ඇතුගල-Officeal

ඇතුගල-Officeal 🔥 අලුත් පෙරළියට🔥 🔥සූදානමින්🔥

08/02/2026

දාගැබ් නිර්මාණය ゚viralシalシ

07/02/2026

Old Srilanka ❤️😍 ゚viralシalシ

05/02/2026

🤗😍

නිවන් සුව ලැබේවා !
26/12/2025

නිවන් සුව ලැබේවා !

     #ඇතුගල
25/12/2025

#ඇතුගල

12/12/2025

😶‍🌫️ #ඇතුගල_Officeal ゚viralシfypシ゚viralシalシ #වදන්

NASA එක Blue Origin කියන ඇමරිකානු සමාගමට ලුනා රෝවර් එකක් (VIPER) චන්ද්‍රයාගේ දකුණු ධ්‍රැවයට ගෙන යන්න කොන්ත්‍රාත් එකක් දී...
23/09/2025

NASA එක Blue Origin කියන ඇමරිකානු සමාගමට ලුනා රෝවර් එකක් (VIPER) චන්ද්‍රයාගේ දකුණු ධ්‍රැවයට ගෙන යන්න කොන්ත්‍රාත් එකක් දීලා තියෙනවා. මේ රෝවර් එකේ වැඩේ චන්ද්‍රයාගේ මතුපිට තියෙන ජලය වගේ දේවල් (volatiles) ගැන තොරතුරු එකතු කරන එක. මේ තොරතුරු චන්ද්‍රයා මත ජනාවාස ගොඩනගන්න උදවු වෙනවා, ඒ වගේම අඟහරු ගවේෂණයටත් උපකාරී වෙනවා.

Blue Origin ඔවුන්ගේ Blue Moon Mark 1 (MK1) ලෑන්ඩර් එක භාවිතා කරලා 2027 අගදී මේ රෝවර් එක චන්ද්‍රයාට ගෙන යනවා. මේක ඔවුන්ගේ දෙවන චන්ද්‍ර මෙහෙයුම, ඒ කියන්නේ ඊට කලින් ඔවුන් තවත් NASA උපකරණ චන්ද්‍රයාට ගෙන යනවා. මේ කොන්ත්‍රාත් එකේ වටිනාකම ඩොලර් මිලියන 190ක් විතර.

මේ රෝවර් එක දවස් 100ක මෙහෙයුමකදී චන්ද්‍රයාගේ ජලය වැනි දේවල් කොහේ තියෙනවාද, ඒවා ලබා ගන්න පහසුද කියලා බලනවා. මේක NASA එකේ Artemis වැඩසටහනේ කොටසක්, ඒකේ ඉලක්කය චන්ද්‍රයා මත දිගුකාලීනව මිනිසුන් ජීවත් වීමට හැකි තැනක් බවට පත් කිරීම. Blue Origin ලෑන්ඩර් එක හදනවා, රෝවර් එක ගෙනියනවා, චන්ද්‍රයා මත බස්සනවා, ඒත් රෝවර් එකේ විද්‍යාත්මක වැඩ NASA එකම බලා ගන්නවා.

සරලවම, මේක චන්ද්‍රයාගේ ජලය ගැන හොයාගෙන, ඒ තොරතුරු භාවිතා කරලා අනාගතයේ මිනිසුන්ට චන්ද්‍රයා මත ජීවත් වෙන්න උදවු කරන ව්‍යාපෘතියක්.

ඔයාලා හැමෝම දන්නවා මේ දවස් වල ලෝකේ මිනිස්සු වැඩි පුරම කතාවෙන මාතෘකාවක් තමයි මේ ඇපල් සමාගමෙන් නිකුත් කරපු අලුත් ජංගම දුරක...
12/09/2025

ඔයාලා හැමෝම දන්නවා මේ දවස් වල ලෝකේ මිනිස්සු වැඩි පුරම කතාවෙන මාතෘකාවක් තමයි මේ ඇපල් සමාගමෙන් නිකුත් කරපු අලුත් ජංගම දුරකතන මාදිලි කිහිපය.

එයාලා මේ විදිහට එළියට දාපු ෆෝන් ටික මේ විදිහට පෙන්නන්න පුලුවන්

* iPhone 16e
* iPhone 17
* iPhone Air
* iPhone 17 Pro
* iPhone 17 Pro Max

මේ ෆෝන් ටික අතර කැපී පෙනෙන ෆෝන් එකක් තමයි මේ
iPhone Air කියන ෆෝන් එක.

ඇපල් සමාගමෙන් ඉදලා ඉදලා එකපාරටම ඇයි මෙහෙම ෆෝන් එකක් එලියට දැම්මේ.

ඔව් මේක ඇපල් සමාගමෙන් මෙච්චර කාලෙකට එළියට දාපු ෆෝන් එක්ක බලනකොට හුගක් වෙනස් විදියේ ෆෝන් එකක්.

එයාලා කියන විදියට ඇපල් සමාගම දැනට එයාලා නිශ්පාදනය කරපු iphone එක්ක සන්සන්දනය කරලා බලනකොට iphone Air කියන ෆෝන් එක තමයි එයාලා නිශ්පාදනය කරපු සිහින්ම ෆෝන් එක.

මේක ඔයාලට මෙහෙම කිව්වට තේරෙන්නේ නෑනේ 😉 මේක ඔයාලට තේරෙන භාශාවෙන් උදාහරණයක් එක්ක පැහැදිලි කරොත් සාමාන්‍යයෙන් මේ ෆෝන් එක ඔයාගේ දබර ඇගිල්ලේ භාගයක් විතර වෙන්නේ. දැන් අහන්න එපා දබර ඇගිල්ල කියන්නේ මොකක්ද කියලා 😌.ඒක මිනුමක් විදියට කිව්වොත් මිලිමීටර් 5.6 වෙනවා.

මේකේ මේ සිහින් බව නිසා ෆොන් එක අතර මාරම පහසුයි කියලා තමයි කියන්නේ.

ඒ වගේම මේකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරාම Outdoor භාවිතා කරන අයට සුපිරියක් . මේ ඩිස්ප්ලේ එකේ මෙයාලා අලුතින් Ceramic Shield 2 කියන ඩිස්ප්ලේ ස්ක්‍රීන් Protection කියන තාක්ෂණය යොදාගෙන තියනවා. මේකෙන් මේ ෆෝන් එකේ අපි එදිනදා පාවිචිචි කරනකොට ඩිස්ප්ලේ එකට වෙන එක එක හානී වලින් ආරක්ශා වෙනවා. ඒ නිසා මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක අනික් iphone එක්ක බලනකොට ශක්තිමත්.

Hardwear performance පැත්තෙන් බලනකොට මේකේ තියෙන්නේ ඇපල් සමාගමේ අලුත්ම A19 Pro chip චිප් එක 😌. හැබැයි අනික් iphone 17 ෆෝන් එක්ක බලනකොට performance ටිකක් අඩුයි. මොකද මේ iphone air එකට එන චිප් එකේ GPU Cores ගාන ටිකක් අඩුයි.ඒ කියන්නේ මේක වැඩක් නෑ කියන එක නෙවේ. අනික් iphone 17 සීරීස් එකේ ෆෝන් එක්ක බලනකොට පොඩ්ඩක් performance අඩුයි කියන එක.

මේකේ පිටිපස්සේ තියෙන්නේ එක Main Camera එකයි. ඒකත් මෙගාෆික්සල් 48 කැමරා එකක්. සෙල්ෆි කැමරා එකේ මෙගාෆික්සල් 18 තියනවා. කැමරාව නම් සුපිරියක් තමා.

මේ ෆෝන් එකේ බැට්‍රිය පැය 27 එක දිගට ස්ක්‍රීන් on කරගෙන ඉන්න පුලුවන් කියලා ඇපල් සමාගම කියනවා.ඒක මේ ෆෝන් එකේ සිහින් බවත් එක්ක පට්ටම වැඩක්. මොකද සාමාන්‍යයෙන් ෆෝන් එක්ක සිහින් බවට බලපාන ලොකුම හේතුව තමයි මේ බැට්‍රි එක. ඒ අතින් බලනකොට මේක ලොකු වැඩක් 😌

මේකට අපිට පිටින් සිම් දාන්න බෑ 🥲 මේකේ ඇතුලේ වෙනම esim පහසුකම තියනවා. ඒවගේම ඇපල් සමාගමටම ආවේනික උන Apple interligence තියන නිසා Ai ෆෝන් එකේ software පැත්ත හොදට වැඩ 😀

මේක සම්පූර්ණයෙන් ඇපල් පාවිචිචි කරන්න ඉන්න අයට අඩුගානකට ගන්න පුලුවන් වගේම වැඩි වැඩ කෑලී දාලා iphone E සීරීස් එකත් pro සීරීස් එකත් මැද්දට දාලා හදපු ෆෝන් එකක්. මේක එයාලගේ product වල වෙළදාම වැඩිකරගන්න හදපු අලුත්ම බජට් ෆෝන් එක. ඒක එයාලගේ iphone අනාගතයට වගේම apple භාවිතා කරන්නන්ටත් ගොඩක් හොද වෙයි ☺️

ඉතින් ඔයා මොකද හිතන්නේ මේ අලුත් චූටී ෆෝන් එක ගැන 🙂.ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න 😗❤️

රුසියාවෙන් හදුන්වාදුන් නවතම පිළිකා එන්නත "එන්ටරොමික්ස් (Enteromix)" යි. මෙය mRNA තාක්ෂණය භාවිතා කර නිර්මාණය කර ඇති එන්නත...
08/09/2025

රුසියාවෙන් හදුන්වාදුන් නවතම පිළිකා එන්නත "එන්ටරොමික්ස් (Enteromix)" යි.

මෙය mRNA තාක්ෂණය භාවිතා කර නිර්මාණය කර ඇති එන්නතක් වේ.

මොකක්ද මේ mRNA කියන තාක්ෂණය

(mRNA (messenger RNA) තාක්ෂණය කියන්නේ ශරීරයේ සෛලවලට රෝගය හෝ විෂබීජ හඳුනාගත හැකි ප්‍රෝටීන් එකක් නිශ්පාදනය කිරීමට අවශ්‍ය උපදෙස් එහෙමත් නැතිනම් (genetic code) දෙන පණිවිඩයක් ලෙස ක්‍රියා කරන RNA පණිවිඩ භාවිතා කරන්නෙකි.

මෙම mRNA එන්නත් තුළ තිබෙන mRNA අණු සෛල තුළට ඇතුළත් වෙලා, ඒ අනුව රෝගය හඳුනාගන්නා ප්‍රෝටීනයක් නිර්මාණය කිරීම සිදු කරනවා. පසුව එම ප්‍රෝටීනයට සිරුරේ ප්‍රතිශක්ති පද්ධතිය ප්‍රතිචාර දක්වා රෝගය හෝ පිළිකා සෛල මත ප්‍රහාරයක් ඇති කරනවා.

ඉතා ඉක්මනින් නිර්මාණය කල හැකි, ආරක්ෂිත තාක්ෂණයක් වන mRNA එන්නත්, සම්ප්‍රදායික එන්නත්වලට වඩා වේගවත්, කාර්යක්ෂම හා පහසු ලෙස නිපදවිය හැක. mRNA, DNA වෙනස් කිරීමක් නොකර මෘදු කාලයක් තුළ ශරීරයෙන් ප්‍රතික්ෂේප වෙයි.)

ඒ වගේම මෙම එන්නතට පිළිකා සෛල හඳුනාගෙන ඒවා මුළුමනින්ම වැනසීමට හැකි බව පර්යේෂකයින් පෙන්වා දෙනවා. මෙම එන්නත මිනිසා යොදාගෙනම අත්හදා බැලීම් සිදු කිරීමේදී සියයට 100% සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති අතර, එහි පූර්ව සායනික පරීක්ෂණවලින් ආරක්ෂාකාරී හා කාර්යක්ෂම බව තහවුරු වී ඇත.

රුසියාවේ ෆෙඩරල් වෛද්‍ය හා ජීවවිද්‍යා ඒජන්සිය (FMBA) මෙම එන්නත සායනික භාවිතයට සූදානම් බව නිවේදනය කර ඇත. මෙම එන්නත මූලික වශයෙන් කොලොරෙක්ටල් (colon) පිළිකා සඳහා ප්‍රධානව භාවිතා කරන බවත්, පිළිකා ගැටිතිවල ප්‍රමාණය අඩු කිරීම සහ වර්ධන වේගය අඩු කිරීම සඳහා 60%-80% ක දක්වා හැකියාවක් ඇති බවත් සනාථ කරලා තියනවා.

අවසාන අනුමැතිය සඳහා යොමු කිරීමත් සමඟ, එම එන්නත 2025 වසරේ විශාල පිරිසකට භාවිතයට දීමට බලාපොරොත්තු වෙනවා කියලා තමා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. රුසියාව මෙම එන්නත නොමිලේ පිළිකා රෝගීන්ට ලබාදීමට ද තීරණය කරලා තියනවා.

සාමාන්‍යයෙන්, මෙම නව mRNA පිළිකා එන්නත පිළිකා රෝග ප්‍රතිකාර කිරීමේ විප්ලවයක් ලෙස සැලකිය හැකි අතර, ලෝක පිළිකා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අලුත් ප්‍රශ්නයක් සහ විසඳුමක් ලබාදෙන නවෝත්පාදනයක් බවට පත්වෙලා තියනවා.

මේ ගැන ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න. ඇතුගල official අපිව follow කරන්න අමතක කරන්නත් එපා.❤️

මොකක්ද මේ වෙන්න යන්නේ 🙂
08/09/2025

මොකක්ද මේ වෙන්න යන්නේ 🙂

Address

Colombo
00100

Website

Alerts

Be the first to know and let us send you an email when ඇතුගල-Officeal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share