19/05/2024
- නන්පේරියල් කදු මුදුනෙම තියෙන "නැග්රක් බංගලාව" 🍀🐝🍂🌸♥️🌾
Nagrak කියන්නේ නාන්පෙරිල් වතුයායේ බංගලාවක්.මේ වතුයාය පිහිටලා තියෙන්නේ බෙලිහුල් ඔය පලාතට කිට්ටුව.. හරියටම කිව්වොත්.ලෝකාන්තය බලන්න ගිහාම අපිට පල්ලෙහා පෙන තේ වත්ත තමයි මේක.
ඇත්තටම කිව්වොත් මේ වතු යාය ලෝකාන්තය පහල සිට උඩටම තියෙනවා ඒ තරම් ම ලොකුයි.
කොළඹ බදුල්ල පාරේ බෙලිහුල්ඔය පහුකරලා කිලෝමීටර් කීපයක් ගියාම නාන්පෙරියල් වත්තට යන පාර හමුවෙනවා.දුෂ්කර වංගු 33 ක් ගෙවාගෙන කිලොමීටර් 22 ක් කන්ද උඩට ගියාම මේ අති සුන්දර වතු බංගලාවට යන්න පුළුවන්.මේ හන්දියේ ඉඳලාම නගින්න තියෙන්නේ අර ලෝකාන්තයට පේන පල්ලම. හිතාගන්න පුළුවන්ද එතකොට කොහොම කන්දක් නගින්න තියෙනවාද කියල
මෙතනින් තමයි නැග්රක් බංගලාවට යන්න හැරෙන්නේ.. වම් පැත්තට යන්න ඕනේ… නැග්රක් කියන්නේ නොන්පෙරිල් වත්තේ Division එකක්, එකේ තමයි බංගලාව තියෙන්නේ..ඒ වගේම මේ හන්දියෙන් දකුණට එහෙම නැත්තන් Upper Division එක පැත්තට ගිහාම අපිට ලෝකාන්තය පහලට යන්න පුළුවන්
යන ගමනේදි හමුවෙන තව සුන්දර තැනක් තමයි බේකර්ස් වංගුව කියන්නේ. මේ හරිය මුහුදු මට්ටමේ ඉඳලා අඩි 5000 ට වැඩිය උසයි. පහලින් පේන් සමනල වැව එක්ක ලංකාවේ දකුණු පළාත හරිම සුන්දර දර්ශණයක් මෙතනට.මෙතන ඉඳලා බැලුවම නැග්රැක් බංගලාව ලස්සනට පේනව. ඇත්තටම කිව්වොත් මේ ගමනේ පවා පොඩි Adventure ගතියක් තියෙනවා.
කඳු මුදුනේ තනිවුන පාරාදීසය. නැත්තං නැග්රැක් බංගලාව.මේ බංගලාව 1936 හැදුවා කියලා විශ්වාස කරන්න පුළුවන් සාධක පිටිපස්සේ වතුර ටැංකියක තියෙනවා. ඒත් ඒ ගැන කියවෙන වෙන මුකුත් සාධකයක් නෑ හොයාගන්න. කොහොම වුනත් මෙතනට ගියාම දැනෙන්නේ කඳු මුදුනක තෝතැන්නකට ළඟා වුනා වගේ. සීතල කාළගුණයට හරියන විදිහට හදපු බංගලාවේ උණුසුම ආරක්ෂා කරලා දෙන්න ගිණි උදුනක් තියෙනවා.ඒ විතරක් නෙවෙයි සුව පහසු කාමරවල නිවාඩුවේ සුවය උපරිම ආකාරයෙන් විඳින්න පහසුකම් තියෙනවා.මේ බංගලාවේ කාමර 5ක් තියෙනවා. කෙලින්ම 10 දෙනෙකුට නවතින්න පුළුවන්..
බංගලාවේ එළියට බැහැලා බැලුවම වටපිටාව ගැන වචනවලින් විස්තර කරන්න අමාරුයි ඒ තරමට සුන්දරයි.බංගලාවේ ගෙවත්ත හරි ලස්සනට මල් වවලා සකස් කරලා තියෙන්නේ.එක පැත්තක බැලුම් හලක් තියෙනවා කන්දෙන් පල්ලෙහා බලන්න බෑවුම ආසන්නයේ පුංචි කුටියක් හදලා.තව එළිමහනේ ඉන්න කැමති අයට තවත් තැනක් සකස් කරලා තියෙනවා.යාලුවො කට්ටිය,ඔෆිස් එකේ අය,නෑදෑයො පවුලෙ අය එක්ක නිවාඩුවක් විවේකයක් ගත කරන්න නම් මේක නියම තැනක්.බංගලාවේ භාරකරු සහ කෝකියෝ දෙන්නා විතරයි ඉන්නේ. ආහාර හදාගන්න අවශ්‍ය දේවල් අරං යන්න වෙනවා.එහෙම අරං ගිහිං මේ කුක්ලට කියලා අවශ්‍ය දේවල් හදවා ගන්න පුළුවන්.
අනික් දැනගන්න ඕන කාරණාව තමයි මෙතන්ට ජංගම දුරකථන මුකුත් වැඩ කරන්නේ නැති එක. ලංකාබෙල් විතරක් වැඩ කරනවා අනිත් ඒවා මුකුත් නෑ.ඒ නිසා දවස තිස්සෙම කරදර කරන දුරකථනයෙන් ගැලවෙන්නත් මේක හොඳ තැනක්.
මෙහේ යනවා නම් කලින් කියලාම තමයි යන්න ඕන. මොකද කලිං බුක් කලේ නැත්තං අමාරුවේ වැටෙන්න වෙන්නේ.කොහොම වුනත් මෙහේ යන්න කලින් කාලගුණය බලන්නම වෙනවා. මොකද වැස්ස සහ සුළං තියෙනවා නම් මේ පැත්තට යන එක එච්චර ගුණදායක නෑ.
Nagrak Holiday Bungalow, Belihuloya, Sri Lanka |🇱🇰
✍️ Dilshan Randika
Shot on SM-M215F
Retouched By Pics Art & Snapspeed
F2.0
1/663s
4.60mm
ISO 20
W/B Auto
No Falsh
1280×960
Friday,April 12,2024 • 01.35PM
Location Holiday Bungalow ,Belihuloya,Sri Lanka
© All Right Reserved
© Mihindu Manamperi | Photography