11/06/2026
| හතළිස් වසරක රැකියාවකි
එය අද මෙසේ නිමා කරමි
කිව යුතුව ඇති රහසකි එය මා මෙසේ සටහන් තබමි...
එදා අමාවක රැයක්
අපේ උන්ගෙන් එකෙක් අරන් ආවා නාඳුනන බෝඩියක්....
බෝඩියෙ නෑ එක කකුලක්
අතක තිබුණේ එක ඇඟිල්ලක්
මුහුණ තැලුණු රොටියක්
මමත් මැරුණා එතන මොහොතක්....
කමිසය ගලවන විට දුටුවා යමක්
පපුවෙ කොටලා තිබුණා
"මගේ දුව මට මැණිකක්"
සාක්කුවේ තිබුණා යමක් ඒක බෙහෙත් තුණ්ඩුවක්
එහා සාක්කුවෙන් ලැබුණා හැඩ අකුරින් ලියූ ලියුමක්..
ලියුමෙ මැද කඳුළු පැල්ලමක්....
"අපේ දුවට ටිකක් අමාරුයි. දොස්තරලා කියපු බෙහෙතත් අරන් පුළුවන් ඉක්මනට එන්න"
ඒක දිග කතාවක්....
දුවට අවුරුදු හතක්.
ඇඟ ඇතුලෙ පිළිලයක් මහරගම අවුරුද්දක්
පියා යන්නෙ දුව බලන්න දාලා නිවාඩුවක්....
මිනිසුන් උහුලන දුකක්
නොපෙනුනිද උඩරට මැණිකේ උබටවත් උබ මැරුවේ එකෙක්? නොමැරී මැරෙනවා මම තවමත්.... 🙂💔🥀