Krish and Hansi Vlogs

Call Contact the business

Krish and Hansi Vlogs ❤️ Sharing our lifestyle and parenting tips
🤗 Mom of Kiyara

✅ For collaborations -
Contact us through 072 682 0889

24/10/2026

පුළුවන් තරම් තමන්ගේ FB wall එක positive දේවල් වලින් පුරව ගන්න..
Negative දේවල් Unfollow කරලම දාන්න

මා දැන් මහලු වියේ ද යාලුවනේ 😒😒
24/10/2026

මා දැන් මහලු වියේ ද යාලුවනේ 😒😒

දරුවෙක් ලෙඩ වෙන එක තරම් වෙන දුකක් නෑ 😢😢 ගෙදර දුවල පැනල සෙල්ලම් කරන දරුවා අසනීප උනාම ඕනම අම්මා තාත්තා කෙනෙක්ට දැනෙන දුක ක...
24/10/2026

දරුවෙක් ලෙඩ වෙන එක තරම් වෙන දුකක් නෑ 😢😢

ගෙදර දුවල පැනල සෙල්ලම් කරන දරුවා අසනීප උනාම ඕනම අම්මා තාත්තා කෙනෙක්ට දැනෙන දුක කියලා වැඩක් නැ..

කතා කරලා අමාරුව හරියටම කියා ගන්න තේරෙන්නෙ නැ..
ඇගෙ අමාරුවක් ආවම ඒක දරා ගන්න ශක්තිය නැ..
අඩන එක ඇරෙන්න වෙන ක්‍රමයක් එයාලා දන්නෙ නැ..

බෙහෙත් ටික වත් හරියටම බොන්නෙ නැතුව දවසම කෙදිරි ගගා ඉන්න දරුවො එක්ක ඔට්ටු වෙන දෙමාපියන් නිදි නැතුව ගෙවන රාත්‍රීන් ඕන තරම් ..

ඔව් පුංචි දරුවො ලෙඩ උනාම එයාලා හරිම පව්.

හැබැයි මට හිතෙන්නෙ එයාලට වඩා දෙමව්පියන් පව්

මොකද දරුවොන් දුක් විදින හැටි, නොකා නොබී දුර්වල වෙන හැටි වගේම දවසම අඩ අඩ ඉන්න හෑටි දැක්කම අම්මා කෙනෙක්ට තාත්‍තා කෙනෙක්ට හිත වාවන්නෙ නැ..

ඉතිං බබා අසනීප උනාම මට හැමදාම හිතෙන දේ මොකක්ද දන්නවද ?

" අනේ එයාට තියන අමාරුව මට දීලා, එයාට නිරෝගීව වෙනදා වගෙ දුවලා පැනලා ඉන්න පුළුවන් උනා නම් " කියලා..🥹🥹

ඉතිං සෑම දරුවෙක්ම නිරෝගි වේවා..සුවපත්ම වේවා

21/10/2026

😅😂

කාලයක් තිබ්බා මට මාවත් අමතක වෙලා තිබුනු.."අම්මා " කියන කිරුල නිසා ජීවිතෙ උඩුයටිකුරු උනු..ළමයගෙ දේවල් එක්ක විතරක් ඔට්ටු උ...
21/10/2026

කාලයක් තිබ්බා මට මාවත් අමතක වෙලා තිබුනු..

"අම්මා " කියන කිරුල නිසා ජීවිතෙ උඩුයටිකුරු උනු..

ළමයගෙ දේවල් එක්ක විතරක් ඔට්ටු උනු..

හැබැයි,
දැන් එයා පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙනවා...ඉතිං මට පුළුවන් දැන් ආයිත් මන් ගැන හිතන්න.

මන් වෙනුවෙන් කාලයක් දෙන්න..

බබාට හාල්මැස්සො ඔලුව සුද්ද කරන්න දෙන එකෙන් මේ තරම් පාඩම් ගොඩක් උගන්වන්න පුළුවන් කියලා නිකමට වත් හිතුවද ? 🙋‍♀🙋‍♀ මන් හැමද...
21/10/2026

බබාට හාල්මැස්සො ඔලුව සුද්ද කරන්න දෙන එකෙන් මේ තරම් පාඩම් ගොඩක් උගන්වන්න පුළුවන් කියලා නිකමට වත් හිතුවද ? 🙋‍♀🙋‍♀

මන් හැමදාම කියනව වගෙ කුස්සිය කියන්නෙ බබාලට උගන්වන්න හැම දේම තියන විද්‍යාගාරයක් වගේ..ඉතිං ගොඩක් වෙලාවට මන් කුස්සියෙ වැඩක් කරනව නම් මගෙ චූටි දුවත් එනව ..

එයා සම්බන්ධ වෙන එකෙන් මට උදව්වක් ලැබෙන එක කෙසේ වෙතත් තව කුස්සිය තව හැඩි නම් වෙනවා..ඒත් මන් පුළුවන් හැම වෙලාවකම එයට පොඩි පොඩි task දෙනවා

ඉතිං ඊයෙ මම හාල්මැස්සන් සුද්ද කරද්දි මෙන්න මෙයත් ආවා මට උදව් කරන්න ඔන කියලා..හැබැයි මම එපාම කිව්ව..මොකද කටු තියන නිසා වගේම අපිරිසිදු නිසා..

හැබැයි එයාට උදව් කරන්න ඕනම උන නිසා මාත් ඉතිං හා කියලා දුන්නා..නමුත් මම හිතපු නැති තරම් වාසි ගොඩක් ලැබුනා..මොකද අපි දෙන්නට කතා කරන්න ගොඩක් දේවල් තිබ්බ ..එයාට නොදැනුවත්වම පාඩම් කිහිපයක්ම කියලා දෙන්න මට පුළුවන් උනා..

🙋‍♀ පලවෙනි දේ නහයට දැනෙන ගඳ සුවද ගැන..
🙋‍♀ හාල්මැස්සන් අල්ලද්දි අතට දැනෙන Texture එක ගැන
🙋‍♀ හාල්මැස්සන් කටු තියන නිසා පරිස්සමෙන් වැඩක් කරන විදිය ගැන
🙋‍♀ පිරිසුදු වගේම අපිරිසිදු දේවල් උනත් අපිට අල්ලන්න වෙන බව
🙋‍♀ Sorting Activity- හාල්මැස්සන් ඔලුව එක තැනකට සහ සුද්ද කරපු ඇග කොටස තව තැනකින් පිලිවෙලවට තැබීම
🙋‍♀ Big and Small - ලොකු හාල්මැස්සන් සහ පොඩි හාල්මැස්සන් ගැන
🙋‍♀ Thin and Fat - කෙට්ටු හාල්මැස්සන් සහ මහත හාල්මැස්සන් ගැන
🙋‍♀ Tall and Short - එක එක size වල හාල්මැස්සන් හිටපු නිසා උස ගැන කියලා දෙන්න පුළුවන් උනා
🙋‍♀ Body parts of an animal
🙋‍♀ හාල්මැස්සන් මහ මුහුදෙ ජීවත් වෙන හැටි , බෝට්ටු වලින් ගිහින් එයාලව අල්ලන එන හැටි කියල දුන්නා
🙋‍♀ මුහුදේ ජීවත් වෙන හාල්මැස්සන් වගේම වෙනත් ලොකු මාලු ජීවත් වෙන හැටි සහා එයාලා ආහාර ගන්න හැටි
🙋‍♀ ඒ ලොකු මාලු සහා හාල්මැස්සන් කෑවම අපිට ලැබෙන කැල්සියම් සහ ප්‍රෝටීන් වල වැදගත්කම ..බබාට උස යන්න ලොකු වෙන්න ඒ පෝශනය අවශ්‍ය බව
🙋‍♀ එයාට nursery අරන් යන්න ඕන කියපු නිසා ටිකක් බැදලා දුන්නා..ඉතිං එයාම හදපු කෑමක් නිසා පහුවෙනිද Nursery එකේදි ඔක්කොම කාලත් තිබ්බා
🙋‍♀ ඒ වගේම එයා මට මේ වගෙ පොඩි පොඩි වැඩ කරල දෙන එක අම්මට කොයි තරම් සතුටක් ද කොයි තරම් උදව්වක්ද කියලා මම එයාට Thanks කලා..ඉතිං එයාට හරිම සතුටුයි.මාව බදාගෙන එයාම hug එකක් දුන්නා..

ඉතිං බලන්න පුංචි දේකින් අපිට කොයි තරම් නම් දේවල් දරුවන්ට කියාලා දෙන්න පුළුවන් ද ?

මේසයක පුටුවක වාඩි කරන් විතරක් මේ පුංචි පැටවුන්ට උගන්වන එක එයාලට හරිම බෝරින්. පුළුවන් තරම් එයාලට දේවල් practical කියලා දෙන්න තමයි මම නම් කැමති

ඒ වගේම දරුවන්ට පුංචි කාලෙ ඉදන්ම අම්ම ගැන සහකම්පනයක් ඇති වෙන විදියට එයාව train කරවන්න..පුංචි පුංචි වැඩ ගන්න..එයාලගෙ උදව්ව අපිට ගොඩක් වටින බව එයාලට දන්වන්න..එයල කරන පුංචි උදව්වක් හරි ගොඩක් අගය කරන්න

මොකද පුංචි කාලෙ ඉදන් ගෙදර වැඩ වලට උදව් කරන හැටි , අම්මට support එකක් දෙන හැටි එයලා ඉගෙන ගත්තාම ලොකු උනාම අම්මලට ගොඩක් පහසුවක් වෙයි..හැමදාම ළමයින්ගෙ වැඩ කරලම වයසට යන්නෙ නැතුව ටිකක් නිදහසෙ ඉන්න පුළුවන් වෙයි

ඉතිං ඔයාලගෙ පුංචි දරුවොත් මේ වගෙ ඔයාලට උදව් වෙනව නම් ඔයත් හරිම වාසනවන්ත අම්මා කෙනෙක් 🙋‍♀

21/10/2026

සිංගප්පූරුවෙදි කියාර වැඩියෙන්ම කලෙ මොනාද කියලා ඇහුවොත් මම කියන්නෙ ටෙඩියො ගන්න Try කලා කියලා 😂😂

මේ Teddy machine එක තිබ්බෙ අපි හිටපු හොටෙල් එක පහල..ඉතිං අපෙ කෙල්ලට හැම තිස්සෙම එතනින් යද්දි ටෙඩියෙක් ගන්න try කරන්න ඕන

එක try එකකට අපි ong Sin dollor coin එකක් දාන්න ඕන..

මටත් ඕන උනා එයා එන්න කලින් කොහොම හරි ඒකෙන් එයාට ටෙඩියෙක් අරන් දෙන්න..

හැබැයි ඒ machine එක තියෙන්නෙ සල්ලි ගන්න විතරයි ..ටෙඩියො දෙන්න නෙමෙයි වගෙ..

පව් අපෙ සුදු දුව 🥹🥹

20/10/2026

සිංගප්පූරු කෑම ගැන තමයි මේ වීඩියො එකත්..

අපි සිංගප්පූරු ගියාම නැවතිලා හිටපු 4star හොටෙල් එකෙන් උදේට Buffet එක ලැබුනා..

දවල් කෑම අපි ගොඩක් වෙලාවට එලියෙ කොහෙ හරි visit එකක් ගිය තැනකින් තමා කෑවේ..

අපි නැවතිලා හිටපු Hotel එක ගාවම පහල තිබ්බ කෑම කඩ කිහිපයක් තියන තැනක්.හරියටම කිව්වොත් food court එකක්..

ඒ නිසා ගොඩක් වෙලාවට අපි එතනින් තමා රෑට කෑම කෑවේ.." ඇන්ටිගෙ කඩේ " කියලා තමා අපි එතනට නම දාලා තිබ්බෙ..

රෑ වෙද්දි මෙතනට කට්ටිය එනවා..බියර් එකක් බොන ගමන් කට්ටිය සෙට් වෙලා කියව කියව ඉන්නවා..

මේ විදියෙ තැන් ගොඩක් අපි සිංගප්පූරුව පුරාම දැක්කා..

ඉතිං ඒ කෑම අපි කෑවට අපෙ කෙල්ල නම් කෑවෙ නැ 😂🥹

゚ 🇸🇬

මේ වගේ ගෑස් ලිප් ගැන ඔයාලගෙ අදහස මොකක්ද ?මේ තරම් කාලයක් අපේ කුස්සියෙ තිබ්බෙ ලංකාවෙ ප්‍රසිද්ධ brand එකක ගෑස් ලිපක්..හැබැය...
20/10/2026

මේ වගේ ගෑස් ලිප් ගැන ඔයාලගෙ අදහස මොකක්ද ?

මේ තරම් කාලයක් අපේ කුස්සියෙ තිබ්බෙ ලංකාවෙ ප්‍රසිද්ධ brand එකක ගෑස් ලිපක්..හැබැයි ඒ ලිප අපිට පුදුම දුකක් තම දුන්නෙ..

Repair කරපු වාර ගාන මතක නැ..

🙋‍♀හැමදාම ලිපේ දැල්ලෙ ප්‍රශ්නයක් ..එක්කො වැඩියෙන්ම එනවා..නැත්තම් එන්නෙම නැ..

🙋‍♀ Ignition එක සමහර දවසට නිකන්ම Auto වැඩ කරනවා ටික් ටික් ගගා

🙋‍♀ ලිපෙ යට පැත්ත සෑහෙන මලකඩ කාලා..

🙋‍♀ හොදම වැඩෙ තමා උය උය ඉන්නකොට එක පාරටම "බොග්"
ගාල මහා සද්දයක් එක්කම ලිපෙ ගින්දර උඩට විසි වෙනවා පිපිරෙන්න වගේ..

🙋‍♀ලිප පාවිච්චි කරපු අන්තිම දවසෙ උදේට කුස්සියට යද්දි මුලු කුස්සියම ගෑස් ගදයි

එදායින් පස්සෙ ලිප ගලවලා විසි කරලම දැන්මා..මොකද තරහාකාරයෙක්ට වත් ඒ වගෙ දෙයක් නිකන් වත් දෙන්න හොද නැති නිසා 🥹

මොකද ක්‍රිශාන්ගෙ අම්මයි මමයි කුස්සියට උයන්න ගියෙ මරණ සහතිකය අතෙ අරන්..

ලිප ගොඩක් පරණ එකක් නෙමෙයි ..අරගෙන 2 years වගේ ...

කොහොම හරි දැන් අලුතින්ම ගත්තෙ පහල Photo එකෙ තියන Elba Brand එකෙ cooker එකක්...ඒකෙ ගෑස් එකෙන් වගේම current එකෙන් උයන්නත් පුළුවන්

ඉතිං ගෑස් ලිප් පාවිච්චිය ගැන ඔයාලගෙ අදහස් ටිකත් කියාගෙනම යමු බලන්න

මේ තියෙන්නෙ අද අපෙ බබාගෙ Snack Box එක ❤️ 👉 Noodles තමා එයාට ඕන කිව්වෙ..ඉතිං olive oil ටිකක් , බිත්තරයක් හා චීස් ටිකක් දා...
20/10/2026

මේ තියෙන්නෙ අද අපෙ බබාගෙ Snack Box එක ❤️

👉 Noodles තමා එයාට ඕන කිව්වෙ..ඉතිං olive oil ටිකක් , බිත්තරයක් හා චීස් ටිකක් දාල හදලා දුන්නා..

👉 හාල්මැස්සො හොදට බැදලා දුන්නා.මන් එයාට ඇතුලේ කටු හොදට හපලා කන්න කියලා තමා දුන්නේ..ටීචර්ටත් කිව්ව කාලා ඉවර වෙනකම් පොඩ්ඩක් බලන්න කියලා..මොකද හිර කර ගන්න පුළුවන් නිසා..ඉතිං සෝස් ටිකක් එක්ක තමා හාල්මැස්සෝ කාල තිබ්බෙ

👉 අපි පුංචි කාලේ ආසාවෙන් කාපු බිස්කට් ටිකක් ( හැබැයි මේකෙන් නම් බබ එකක් වත් කාල තිබ්බෙ නෑ..)

ඉතිං ඔයාලගෙ පොඩ්ඩො අද මොනාද ගෙනිච්චෙ 🥰

Address

Colombo
10230

Telephone

+94743750369

Website

Alerts

Be the first to know and let us send you an email when Krish and Hansi Vlogs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Krish and Hansi Vlogs:

Shortcuts

Share