FLFN Media

FLFN Media Media Unit of the Faculty of Livestock, Fisheries & Nutrition, Wayamba University of Sri Lanka

Media Unit of the Faculty of Livestock Fisheries & Nutrition, Wayamba University of Sri Lanka.

වයඹින් වයඹට ගීත මාලාවේ 37 වන ගීතයසුභ උදෑසනක්,වයඹින් වයඹට ගීත මාලාවේ 37 වන ගීතය මේ සමග ඉදිරිපත් කෙරේ. මෙම ගීතය රචනා කොට ස...
03/09/2026

වයඹින් වයඹට ගීත මාලාවේ 37 වන ගීතය

සුභ උදෑසනක්,

වයඹින් වයඹට ගීත මාලාවේ 37 වන ගීතය මේ සමග ඉදිරිපත් කෙරේ. මෙම ගීතය රචනා කොට සංගීතවත් කරනු ලැබුයේ මහාචාර්‍ය ගමික ප්‍රතාපසිංහ මහතා විසිනි. ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදෙමින් රංගනයෙන් දායක වී ඇත්තේ අප විශ්ව විද්‍යාලයේ උප කුලපති ධූරය හොබවන මහාචාර්‍ය පියල් ඒකනායක මහතාත්, මහාචාර්‍ය ගමික ප්‍රතාපසිංහ මහතාත්, මහාචාර්‍ය බණ්ඩාර ගජනායක මහතාත් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙමින් මහාචාර්‍ය රේණුක සිල්වා මහතාත්ය.

මෙය වයඹ විශ්වවිද්‍යාලයේ නව ගොල්ෆ් අත්දැකීමක් හඳුන්වා දෙන, සිසුන්ගේ සිහින සහ අනාගත ජයග්‍රහණ සමඟ ක්‍රීඩාව සම්බන්ධ කරන උද්යෝගිමත් ගීයක් ලෙස හැඳින්විය හැකිය. පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය ඉදිරිපිට පිහිටි කුඩා බිම් කොටසක්, කුඩා ගොල්ෆ් පිටියක අනුරුවට ඉදි කර ගැනීමට අප පීඨයේ සේවක මහතුන් දිවා රැ නොබලා ඔවුනගේ ශ්‍රමය නොමිළයේ යොදවන ලදී. එය ඉතා ප්‍රශංසනීය කටයුත්තකි.

ගොලුෆු ගහමු..හීන ලුහුබඳිමු..
https://www.youtube.com/watch?v=pPSrSqbdGdo

ස්තුතියි.

Prof. Gamika A. Prathapasinghe
Dean/ Faculty of Livestock, Fisheries and Nutrition
Wayamba University of Sri Lanka.

පද රචනය සහ සංගීතය: මහාචාර්‍ය ගමික ප්‍රතාපසිංහ ගායනය: කෘතීම බුද්ධිය...

වයඹින් වයඹට ගීත මාලාවේ 36 වන ගීතය මේ සමග අමුණා ඇත. මෙම ගීතය රචනා කර සංගීතවත් කර ඇත්තේ මහාචාර්‍ය ගමික ප්‍රතාපසිංහ මහතා වි...
31/08/2026

වයඹින් වයඹට ගීත මාලාවේ 36 වන ගීතය මේ සමග අමුණා ඇත. මෙම ගීතය රචනා කර සංගීතවත් කර ඇත්තේ මහාචාර්‍ය ගමික ප්‍රතාපසිංහ මහතා විසිනි. පසුගිය දශක තුනක කාලය තුළ විද්‍යාවේ ඇති වූ අධිවේගී දියණුවට සමාන්තරව, වයඹ සරසවි සිසුන්ගේ හැසිරීම් රටාවේ ප්‍රකට කෙරුණු "තමා කේන්ද්‍රීය" ප්‍රවනතාවය මෙම ගීතය සඳහා නිමිත්ත සකස් කර ඇත.

රචකයාට මෙවැනි ගීත නිර්මාණ බිහි කිරීමට කෘතීම බුද්ධි තාක්ෂණය කෙතරම් උපකාරී වූවද, මෙම ගීතය නූතන විද්‍යාවේ හා තාක්ෂණයේ වේගවත් දියුණුව පිළිබඳ සරල ප්‍රශංසාවක් නොව, මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරු අනතුරු ඇඟවීමක් ලෙස බලන සමාජ විවරණයකි. එබැවින් මෙය තාක්ෂණයට එරෙහි ගීයක් නොවේ. තාක්ෂණය දියුණු වන තරමට මනුෂ්‍යත්වයද දියුණු විය යුතුය යන පණිවිඩය රැගත් ගීයකි. දැනුමට හදවතක් නොමැති වූ විට, විද්‍යාවම “අවිද්‍යාවක්” විය හැකි බවත්, අවසානයේ මිනිසා විනාශ කරන්නේ විද්‍යාවේ බලය නොව මනුෂ්‍යත්වය අහිමි වූ විද්‍යාවේ භාවිතය බවත් මෙම ගීතය සංවේදීව මතක් කර දෙයි.

විද්‍යාවේ අවිද්‍යා සැඩ

https://www.youtube.com/shorts/voUZIUdtT4U

ස්තුතියි

Prof. Gamika A. Prathapasinghe
Dean/ Faculty of Livestock, Fisheries and Nutrition
Wayamba University of Sri Lanka.

පද රචනය සහ සංගීතය: මහාචාර්‍ය ගමික ප්‍රතාපසිංහ ගායනය: කෘතීම බුද්ධිය...

 # # # 🚫 Anti-Drug Awareness Programme**📅 25 August 2026**An awareness programme on the harmful effects of drug abuse an...
28/08/2026

# # # 🚫 Anti-Drug Awareness Programme

**📅 25 August 2026**

An awareness programme on the harmful effects of drug abuse and **protecting university students from drugs** was conducted by the **Pannala Police Station** at the Main Auditorium.

The **Officer-in-Charge (OIC) of Pannala Police Station** participated as the main speaker and delivered an important awareness session for university students.

# # # 🚫 මත්ද්‍රව්‍ය විරෝධී දැනුවත් කිරීමේ වැඩසටහන

**📅 2026.08.25**

මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන අහිතකර බලපෑම් සහ **විශ්වවිද්‍යාල සිසුන් මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කර ගැනීම** පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් **පන්නල පොලිස් ස්ථානය** විසින් ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙහි ප්‍රධාන දේශක ලෙස **පන්නල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා** සහභාගී වෙමින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා වැදගත් දැනුවත් කිරීමක් සිදු කරන ලදී.

---

#මත්ද්‍රව්‍යවිරෝධී #දැනුවත්කිරීම

FACULTY OF LIVESTOCK, FISHERIES AND NUTRITION7 th INTAKE (2027-2029)WAYAMBA UNIVERSITY OF SRI LANKABSc FOOD QUALITY MANA...
24/08/2026

FACULTY OF LIVESTOCK, FISHERIES AND NUTRITION

7 th INTAKE (2027-2029)
WAYAMBA UNIVERSITY OF SRI LANKA

BSc FOOD QUALITY MANAGEMENT (EXTERNAL) DEGREE PROGRAMME

To Apply - https://flfn.wyb.ac.lk/?p=10413

වයඹින් වයඹට ගීත මාලාවේ 35 වන ගීතය මේ සමග අමුණා ඇත. මෙම ගීතය රචනා කොට මා හට ඉ-මේල් පණිවිඩයකට අමුණා එවා තිබුනේ පශු සම්පත් ...
24/08/2026

වයඹින් වයඹට ගීත මාලාවේ 35 වන ගීතය මේ සමග අමුණා ඇත. මෙම ගීතය රචනා කොට මා හට ඉ-මේල් පණිවිඩයකට අමුණා එවා තිබුනේ පශු සම්පත් හා පෝෂණ පීඨයේ පළමු වසර (ලබන සඳුදා සිට දෙවන වසරට පිවිසෙන) ගයාෂා උභයරත්න ශිෂ්‍යාව විසිනි. සංගීතවත් කර ඉදිරිපත් කරනුයේ මහාචාර්‍ය ගමික ප්‍රතාපසිංහ මහතා වන අතර කෘතීම බුද්ධි රොබෝ යුවළක් ගීතය ගායනා කරති.

“ආල මල්” යන මෙම ගීතය අසන විට මුලින්ම සිතට නැඟෙන්නේ සරසවි දිවියේ සුන්දරත්වයයි. විශේෂයෙන්ම, එය ලියා ඇත්තේ තවමත් තම සරසවි ජීවිතයේ පළමු පියවරේ ඉගෙනුම ලබන සිසුවියක විසින් වීම මෙම නිර්මාණයට විශේෂ වටිනාකමක් එක් කරයි.

ගීතයේ සරල වචන තුළින් ඉතා සුන්දර ලෝකයක් මැවෙයි. “බංකු කෙළවර රැඳී මුමුණන ආල පිරි රස කතා” යන පද පෙළින් වයඹ සරසවි පරිසරයේ බංකුවක් පවා තරුණ සිහින, මිත්‍රත්වය සහ ආදර කතාවල නිහඬ සාක්ෂිකරුවකු බවට පත්වෙයි. එය සරසවි ජීවිතයේ අපට බොහෝ විට මඟහැරෙන, නමුත් පසුව මතකයේ සුන්දරම කොටසක් වන කුඩා අවස්ථාවන් අපට සිහිපත් කරයි.

“රොබරෝසියා අතර සරනා සමනලුන් කැල විලසිනේ” යන උපමාව තරුණ සරසවි සිසුන්ගේ නිදහස්, සැහැල්ලු හා බලාපොරොත්තු පිරි ජීවිතය ඉතා මනරම් ලෙස සිතුවම් කරයි. ඔවුන් අද සමනලුන් සේ සරසවි බිමේ සැරිසරන නමුත්, ඒ සෑම හදවතක් තුළම හෙට දවස පිළිබඳ විශාල සිහිනයක් ඇත.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ අප පීඨයේ ස්ථාපිත කර ඇති මී මැසි ජනපද හා ආදරය එකම කාව්‍යමය ලෝකයකට ගෙන ඒමයි. “සිහින් ස්වරයෙන් කන වැකුණු ඒ බිඟුන් කැල” සහ “මකරන්ද ගෙන තුඩගින්ම පැණි පොද මවා” යන පදවලින් මී මැස්සන්ගේ ලෝකය ආදරයේ මිහිරියාව සමඟ අපූරුවට බැඳී ඇත. මල්වලින් මකරන්ද රැගෙන පැණි නිපදවන මී මැස්සන් මෙන්ම, සරසවි ජීවිතයේ අත්දැකීම්වලින් තරුණයන් තම අනාගතය ගොඩනඟන ආකාරය පිළිබඳ සුන්දර සංකේතයක්ද මෙහි දක්නට ලැබේ.

විශේෂයෙන්ම “වයඹ අඹරෙහි දිලෙන්නට වෙර දරන තරු මල් පවා” යන පදය මෙම ගීතය හුදෙක් ආදර ගීතයකින් ඔබ්බට ගෙන යයි. වයඹ සරසවියේ අහස යට අද සිහින දකින මෙම තරුණයන් අනාගතයේදී තම තමන්ගේ ක්ෂේත්‍රවල තරු බවට පත්වනු ඇතැයි යන සුබ බලාපොරොත්තුව එහි ගැබ්ව තිබේ. පසුගිය සඳුදා දින විශාල නවක සිසු සිසුවියන් කණඩායමක් අප පීඨයට පැමිණි අවස්ථාවක මෙම ගීතය එලි දැක්වීමද කාලීන ගැලපීමක් වන්නේය.

තවද, “තුටු සේම කඳුළ පිරි බරැති නෙක පෙම් කතා ... ඉතිහාසේ පුරාවට කුරුටු ගී ඇත මවා” යන පද පෙළින් සරසවි ජීවිතයේ ආදරය සෑම විටම සිනහවෙන් පමණක් පිරුණු දෙයක් නොවන බවද මතක් කරයි. සතුට, දුක, බලාපොරොත්තුව, වෙන්වීම, සිහිවීම වැනි සියලුම මනුෂ්‍ය හැඟීම් එකට ගැළපෙන්නේ එහිදීය.

මෙම ගීතයේ විශාලම ශක්තිය වන්නේ එහි අවංකත්වය සහ ස්වභාවිකත්වයයි. පළමු වසරේ සිසුවියකගේ ඇසින් දකින වයඹ සරසවිය මෙහිදී මල්, සමනලුන්, මී මැස්සන්, බංකු සහ තරු අතරින් අපට හමුවෙයි. එය අතිශය සංකීර්ණ වචනවලින් නොව, සරල නමුත් රසවත් රූපකවලින් තරුණ හදවතක හැඟීම් ප්‍රකාශ කරයි.

මෙවැනි නිර්මාණයක් බිහිවීමෙන් පෙනී යන්නේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය යනු පොත්පත් සහ විභාගවලට පමණක් සීමා වූ දෙයක් නොවන බවයි. නිර්මාණශීලීත්වය, නිරීක්ෂණය, හැඟීම්, සොබාදහම සහ මනුෂ්‍ය සබඳතා හඳුනාගැනීමද සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ කොටස්ය.

ආල මල්

https://www.youtube.com/watch?v=udaj8xBBDNg

Prof. Gamika A. Prathapasinghe
Dean/ Faculty of Livestock, Fisheries and Nutrition
Wayamba University of Sri Lanka.

පද රචනය: ගයාෂා උභයරත්න සංගීතය: මහාචාර්‍ය ගමික ප්‍රතාපසිංහගායනය: ක...

🎉 Celebrating a New Beginning | Moving into the New Dean’s Office - 12.08.2026The Faculty of Livestock, Fisheries and Nu...
18/08/2026

🎉 Celebrating a New Beginning | Moving into the New Dean’s Office - 12.08.2026

The Faculty of Livestock, Fisheries and Nutrition, Wayamba University of Sri Lanka, proudly celebrates the move into the new Dean’s Office.

This marks a special milestone and the beginning of a new chapter for the Faculty, inspiring continued leadership, collaboration, and academic excellence.

A new office, a new beginning, and a new journey ahead! 💙

🎓 **WELCOME TO THE FACULTY OF LIVESTOCK, FISHERIES AND NUTRITION!** 💙A warm welcome to the **2024/2025 New Student Intak...
18/08/2026

🎓 **WELCOME TO THE FACULTY OF LIVESTOCK, FISHERIES AND NUTRITION!** 💙

A warm welcome to the **2024/2025 New Student Intake** of the **Faculty of Livestock, Fisheries and Nutrition, Wayamba University of Sri Lanka**.

Wishing you a successful and memorable university journey! 🌟

සුභ සන්ද්‍යාවක්,වයඹින් වයඹට තේමාව යටතේ ගැයුණු 34 වන ගීතය මේ සමග අමුණා ඇත. මෙම ගීතය රචනා කර සංගීතවත් කර ඇත්තේ මහාචාර්ය ගම...
17/08/2026

සුභ සන්ද්‍යාවක්,

වයඹින් වයඹට තේමාව යටතේ ගැයුණු 34 වන ගීතය මේ සමග අමුණා ඇත. මෙම ගීතය රචනා කර සංගීතවත් කර ඇත්තේ මහාචාර්ය ගමික ප්‍රතාපසිංහ මහතා විසිනි. අද දින පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨයට නවක සිසු සිසුවියන් රැසක් දිවයිනේ නන් දෙසින් පැමිණියහ. එම අවස්ථාව අරභයා මෙම ගීතය නිර්මාණය කර ඉදිරිපත් කෙරේ.

විශ්වවිද්‍යාල ජීවිතය යනු දැනුම සොයා යන ගමනක් පමණක් නොව, සිහිනවලට අර්ථයක් ලබාදෙමින්, නව මිතුරුකම් ගොඩනඟමින්, තමන්ගේ අනාගතය නිර්මාණය කරගන්නා අලුත් පරිච්ඡේදයක ආරම්භයකි. අද වයඹ විශ්වවිද්‍යාල පවුලට එක්වන නවක ඔබ සැමට, මේ මොහොත එවැනි අලුත් ගමනක සුන්දර ආරම්භයයි.

දිවයිනේ නන් දෙසින් පැමිණි විවිධ සිහින, විවිධ අත්දැකීම් සහ විවිධ හැකියාවන් රැගෙන, එකම අරමුණක් ඔස්සේ වයඹට එක්වන ඔබ, අද සිට එකම පවුලක සාමාජිකයන් බවට පත්වෙයි. පීඨ හයකින් පැමිණියද, ඔබගේ ගමන අවසානයේ බලාපොරොත්තු වන්නේ එකම හෙටක්—දැනුමෙන්, ගුණයෙන් සහ නිර්මාණශීලීත්වයෙන් පිරිපුන් හෙටක්.

ඒ නිසාම, නවක වදයෙන් තොර, සෙනෙහස, නිදහස සහ සහෝදරත්වය පිරි වයඹ පරිසරය තුළ, ඔබේ සිහිනවලට අත් තටු ලබාදෙන මේ සුන්දර නවාතැන වෙනුවෙන් නිර්මාණය වූ මේ ගීතය, ඔබගේ විශ්වවිද්‍යාල ජීවිතයේ පළමු මතකයන් අතර සදා රැඳෙන ගීයක් වේවා.

එසේ නම්, වයඹේ අලුත් සාමාජිකයන් ලෙස අදින් ඔබ ආරම්භ කරන මේ අලුත් ගමනට සුබ පැතුම් එක් කරමින්, “වයඹ... වයඹ... සිහින පිපෙන නවාතැනයි” යන ගීතය ඔබ වෙත පිළිගන්වමු.

වයඹ... වයඹ... සිහින පිපෙන නවාතැනයි...

https://www.youtube.com/watch?v=IgmO58Z-Yxw&list=RDIgmO58Z-Yxw

Prof. Gamika A. Prathapasinghe
Dean/ Faculty of Livestock, Fisheries and Nutrition
Wayamba University of Sri Lanka.

පද රචනය සහ සංගීතය: මහාචාර්‍ය ගමික ප්‍රතාපසිංහ ගායනය: කෘතීම බුද්ධිය...

GRS Technical Session - 06.08.2026 at Faculty Mini Auditorium
11/08/2026

GRS Technical Session - 06.08.2026 at Faculty Mini Auditorium

🎓✨ INAUGURAL CEREMONY | GRADUATE RESEARCH SHOWCASE 2026 ✨🎓A glimpse into the memorable moments of the Inaugural Ceremony...
06/08/2026

🎓✨ INAUGURAL CEREMONY | GRADUATE RESEARCH SHOWCASE 2026 ✨🎓

A glimpse into the memorable moments of the Inaugural Ceremony of the Graduate Research Showcase 2026 🌱🔬

Under the theme “Next-Generation Food Systems: Innovative Sources, Smart Technologies, and Tailored Nutrition,” the event brings together researchers, academics, and innovators to celebrate research excellence and explore the future of food systems.

📸 Highlights from the Inaugural Ceremony

Address

Gonawila

Website

Alerts

Be the first to know and let us send you an email when FLFN Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to FLFN Media:

Shortcuts

Share