Theekshana Trails

Theekshana Trails 🌍 Travel Blogger | YouTuber
🎥 Exploring Sri Lanka & beyond
📸 Vlogs • Reels • Photography
⬇️ Watch my latest travel reel

16/08/2026

සමහර තැන් තියෙනවා… මනස සුවපත් කරන්න වචන ඕනෙ නැති. 🌊🤍

📌 Beruwala

01/08/2026

ඉතිහාසය, සොබාදහම සහ සන්සුන් බව එකට මුණගැසෙන දෝව රජමහා විහාරය 🌿✨

අද උදෑසන මම දෝව රජමහා විහාරය වැඳ පුදාගතිමි. දැවැන්ත කළු ගල් පර්වතයක නෙළා ඇති අසිරිමත් බුද්ධ ප්‍රතිමාව, විහාරයේ පුරාණ ගෘහ නිර්මාණ ශිල්පය සහ ජනප්‍රවාදවලින් පිරුණු රාවණා ගුහාව මේ ගමන අමතක නොවන අත්දැකීමක් බවට පත් කළා.

📍 දෝව රජමහා විහාරය, බණ්ඩාරවෙල

සුන්දර නානු ඔය දියඇල්ල බලන්න යන්න එන්න මාත් එක්ක 🫶
27/07/2026

සුන්දර නානු ඔය දියඇල්ල බලන්න යන්න එන්න මාත් එක්ක 🫶

Experience one of Sri Lanka’s most breathtaking train journeys as I...

24/07/2026

නානු ඔය කියන්නේ උඩරට දුම්රිය ගමනේ ලස්සනම අත්දැකීම්වලින් එකක්. 🚆💚

තේ වතු, කඳු, මීදුම සහ සීතල සුළඟ අතරින් ගමන් කරන මේ දුම්රිය ගමන හැමෝම ජීවිතේ එක වරක්වත් අත්විඳිය යුතුයි.

ඔයත් නානු ඔයට ගිහින් තියෙනවද? 🌿

📍 Nanu Oya Railway Station, Sri Lanka

21/07/2026

මේ ලංකාව මචං. ලංකාවෙ කඳුකරය කියන්නෙම කොළපාට පිරුණු තේවතු යායවල් මැදින් ලස්සන පාරවල් තියන පාරාදීසයක්. 💚

19/07/2026

දළදා මාලිගාවට පැමිණෙන හැම පියවරක්ම සිතට සැනසීමක්. 🙏

📌 Kandy

16/07/2026

සමහර මතක, අහස වගේ නිහඬයි. ☁️

ඔයාටත් මේ වගේ මතකයක් තියනවද? ඒ මතකයේ ඉන්න කෙනාගෙ නම නොකියා එයාට දෙන්න ඕන පණිවිඩය comment කරන්න.

16/07/2026

මම පෞද්ගලිකව කැමති නෑ බස් එකක නැත්තන් පොදු ප්‍රවාහනයක ගමන් කරද්දි බලෙන් සින්දු අස්සවන concept එකට. ඒක ඔළුවට හරි වදයක්. දුර ගමන් යන කෙනෙක් සමහර වෙලාවට බස් එකෙන් බැහැල යන්නෙ පුදුමාකාර පීඩනයකින්. විශේෂයෙන් ඔය අපි දිනපතා ගමන් කරන සාමාන්‍ය layland bus එකකින්.

සැපපහසුවට luxury බස් එකක් වැඩි ගාණක් දීලා බුක් කරගෙන යන්න හදනකොට ඒ බස් එකෙත් අර බස් වල වගේමනම් සද්දෙ ඉතින් අපි මොන බස් එකේද යන්නෙ?. මගේ පෞද්ගලික මතයනම් මේක මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.

ලස්සනයට සැප පහසු seat, AC තිබුන පලියට මම හිතන්නෙ නෑ මේ බලෙන් සින්දු අස්සවන බස් එකකට luxury බස් කියන්න පුළුවන් කියල. අපරාදෙ ඉතින්. මිනිස්සු පව්.

මම පෞද්ගලිකවම ආස මේ වගේ ear phone එකක් head set එකක් දාගෙන මම කැමති සින්දුවක් අහගෙන film එකක් බලාගෙන කාටවත් කරදරයක් නැතිව මගේ ගමන යන්න. මේ මගේ පෞද්ගලික මතය සහ මම කැමති විදිය.

Address

Bandarawela

Website

Alerts

Be the first to know and let us send you an email when Theekshana Trails posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share