පේම් රැගුම් PEM RAGUM

පේම් රැගුම් PEM RAGUM ආදරනිය හදවත් තවත් ආදරයේන් පුරවන්නට එන්න
(5)

18/04/2026
18/04/2026

ඇම්ඩගේ කපටි මොලේ

ඔන්න දවසක් ඇම්ඩන් ඉස්කෝලේ යනකොට පන්තියේ ටීචර් ළමයින්ට කිව්වා

"අද මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා, උත්තරේ දන්න කෙනාට හෙට ඉස්කෝලේ එන්න ඕන නැහැ, නිවාඩු දෙනවා" කියලා.

​ඇම්ඩා ඉතින් කොහොමත් නිවාඩුවලට හරි පෙරේතයානේ. පොර හොඳට ඇහුම්කන් දීගෙන හිටියා.

​ටීචර් ප්‍රශ්නය අහන්න කලින් ඇම්ඩා හෙමින් සැරේ තමන්ගේ බෑග් එකේ තිබුණ වතුර බෝතලය පන්තියේ ඉස්සරහට විසි කළා.

බෝතලය ගිහින් වැදුණේ ටීචර්ගේ මේසය උඩ තිබුණ පොත් ගොඩේ.

​ටීචර්ට හොඳටම මල පැනලා ඇහුවා, "කවුද දැන් ඒ බෝතලය විසි කළේ?" කියලා.

​ඇම්ඩා හිනා වෙලා හෙමින් සැරේ නැගිටලා මෙහෙම කිව්වා:
​"ටීචර් ඒක විසි කළේ මම... එහෙනම් මම යනවා, හෙට මට නිවාඩුනේ!"

#සිංහල #ඇම්ඩා #ඇම්ඩාකතා

18/04/2026

ඇම්ඩගේ වේගවත්ම යැවිල්ල

ඔන්න එකෝමත් එක කාලයක අපේ ඇම්ඩා ඉස්කෝලේ ගියා. දවසක් පන්තියේ ටීචර් ළමයින්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා.

​"ළමයි, ඔයාලා දන්නවද ලෝකේ වේගයෙන්ම යන දේ මොකක්ද කියලා?"

​ඉස්සෙල්ලම සුනිමල් අත ඉස්සුවා. "ටීචර්, ලෝකේ වේගයෙන්ම යන්නේ පණිවිඩ. අපි මොකක් හරි කිව්වම ඒක හරිම ඉක්මනට හැමතැනම පැතිරෙනවා."

​"හොඳයි සුනිමල්, ඒත් ඊට වඩා වේගවත් දේවල් තියෙනවා," ටීචර් කිව්වා.

​ඊළඟට සිරිපාල අත ඉස්සුවා. "ටීචර්, වේගයෙන්ම යන්නේ ආලෝකය. ස්විච් එක දාපු ගමන් ලයිට් එක පත්තු වෙනවනේ."

​"හරිම සාර්ථකයි සිරිපාල," ටීචර් කිව්වා. "දැන් ඇම්ඩන් කියන්න බලන්න ඔයා දන්න වේගවත්ම දේ."

​ඇම්ඩා හෙමින් සැරේ නැගිටලා මෙහෙම කිව්වා:
"ටීචර්, ලෝකේ වේගයෙන්ම යන්නේ බඩඑළිය යන එක."

​පන්තියේම ළමයි හිනා වෙන්න ගත්තා. ටීචර්ටත් ටිකක් මල පැනලා ඇහුවා, "මොන විකාරයක්ද ඇම්ඩන් ඒ? ඒක කොහොමද වේගවත්ම දේ වෙන්නේ?"

​එතකොට ඇම්ඩා හරිම බැරෑරුම් විදිහට මෙහෙම උත්තර දුන්නා:

"ඇයි ටීචර්, ඊයේ රෑ මට එකපාරටම බඩේ අමාරුවක් හැදුණා. මට පණිවිඩයක් දීගන්නවත් , ලයිට් එක දාගන්නවත් වෙලාවක් ලැබුණේ නැහැ... ඊට කලින් වැඩේ සිද්ධ වුණා!"

#සිංහල

18/04/2026
18/04/2026

ඔන්න හිටියා ගුණපාලයි, ධනපාලයි කියල වයසක සීයලා දෙන්නෙක්. දැන් ඉතින් දෙන්නටම තමන්ගෙ අවසන් කාලය කිට්ටුයි කියලා තේරිලා, "අන්තිම වතාවට ආතල් එකක් ගමු" කියලා හිතලා සෙට් වුණා ටවුන් එකේ තියෙන "බඩු පොට්" එකකට.😜

දෙන්නත් එක්ක හොඳට සුපිරියට සප්පායම් එහෙම වෙලා, වෙරි මරගාතේ ගියා පොට් එකට. පොට් එකේ හිටපු මැනේජර් නෝනාට මේ නාකි සීයලා දෙන්නව දැක්කම හෙන කපටි අදහසක් පහල වුනා. 😁

"මේ නාකි පප්පලා දෙන්නා ඉන්නේ හොඳටම වැදිලා. මුන්ට මොන ගෑම්ණුද..? පලෑන් ගිහින් කාමර දෙකේ ඇඳන් උඩින් හුළං පුරවපු බෝනික්කියෝ දෙන්නෙක් තියාපන්. මුන්ට ඒක තේරෙන එකක් නැ!" 🤫 කියලා කෙල්ලන්ට කිවුවා.

ඔන්න ගුණපාලයි, ධනපාලයි දෙන්නත් කාමරේට ගිහින් වැඩේට එන්ටර් වුණා. පැයකට විතර පස්සේ දෙන්නා එළියට බැහැලා පාරේ හෙමින් හෙමින් ඇවිදගෙන යනවා.

"අඩෝ ගුණපාලයො, මට නම් හරි සැකයි බං. මට සෙට් වෙච්ච කෙල්ලට ලාදුරැද කොහෙද!" 😔

"ඈ... ඒ මොකද බං එහෙම කියන්නේ?" 😳

"නැත්නම් බං... මම ඒකිත් එක්ක මොන මොන සෙල්ලම දැම්මත් ඒකි හෙල්ලුනේවත් නැනෙ. , කිසි සද්දයක් කරේවත් නැනේ!" 😔

එතකොටම ධනපාලයා ඔලුව කහ කහ මෙහෙම කිව්වා... 👇

"ඕක මොකක්ද මචං... මට සෙට් වුණ කෙල්ල නම් යක්දෙස්සියක්ද කොහෙද..! මම වැඩේ අතරතුර ඒකිගේ බෙල්ල පොඩ්ඩක් හපපු ගමන් ඒකි එකපාරටම 'පූස්ස්ස්' ගාලා පඩයක් ඇරලා, ජනේලෙන් එළියට පියාඹලා ගියානේ බං... මගේ බොරු දත් සෙට් එකත් හපාගෙනමයි ඒකි ගියේ!" 😳😬🫣

VISH - කුප්ප කතා
(English comedy ඇසුරෙන් 😜)
ටිකක් හිනා වෙන්න, අනිවාර්යයෙන්ම follow පාරක් දාගෙන යන්න.. ❤️

#කෙටිකතා

18/04/2026

⭕ ගමේ හිටපු ලොකුම සල්ලිකාරයෙක් වුණු "දැඩිමුණි" මුදලාලි අන්තිම හුස්ම හෙළුවා. මුදලාලි කියන්නේ සල්ලි තිබ්බට සතේකටවත් මිනිස්සුන්ට උදව් කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි එයාගේ එකම ගෝලයා "සිරිපාල" අවුරුදු 20ක් තිස්සේ මුදලාලි ගාව හිටියා.
​මුදලාලි මරුණට පස්සේ ගමේ හැමෝම මළගෙදර ගියා. හැබැයි වැඩේ කියන්නේ මුදලාලිගේ හෙවනැල්ල වගේ හිටපු සිරිපාල මළගෙදර පැත්ත පළාතේ ආවේ නෑ. මිනිස්සුන්ට මේක මාර ප්‍රශ්නයක් වුණා.
​"බලපන් සිරිපාලගේ හැටි. මුදලාලි නිසානේ මූ මෙච්චර කාලයක් කාලා ඇඳලා හිටියේ. අන්තිම මොහොතේ මූ නෑනේ.." ගමේ අය එක එක කතා කියන්න ගත්තා.
​පස්වෙනි දවසේ මුදලාලිගේ දේහය භූමදානය කරන්න සොහොනට අරන් ගියා. අන්තිම මොහොතේ සිරිපාල එතනට ආවා. මිනිහා හිටියේ හරිම සතුටින්, අලුත් ඇඳුමක් එහෙම ඇඳගෙන.
​එතන හිටපු ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ සිරිපාලව ළඟට කැඳෙව්වා.
​හාමුදුරුවෝ: "ඇයි සිරිපාල උපාසකයෝ, තමුන් මේ දවස් පහේම මළගෙදර ආවේ නැත්තේ? මුදලාලි තමුන්ට සැලකුවේ නෑ කියලද ඔය තරහෙන් ඉන්නේ?"
​සිරිපාල: "අපොයි නෑ හාමුදුරුවනේ.. මම මුදලාලි එක්ක තරහ නෑ. මම මේ දවස් පහේම බිසී වුණේ මගේ මංගල උත්සවයේ වැඩ වලට."
​හාමුදුරුවෝ පුදුම වුණා. මුළු සොහොන් පිටියම නිශ්ශබ්ද වුණා.
​හාමුදුරුවෝ: "මොනවා? මුදලාලි මැරිලා දවස් පහයි, තමුන් කසාදයක් බඳින්න දඟලනවා? කවුද ඔය මනුස්සයා නැති වුණු ගමන් තමුන්ව බඳින්න කැමති වුණු ගැහැණිය?"
​සිරිපාල හිනා වෙලා මෙහෙම කිව්වා.
​සිරිපාල: "වෙන කවුරුත් නෙමෙයි හාමුදුරුවනේ.. මුදලාලිගේ නෝනා! මුදලාලි ජීවත් වෙලා ඉද්දි මට කිව්වේ 'මම මරුණ දවසට උඹට මගේ හැමදේම දෙනවා' කියලා. ඉතිං මම ඒක අකුරටම ඉටු කළා!"
​සොහොන් පිටියේ හිටපු මිනිස්සුන්ට මුදලාලි ගැන තිබ්බ දුකත් අමතක වුණා.
​එතන හිටපු මුදලාලිගේ නෝනා (දැන් සිරිපාලගේ අලුත් නෝනා) හාමුදුරුවෝ දිහා බලලා හෙමින් මෙහෙම කිව්වා.
​නෝනා: "අනේ හාමුදුරුවනේ.. ඕකා කියන ඒවා ගණන් ගන්න එපා. මූව මම බැන්දේ මුදලාලිගේ සල්ලි නිසා නෙමෙයි, මූ ගාව තිබ්බ මුදලාලිගේ රත්තරන් බඩු ටිකයි, බැංකු පොත් ටිකයි අයිති කරගන්න විදිහක් නැති නිසා!"
​අවසානය: දැන් මුදලාලි යන්තම් වලෙන් නැගිටලා ආවත් වැඩක් නෑ, මොකද මුදලාලිගේ සල්ලි වලට දැන් සිරිපාල විතරක් නෙමෙයි, සිරිපාලටත් අලුත් අයිතිකාරියක් ඉන්නවා! 🤣🤣🤣

⭕ අහින්සක ඉල්ලිමක් අපිව Fallow කරලා එකක් එකක් දාලා එකත් කරලම යන්න 🙂❤️

#නවකතා

18/04/2026

දිනක් ඉතා කුඩා මැස්සෙක් වෙල් යායක් හරහා පියඹා යන්නට විය. වෙල් යාය මැද සිටි ගොනෙකු දුටු මැස්සා ගොනාගේ එක අඟක කෙළවරකට වී මදක් විවේක ගත්තේය.

ටික වෙලාවකින් නැවත පියඹා යාමට සැරසුනු මැස්සා ගොනාට කතා කර මෙසේ පැවසීය.

මට ඔයාගෙ අඟේ ඉන්න දුන්නට ගොඩක් ස්තුති. මම දැන් යන්න හදන්නෙ. මම යන එකට ඔයාට ගොඩක් සතුටු ඇති නේද...

එම හඬට ගොනා හිස ඔසවා වටපිට බැලීය. එවිට ඉතා කුඩා මැස්සෙක් ඔහු ඉදිරියේ පියඹමින් ඉන්න අයුරු ගොනා දුටුවේය.

මට ඒකෙ කිසි වෙනසක් නෑ... ඔයා මගෙ අඟේ හිටියා කියලා මම දැනගෙන හිටියෙ නෑ...

ගොනා එසේ පවසූ විට ලැජ්ජාවට පත් මැස්සා වේගයෙන් පියඹා යන්නට විය.

අන් අය අප ගැන සිතනවාට වඩා වැඩි වැදගත් කමක් අපි අපිටම ලබා දී තිබුණොත් මේ කුඩා මැස්සා වගේ අපටත් ලැජ්ජාවට පත් වීමට සිදු වෙන්නට පුලුවන්...

ඊසොප්ගේ උපමා කතාවකි...

#කතාපිටුව #කතා #කතන්දර #කෙටිකතා

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when පේම් රැගුම් PEM RAGUM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share