Sky Eye අහස් ඇස

Sky Eye අහස් ඇස ☁️ SkyEye | Eye In The Sky
🚁 Showcasing The Best Drone Videos Worldwide
🎬 Featured Creators & Original Aerial Visuals
🌍 See The World From Above

29/06/2026

ඉතාලියේ සිහිනයක් වගේ පෙනෙන භූමියක් තියෙනවා අහලා තියෙනවද?
ඒ තමා ඉතාලියේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි "Toscana". මෙය ලෝකයේ ලස්සනම ප්‍රදේශ වලින් එකක් ලෙස සැලකෙනවා.එහි දකුණු කොටසේ පිහිටි "Val d'Orcia" කියන්නේ ස්වභාවික සුන්දරත්වය, ඉතිහාසය සහ ඉතාලි ගම්බද සංස්කෘතිය එකට එකතු වූ අතිවිශේෂ භූමි ප්‍රදේශයක්.
Val d'Orcia ප්‍රදේශය 2004 වර්ෂයේ "UNESCO World Heritage Site" එකක් ලෙස නම් කලේය.
*මෙය මෙතරම් විශේශ,
- පේළියට සිටවා ඇති cypress ගස්
- තිරුගු , සූරියකාන්ත සහ මිදි වතු
- කොළ හා රන්වන් පාටට දැකගත හැකි කදු
- නිස්කලන්ක බව සිත් ඇදගන්නා සුලු පාරවල්
- ලෝකයේ වැඩිපුරම ඡායාරූප ගන්නා භූ දර්ශන අතරින් එකක්.
* සමහරවිට ඔබ දැකලා හෝ අහලා ඇති 2000
වසරේ ආව "Gladiator" චිත්‍රපටයද මෙහි රූගත කර ඇත.
* මෙය ඡායාරූප ශිල්පියෙකුට වගේම විවිධ අවස්ථාවන් වලට ඡායාරූප ගන්නා පුද්ගලයන්ටද අගනා ස්ථානයක්.
* Val d'Orcia කියන්නේ කාලය මන්දගාමීව ගලා යන, ස්වභාවයේ නිශ්ශබ්දත්වය, ඉතිහාසය සහ ඉතාලි ගම්බද ජීවිතය එකට අත්විඳිය හැකි තැනක්.
* ඒ වගේම මෙහි යන්න හොඳම කාලයන්,
- අප්‍රේල් – මැයි → කොළ පාට කඳු
- ජූනි – ජූලි → රන්වන් තිරිඟු කෙත්වතු (Gladiator වගේ දර්ශන)
-සැප්තැම්බර් – ඔක්තෝබර් → මිදි අස්වනු සහ වයින් උත්සව
* ගොඩක් අය පවසන්නේ,"ඔබ Tuscany දකින්නෙ නැත්නම්, ඉතාලියේ ලස්සනම පැත්ත තවම දැකලා නැහැ." මේ ඔබ දකින්නේ මෙතරම් ලස්සන "Tuscany Val d'Orcia" කාලයන් දෙකක "අහස් ඇස" තුලින්.🚁📽️🖼️🌲
-------------------------------------------------------------------
Have you ever heard of a place in Italy that looks like a dream?

That place is Tuscany (Toscana), located in central Italy. It is considered one of the most beautiful regions in the world. In the southern part of Tuscany lies Val d'Orcia, an extraordinary landscape where breathtaking natural beauty, rich history, and the charm of the Italian countryside come together.
In 2004, Val d'Orcia was designated a UNESCO World Heritage Site.

*What makes this place so special?
- Iconic rows of cypress trees
- Wheat fields, sunflower fields, and vineyards
- Rolling hills that change from lush green to golden depending on the season
- Peaceful, scenic roads that captivate every visitor
- One of the most photographed landscapes in the world

*You may have seen or heard of the 2000 film Gladiator—some of its most iconic scenes were filmed here.
*Val d'Orcia is a paradise not only for landscape photographers but also for anyone looking for the perfect location for weddings, engagements, family portraits, and other special photoshoots.
*It is a place where time seems to slow down, allowing you to experience the tranquility of nature, the richness of history, and the authentic beauty of the Italian countryside.

*The best times to visit:
- April – May: Rolling green hills
- June – July: Golden wheat fields, just like the scenes from Gladiator
- September – October: Grape harvest season and traditional wine festivals

*Many travelers say:
"If you haven't seen Tuscany, you haven't truly seen the most beautiful side of Italy."

*What you're seeing here is the breathtaking beauty of Tuscany – Val d'Orcia, captured from a "Sky Eye" view during two different seasons.📽️🚁🖼️🌲

🚁 Drone Footage by SKY EYE අහස් ඇස
© All Rights Reserved

්ඇස



13/06/2026

ඉතාලියේ සැඟවුණු සුරංගනා ලෝකයක් වගේ ලස්සන තැනක් සහ ලස්සන විලක් තියෙනවා කියලා අහල තියෙනවද? මේ තමා උතුරු ඉතාලියේ දකුණු ටිරෝල් (South Tyrol) ප්‍රදේශයට අයත් Dolomites කඳු වලින් වටවුනු Dolomites හී මුතු ඇටය නැතහොත් මැණික ලෙස හඳුන්වන "Lago di Braies" 🏞️
*මෙහි තියෙන විශේෂත්වය වන්නේ,
- පැහදිලි නිල්, කොළ ජලය
- ලී බෝට්ටු සවාරිය (ඔබට තනිව හෝ පිරිස සමග මෙය පාවිච්චි කල හැක)
- Hiking සහ විල වටේ ඇවිද යා හකි වීම
- චායාරූපකරණය ( කදුපන්තිය වතුරට පරාවර්තනය වීම තවත් අලංකාර දසුනක්)
* මෙය ඉතාලියේ ඇති ලස්සනම ස්වභාවික ස්ථාන අතරින් එකක් ලෙස හැදින්වේ, මෙහි Dolomites කඳු පංතිය UNESCO ලෝක උරුමයක් ලෙසත් නම්කර ඇත.
* මෙය ගිම්හාන කාලෙට කොළපාටද, ශරත් කාලෙට රන්වන් පාටද, ශීත කාලෙට හිමෙන් වැසුනු සුදුපාට වර්නයෙන්ද දැක ගත හැක. සමහරු පවසන්නේ ශීත කාලෙට විලේ මතුපිට හිම කැට වෙනවා යනුවෙනි.
* ඔබ මේ දකින්නේ ඒ මනරම් ලස්සන Dolomites කඳු පංතිය සහ එහි මුතු ඇටය ලෙස නම්කෙරුනු "Lago di Braies" නම් මනරම් විල " අහස් ඇස" තුලින්.📽️🚁⛰️🖼️🏞️
--------------------------------------------------------------------------------
Have you ever heard about a breathtaking place in Italy that looks like a hidden fairy tale world, with one of the most beautiful lakes you could imagine? 🏞️

This is Lago di Braies, often called the “Pearl of the Dolomites,” located in the South Tyrol region of northern Italy, surrounded by the majestic Dolomite Mountains.

✨ What makes this place so special?

Crystal-clear turquoise and emerald waters.

Traditional wooden boat rides, which can be enjoyed alone or with family and friends.

Hiking trails and a scenic path around the lake.

Stunning photography opportunities, with the surrounding mountains beautifully reflected in the water.

🌿 Lago di Braies is considered one of the most beautiful natural places in Italy, while the Dolomites mountain range itself has been recognized as a UNESCO World Heritage Site.

🍃 In summer, the area is covered in lush greenery.
🍂 During autumn, it turns into a landscape of golden colors.
❄️ In winter, everything is transformed into a snowy white wonderland, and some people even say that the surface of the lake freezes over.

📽️🚁⛰️🏞️

What you are seeing here is the magnificent Dolomite mountain range and its “Pearl,” the enchanting Lake Braies, captured from the sky through the eyes of a drone. 🩵✨

🚁 Drone Footage by SKY EYE අහස් ඇස
© All Rights Reserved

්ඇස



09/06/2026

* කතෝලිකයෙක් නම් මේක බලන්නම් ඕනේ...

ඉතාලියේ සිසීලියා දූපතේ කලුදේවමෑනියන්ට කැපකරපූ දේවස්ථානයක් තියෙනවා අහලා තියෙනවද? ඒ තමයි "Santuario della Madonna Nera di Tindari" මෙය පිහිටන්නේ Tindari හී Patti නගරයට අයත් ප්‍රදේශයෙයි.
* මෙය නිර්මාණය වෙන්නේ කලුදේවමෑයන්ගේ ප්‍රතිමාව රැගත් නැවක් කුණාටුවකට හසු වීමෙන් ටින්දාරි නම් වෙරළට පැමිනියා. කුණාටුවෙන් පසු නැවත නැව යාමට උත්සහ කලත් නැව සෙලවීමටවත් නොහැකි විය,පසුව නැවේ බඩුබාන්ඩ වෙරල තීරයට ගොඩබෑවත් නැව සෙලවීමට නොහැකි විය. ඉන්පසු කලුදේවමෑනියන්ගේ ප්‍රතිමාව තිබූ පෙට්ටිය වෙරලතීරයට ගොඩ බැස්සුවායෙන් පසු නැව නැවත යාමට පුලුවන් වුනී.නැවේ සිටි මිනිසුන් විශ්වාස කලේ "මරියතුමියට ටින්ඩරියේ රැදීසිටීමට අවශ්‍යයි"යනුවෙනි.
* මිනිසුන්ගේ විශ්වාසය වැඩියෙන් ඇතිවුන තව ප්‍රසිද්ධ හාස්කමක් නම් එක් මවක් තම දරුවාගේ අසනීප හොඳ වීම නිසා මෙම දේවස්ථානයට පැමිණෙන්නේ මරියතුමියට ස්තූති කිරීමට, නමුත් මරියතුමියගේ ප්‍රතිමාව කලු පැහැති නිසා ඇය එය දැකීමෙන් "මෑනියන් මෙච්චර කලු ඇයි" කියලා දොස් පැවරුවාය, ඒ මොහෙතම තම ඇගේ දුවව පල්ලිය අසල කන්දෙන් පහළට වැටෙනවා, මව බියෙන් කළු මෑණියන්ට යාච්ඤා කළා. පසුව දරුවා වැටුණත් මුදුදට නොවැටී ඒ මුහුදේ වතුරේ අලුතින් වැලි තීරුවක් සැදී දරුවා කිසිම සීරීමක්වත් නැතිව ආරක්ෂා සහිතව ඒ වැලි තීරුව උඩ සෙල්ලම් කරමින් සිටියා කියලා සෑම තැනකම සදහන් වෙනවා. (වීඩියෝවේ ඒ වැලිතීරුව දැක ගත හැක)
* Marinello ලෙස හඳුන්වන මෙම වැලි තීරුව අදටත් දැක ගත හැකිය එසේම.මෙය සමහරු විද්‍යාත්මකව පවසන්නේ භූගෝලීය ක්‍රියාවලියකින් ඇති වූ එකක් ලෙසයි,නමුත් කතෝලිකයන් සහ එම ග්‍රාමයේ මිනිසුන් විශ්වාස කරන්නේ එදා දරුවා බේරාගත් හාස්කමේ සිද්දියෙන් පසු මෙය මෙසේ සෑදී ඇති බවයි.
* මේ ඔබ දැකින්නේ ඒ හාස්කම් තියෙන කලුදේවමෑනියන්ට කැපකරපු Santuario della Madonna Nera di Tindari දේවස්ථානය "අහස් ඇස" තුලින්.📽️🚁🏝️⛪🖼️🏖️️⛰️🚢
🚁 Drone Footage by SKY EYE අහස් ඇස
© All Rights Reserved

්ඇස



06/06/2026

ලෝකයේ ගිහි කන්දකින් විනාශ උනු නගරයක්, ඒ නගරය නැවත ගොඩගත්තු එකම රට තමා 'ඉතාලිය'. ලෝකයම කතාවෙන UNESCO ලෝක උරුමයක් ලෙස නම් කරපූ, ගිනිකන්දක් පුපුරා ගිනි අලු,ගල් කැබලි සහ විශ වායු වලින් සම්පූර්නයෙන් වැහුනු, නැවත ගොඩ ගත්තු එකම නගරය ඒ තමයි "Pompeii" නගරය. දකුනු ඉතාලියේ නාපෝලි නගරයට ලග තිබ්බ මේ Pompeii නගරය පැරනි රෝම නගරයකි.
*ක්‍රි.ව. 79 දී ඒ අසල තියෙන Vesuvius නම් හිනිකන්ද පිපිරීමෙන් අහසට විහිදුනු ගිනි අලු,ගල් කැබලී සහ විශ වාහුව සම්පූර්නයෙන්ම ඒ ලග තිබ්බ Pompeii නගරය වහ ගන්නවා. 1700 දශකයේ කැනීම් වලින් Pomeii නැවත සොයාගත්තා, වර්තමානයේ මේ Pompeii නගරය බලන්න යන අයට අවුරුදු 2000කට කලින් තිබුනු ගොඩක් දේවල් නැරබීමටත් ඇල්ලීමටත් හැකිවේ. මෙය ආශ්චර්යයකී.
*මේ ඔබ දකින්නේ ඒ Pompeii නගරය "අහස් ඇස" තුලින්‍.
* වීඩියෝවේ මුලින් පේන කන්ද ⛰️ එනම් ඒ මහා විනාශකාරි Vesuvius නම් ගිනි කන්දයි.🚁📽️🌋🏟️🏛️
🚁 Drone Footage by SKY EYE අහස් ඇස
© All Rights Reserved


්ඇස



05/06/2026

ඉතාලියේ උණු වතුර උල්පතක් ගැන අහල තියෙනවද? මේ Saturnia වල තියෙන Cascate del Mulio කියන ප්‍රසිද්ද ස්වාභාවික උණු ජල පොකුනයි.
*මෙහි විශේසත්වය මෙහි අවුරුද්ද පුරාම උශ්නත්වය 35ත්,37ත් සෙල්සියස් පමන වේ,ඒ වගේම මේ ජලය සමටත් හොදයි කියලා බොහෝ තැන් වල සදහන් වෙලා තියෙනවා. ඔබ මේ දකින්නේ ඒ විස්වය ජනක ස්වාභාවික උණු වතුර පොකුනයි "අහස් ඇස"තුලින්🚁📽️🏞️
© All Credit Original Creator.


්ඇස







#අහස්ඇස
#අහසින්දකිනලෝකය

04/06/2026

ඉතාලියේ Trento ප්‍රදේශයේ හැංගිච්ච ලස්සනම ලස්සන විලක් "Lago Carezza." Summer එකට කොල පාට, Winter එකට සුදු පාට දැකගත හැකි ලස්සන ස්ථානයක් "අහස් ඇසින්".🚁📽️🖼️
© All Rights Reserved


්ඇස







#අහස්ඇස
#අහසින්දකිනලෝකය

01/06/2026

නිවස උඩින් "අහස් ඇසට" පෙනෙන ලස්සන වටපිටාව🚁📽️⛰️
🚁 Drone Footage by SKY EYE අහස් ඇස
© All Rights Reserved


්ඇස







#අහස්ඇස
#අහසින්දකිනලෝකය

🚁📸 Sky Eye | අහස් ඇස වෙත සාදරයෙන් පිළිගනිමු!අහසින් දකින අපූරු දසුන්, drone footage, cinematic videos සහ ලෝකයේ විවිධ ස්ථා...
31/05/2026

🚁📸 Sky Eye | අහස් ඇස වෙත සාදරයෙන් පිළිගනිමු!
අහසින් දකින අපූරු දසුන්, drone footage, cinematic videos සහ ලෝකයේ විවිධ ස්ථානවල සුන්දරත්වය ඔබ වෙත ගෙන එන්න අපි සූදානම්.
✅ මෙහි පළ කරන සියලුම වීඩියෝවල අයිතිය අදාළ නිර්මාණකරුවන් සතු වන අතර, හැකි සෑම විටම මූලාශ්‍ර සඳහන් කරනු ලැබේ.
🎥 ඔබ විසින්ම නිර්මාණය කරන ලද drone videos, travel videos හෝ වෙනත් විශේෂ වීඩියෝ තිබේ නම් අප වෙත එවන්න. තෝරාගත් වීඩියෝ ඔබගේ නම සහිතව page එකේ පළ කිරීමට අප සතුටු වෙමු.
❤️ Page එක Follow කර අපගේ ගමනට එක්වන්න.
Sky Eye | අහස් ඇස
See the World from a Different Perspective 🌍✨
See less

Indirizzo

Via Cogo
Bassano Del Grappa
36061

Telefono

+393270157678

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Sky Eye අහස් ඇස pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi