමාල් ගෙ භජන් අහන ගමන් , සුෆී සංගීතය අහන ගමන් , මළගිය ඇත්තෝ, ආනන්ද කුමාරස්වාමි , යාපනය පුස්තකාලය , යුද්දයෙන් පසු යාපනය , රාජසිංහ රජතුමා ලංකාවේ හිටපු අන්තිම දවස්, ගුණදාස අමරසේකරගේ ගන්ධබ්බ අපදානය, ජෝන් කෝලියර් ගේ lady godiv චිත්‍රය , මෙඩිටේශන් භාවනා, කේදර්නාත්, ධර්මශාලා, ලාසා, ටිබෙට් බුදුදහම , තුසිතය, නේපාලයේ කත්මණ්ඩු සිට ටිබෙට් , හිමාලයේ දකුණු බෑවුමේ ඉහලට යන දුර්ග මාර්ගය, මිලරෝපා ගල්ලෙන් විහාරය, එවරස්ට් , ස්විච්බැක් මිටියාවත ලසාවේ sky burial සොහොන, six feet high කේරල film එක, වගේ තව ගොඩක් දේවල් google search කරන ගමන් explore කරන ගමන් කියවපු පොතක් ප්‍රේමානිශංස ,

ප්‍රේමානිශංස වලින් පස්සෙ
🌻පොතේ තැන් දෙක තුනකම කියල තිබ්බ, කවදහරි දවසක කියවන්න ඕනිම පොතක් කියල ගොඩක් කාලෙක ඉදලා හිතාගන හිටියත් තාමත් කියවල නැති මළගිය ඇත්තෝ, මළවුන්ගෙන් අවුරුදු දා කියවන්නත් ඕනි
🌻Oraalppokkam (Six feet high) මලයාලම් ෆිල්ම් එක බලන්නත් ඕනි,

ප්‍රේමානිශංස ආදර කතාවක් විදියට අපි ආසම විදිහට vibe එකක් තියෙන , ජීවිතය රස විදින ආදර කතාවක්..

හිතට දැනුන ආසම තැන් ප්‍රේමානිශංස ,

♥️
🌸
‘‘..මතක තියාගන්න... හැම හමුවීමක් ඇතුළෙම වෙන්වීමක ඉරණම ලියවෙලා තියෙන විත්තිය.. අනික මතක තියා ගත යුතු වැදගත් ම දේ හමුවීම ජීවත්වීමක් වෙන්නේ ගැළපීම හැමදාම නඩත්තු කළොත් විතරයි.“

🌸
කේක් කෑලි දෙකයි ... ප්ලේන් ටී තුනයි
ප්ලේන් ටී තුනක්? මම අසමි.
ඔයාට එකයි.. මට දෙකයි..

🌸
සයුරු ඔයා ආපහු සැරයක් ඩොක්ටර් සරච්චන්ද්‍රගේ මළගිය ඇත්තෝ කියවන්න, මේ කාලේ ඒක අත්පොතක් කරගන්නෙ නැතුව අපි වගේ අයට ආදරේ කරන්න අමාරුයි

🌸
මෙඩිටේශන් වලට උනන්දු වුනේ ඊට පස්සෙ..., පස්සෙ බ්‍රයන් එක්ක තිබුණු රිලේශන්ශිප් එක හරි ගියා.. ඒත් මං දැන් එයා ආශ්‍රය කරන්නෙ කවදහරි ආපහු රිලේශන්ශිප් එක බ්‍රේක් වෙන්න පුළුවන් කියල හිතාගෙන.. බැදීම් කියන්නෙ කැඩෙනවාමයි ඒකයි නේචර් එක ... සයුරු ....

🌸
දැන් ඔයා ගත කරන්නෙ නැතිවෙලා හිටපු කෙනාව හම්බ වුණු මොහොත . . ඒ මොහොත ඔයා හොඳට විදින්න, ඒක හුගාක් දිග වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා... 🌸❤

🌸
වැඩිම උනොත් තව හෝරාවකින් හිරු නැගෙනු ඇත, මේ විචිත්‍රත්වය නැවත බැලීමට හැකිවේද නොවේද යන්න මම නොදනිමි , මා ළග අසුනේ නිරූ හිටියා නම් ඇය මේ දසුනින් මත් වන අයුරු මසිතින් පෙළගස්වමි,

🌸
ඔයාට මතකද මෙතැන? සොෆියා අසයි.
ම්හ්හ් මම නැතැයි හිස සෙලවීමි
මේ තමා අපි දෙන්නා පළමුවෙන් මුණගැසුණු තැන

🌸
එවරස්ට් දර්ශනයෙන් මෑත්වී ම තිබ්බත ජාතිකයාගේ හැර අප කාගේත් මුහුණු වල අඩු වැඩි වශයෙන් සටහන් වූයේ සමුගැනීමේ ශෝකයකි. වැඩි ඉඩක් ඇත්තේ මේ සිත දෑස පිනවන මේ චමත්කාරික දසුන ජීවිතයේ යළි දිනෙක නොදකින්නටයි. වියෝගයේ දුක් සංකා සදාහරිත ප්‍රේමයේ වෙසින් පමණක් නොව සිත් වසග කරන ඕනෑම දෙයකට අදාල බව දේවත්වයට පත්ව ඇති මේ රමණීය කදු සිරස පසක් කරලීය.

🌸
එහෙම හිතෙන එකට influence of love කියන්නත් පුළුවන් ... miracle of love කියන්නත් පුළුවන් ... එහෙම නැත්නන් effect of love කියන්නත් පුළුවන්

🌸
රටක් ඇතුලෙ තව රටවල් ගොඩක් තියෙනවා . එකම භාශාව වුනත් කතා කරන්නෙ වෙනස් විදියට ... බොඩි ලැන්වේජ් වෙනස්... ආගම අදහන විදිය වෙනස් එහෙනම් ලෝකෙ කියන්නෙ කොච්චර සංකිර්ණ තැනක්ද?

Rainbow Diaries By Madhavi Fernando

Address

Haputale Estate
Haputale

Website

Alerts

Be the first to know and let us send you an email when Rainbow Diaries By Madhavi Fernando posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share