14/02/2026
මේ මහපොළොව යට ප්‍රේමය කැප කිරීමක්ද ? යන්න, ප්‍රශ්නාර්ථයක හිත් අතරමං කරවන රූපමය දිගහැරුමක්...
මම කැම්පස් ආව දවසෙ ඉඳලා කැමතිම ඉක්මනින් රෑවෙනවට.මොකද හිතට නිදහසක් දැනෙන්නෙම හිතේ තියෙන හැම දෙයක්ම මාව අහන් ඉන්න කෙනෙකුට කිව්වට පස්සේ.ඒ වෙන කවුරුත් නෙවෙයි එයා.ගතින් කොච්චර ඈතින් හිටියත් මට දැනෙන්නෙම එයා මගෙ ළඟින්ම ඉන්නව කියලා. ඒ කොහොම වුනත් අම්මට කෝල් එකක් අරගන්න එකත් මට පුරුද්දක් වෙලා තිබුනේ.
හෙට දවස මගේ ජීවිතේ විශේෂම දවසක්. මගෙත් හීනයක් වුනු ,ඒ විතරක්ම නෙවෙයි එයා මගෙන් දැකපු හීනෙ ඇතුළෙ අපි දෙන්නම තනිවෙන දවස හෙට.ඔව් ඒ දවස හෙට...14 වෙනිදා. ඒ හැමෝම දන්න ආදරණීයම දවස
එහෙනම් හෙට එනවා නේද?, ඔන්න මම බලන් ඉන්නවා… මට ඔයාව දකිනකම් ඉවසිලක් නැහැ.අයියෝ Video Call නම් හැමදාම ගන්නෙ ළමයෝ..., එහෙම නෙවෙයි හෙට මට විශේෂ දවසක්, මොකද මට ජීවිතය පෙන්නපු ඔයාට ඒ ජීවිතේ සුන්දරම පරිච්ඡේදයක් වුණ කැම්පස් එක පෙන්නන එක මගේ හීනයක් වෙලා තිබුණේ.හැබැයි කොහොම වුනත් ඔයත් ළඟ හිටියනම් කියලා හිතෙන වාර අනන්තයි.කමක් නැහැ හෙට තමයි දවස , දවසක් කියන්නෙත් කොච්චර කාලයක්ද නේද ?,පැයම විසිහතරක් තියෙන්නෙ, හෙට දවස රෑ නොවී තියෙනවනම්...එහෙනම් මන් තියන්නම් ගුඩ් නයිට් , බුදු සරණයි... හෙට හම්බෙමුකෝ...
________________________________
A Visual Story Brought to Life
Concept & Vision
Dewmina U Weerasinghe
Captured Through the Lens of
N7 Photography
Story & Script
Dhanushka Thusitha Bandara
Sasindu Muhandiramge
Samadhi Sathsarani