Thara’s Diary

Website Contact the business

Thara’s Diary සබඳ අපි කදු නොවෙමු.. උනුන් පරයා නැගෙන..සුනිල දිය දහර වෙමු..එකම ගඟකට වැටෙන..🤍
(15)

ඔයාට මෙහෙම දෙයක් වුනා කියන එක තාමත් විශ්වාස කරගන්න බෑ නයෝමි අක්කේ.මේක බොරුවක් කියලා අහන්න ලැබෙනවා නම්...💔 දෛවය කොච්චර කු...
11/11/2026

ඔයාට මෙහෙම දෙයක් වුනා කියන එක තාමත් විශ්වාස කරගන්න බෑ නයෝමි අක්කේ.මේක බොරුවක් කියලා අහන්න ලැබෙනවා නම්...💔 දෛවය කොච්චර කුරිරුද...මෙච්චර ලස්සන ජීවිතයක් කොහොම අරන් ගියාද තාමත් හිතාගන්න බෑ.

නිවන් සුව ලැබේවා අක්කේ...!!!💔

08/11/2026

ගෙදරක් කියන හැගීමක් දැනෙනවා නම් ඒ අම්මා නිසාම තමයි.ගහක හැදුන වසවිස නැති පලතුරක් අද කනවා නම් ඒ අම්මා නිසාම තමයි.ජීවිතේ ඉගෙන ගත්ත බොහෝමයක් යහපත් දේ අම්මා නිසාම තමයි.අම්මා කෙනෙක් කියන්නේ වචනයක් නෙමෙයි.අම්මෙක්ට දරුවෙක් වගේම දරුවෙක්ට අම්මා කියන්නේත් ලෝකයක්🙏🏻🤍🪷

07/11/2026

ගොඩාක් වෙලාවට මේ විදිහට මෙනු එකක් හදාගන්න එක ඒ තරන් අමාරු දෙයක් නෙමෙයි.ඒ වුනත් මීට මාස කීපෙකට කලින් මේ විදිහේ මෙනු එකක් හදන්න අවශ්‍ය දේවල් ගන්න යන්නත් දවස් ගණන් බලන් ඉන්න වුන තැන් තිබුනා.කොහොම වුනත් කාලෙකට පස්සේ දවල්ට සරලව හැම ව්‍යාංජනයකම රස දැනෙන විදිහට ගලපලා උයාගත්තා.කිරට වවැටකොලු උයලා,මිරිසට අලුත්ම කෙලවල්ලා මාලු ටිකක් උයලා,ගොටුකොල කැරට් සම්බෝලයක් හදලා,පපඩමකුත් බැදලා සුදුහාලේ බත් එක්ක.මේ මෙනු එක කොහෙන් ගත්තත් ගැලපෙනවා.කිරටයි මිරිසටයි කියන්නේ හොදම ගැලපීමක්.ගොටුකොලවල තියෙන පුංචි තිත්ත ගතිය එක්ක මිරිස් මාලුවක් එකතු වුනාම ඒක නියමම ගැලපීමක්.කාලෙකින් ආසම විදිහේ මෙනු එකක් හැදුවා.මේක කෙනෙක්ට දුප්පත් කෑම වේලක් වෙන්න පුලුවන්,හැබැයි සමහර අයට මේ මෙනු එක luxury menu එකක්.

ඉතින් හැමදාමත් ජීවිතේ ඔයාට ලැබිලා තියෙන දේවල් වෙනුවෙන් උපරිම ස්තූතිවන්ත වෙන්න.සාමාන්‍ය ජීවිතේ ඔයාට හිමි දේ ලබන්න තව කෙනෙක් පෙරුම් පුරනවා.ජීවිතේ කියන්නේ ඒකට.

ආදරෙ�

04/11/2026
පහුගිය මාසේ අපේ ජීවිතේ ලොකු turning point එකක් වුනා.සුන්දර ආදරණීය මතක එකතු වුන වගේම කාර්‍යබහුලම කාලයක් වුනා.ඉතින් සතුට ස...
01/11/2026

පහුගිය මාසේ අපේ ජීවිතේ ලොකු turning point එකක් වුනා.සුන්දර ආදරණීය මතක එකතු වුන වගේම කාර්‍යබහුලම කාලයක් වුනා.

ඉතින් සතුට සැනසීම පිරුනු ඒ සුන්දර මතක කිසිත් නොකියා පින්තූරවලින් ලියාතබනු රිසි.☺️💞🙏🏻

තාරා✍🏻❤️

මේ අලුත් මාසය හිතේ සතුට,සැනසීම,ආදරයම පිරුනු වාසනාවන්ත සුබ අලුත් මාසයක්ම වේවා...!🤍💫🙏🏻❤️
01/11/2026

මේ අලුත් මාසය හිතේ සතුට,සැනසීම,ආදරයම පිරුනු වාසනාවන්ත සුබ අලුත් මාසයක්ම වේවා...!🤍💫🙏🏻❤️

අපේ ජීවිතේ එකතුවුන ලස්සනම මතක ගොන්නක්....✨🤍කාලයක් තිස්සෙ මග බලාගෙන ඉදලා උදාවුන දවසක්.ලංකාව ඇතුලේ අම්මා තාත්තා අපිට හිතවත...
28/10/2026

අපේ ජීවිතේ එකතුවුන ලස්සනම මතක ගොන්නක්....✨🤍
කාලයක් තිස්සෙ මග බලාගෙන ඉදලා උදාවුන දවසක්.ලංකාව ඇතුලේ අම්මා තාත්තා අපිට හිතවත් අපේ අය එක්ක ගෙවෙන ජීවිතේ හරිම සුවපහසුයි.කාලයක් තිස්සේ අපේ අයගෙන් වෙන්වෙලා හුදකලාව ගෙවුන කාලයත් එක්ක ලබපු අත්දැකීම් පන්නරයක් කරගෙන අපි පටන් ගත්ත අලුත් ජීවිතේ පටන් ගත්ත දවසේ ඉදන් දැනුනේ පුදුමාකාර සුවයක්,සනීපයක්.මේ ජීවිතේ අපිට කාලයක් තිස්සේ මඟ ඇරුන අපිට ඕන වුන ජීවිතේ කියන එක දැනෙන්නේ සැනසීමෙන් අපේම රටේ ආයේ ජීවත් වෙන්න පටන් ගත්තම.මනුස්සයෙක්ගෙන් මනුස්සයෙක්ට life goals හරිම වෙනස්.හැමදාම වගෙ මම විශ්වාස කරේ සතුටින් ජීවත් වෙනවා කියන්නේ අපිට සුවපහසු තැනක ජීවත් වෙන එක මිසක් රැල්ලට දුවන එක නෙමෙයි❤️💫🤍

තාරා✍🏻❤️

24/10/2026

ජීවිතේ අලුත් ලස්සනම පරිච්ඡේදයක්✨❤️🥰 අපේ අය එක්ක අපේ රටේ ගෙවෙන සැනසීම පිරුන ලස්සනම මොහොතවල්💫

ඉර්තු ටෙලිනාට්‍ය සම්බන්ධයෙන් මගේ පෞද්ගලික අදහසPostpartum depression කියන්නේ ඩ්‍රාමා එකක් නෙමෙයි.ඒක මානසිකව ඇතිවෙන රෝගී ත...
16/10/2026

ඉර්තු ටෙලිනාට්‍ය
සම්බන්ධයෙන් මගේ පෞද්ගලික අදහස

Postpartum depression කියන්නේ ඩ්‍රාමා එකක් නෙමෙයි.ඒක මානසිකව ඇතිවෙන රෝගී තත්ත්වයක්.postpartum recover එකක හිටිය අම්මා කෙනෙක් විදිහට මම ලබපු අත්දැකීම් සහ මං ඇසූ අත්දැකීම් එක්ක කතා කරන්නම්.

විශේෂයෙන්ම මුලින්ම මේ කතාව කසාද බදින්න ඉන්න,බැදපු,බැදලා දරුවෝ බලාපොරොත්තුව ඉන්න,දරුවෝ ලැබිලා මුල් කාලයේ ඉන්න පිරිමින් බලන්න ඕනම ටෙලිනාට්‍යක්.

හේතුව,
කසාද බදින්න කලින් ගොඩාක් ගෑණු ළමයි පිරිමි ළමයි සම්බන්ධතාවයකින් ඇසුර පටන් ගන්නවා.ඔන්න ඔය කාලෙදි ගෙදරින් උයා දෙන දෙයක් කාලා,ගෙදරින් වියදම් කරන මුදල් වලින් ජීවත් වෙලා තමන් ආදරේ කරන පිරිමි ළමයා,ගෑණු ළමයා එක්ක ජීවිතේ විදිනවා.ගැණූළමයාට ගෙදරදොරේ වගකීම්වත්,පිරිමි ළමයාට ඉපැයීමේ වගකීමක්වත්,පවුලක් නඩත්තු කිරීමේ වගකීමක්වත් නැහැ.බොහෝම නිදහසේ කිරියි පැණියි වගේ ආදරේ විදිනවා.

කසාදෙත් එක්ක ඔය හැමදේම වෙනස් වෙනවා.ගැණු ළමයා ගෙදරදොරේ වැඩ සියල්ල කරන්න ඕන.පිරිමි ළමයා පවුලක් නඩත්තු කිරීමේ වගකීම ගන්න ඕන.අද වෙද්දී ගොඩාක් ගැණු ළමයි රස්සාවකුත් කරනවා.ඉතින් රස්සාව එක්කම ගෙදර වැඩකටයුතුත් සමබර කරන්න වෙනවා.මෙතනදි ගැහැණුකෙනා රැකියාවක් කරනවා නම් ගෙදර වැඩකටයුතු සම සමව බෙදාගත්තාට ප්‍රශ්නයක් නැහැ.මොකද රැකියාවක් කරන ගමන් ගෙදර බලාගන්නවා කියන්නේ රැකියාවල් දෙකක් කරනවා හා සමානයි.ඉතින් හැකි පමණින් තමන්ගේ බිරිදට උපකාරයක් වෙන එක හස්බන්ඩ්ගේ යුතුකමටත් වඩා ඒක වගකීමක්.

එතනින් පස්සේ දරුවෙක් ගැන හිතනවා නම් ගැහැණු කෙනා විතරක් නෙමෙයි පිරිමියාත් ශාරීරිකව හා මානසිකව සූදානම් වෙන්න ඕන.ඒකට සූදානම් නැතිනම් ඒ වගකීම ජීවිතයට ගන්න හොදම නැහැ.මොකද ඒක මුලු පවුල පිටින්ම මුහුණදිය යුතු වගකීමක්.ඒක ගැහැණියගේ වගකීම පමණක් නෙමෙයි.

දරුවෙක් කුසට එන්නේම දෙන්නාගේම දායකත්වයෙන් නම් ඒක "I’m pregnant” නෙමෙයි.ඒක “We are pregnant” . ඒක නිසායි ගොඩාක් වෙලාවට කසාදෙට කලින් තරුණ වයසේ ගෑණු ළමයින්ට වගකිව යුතු වැඩිහිටියෝ කියන්නේ පුංචි මොහොතක සතුටකට ජීවිතේම අදුරු කරගන්න එපා කියලා.මොකද දරුවෙක් කියන්නේ ජීවිත කාලෙටම වගකීමක්, තනිකරම project එකක්.ඒක ඔයාට ලැබුනට පස්සේ ඔයා කැමති වුනත් අකමැති වුනත් එයින් ගැලවීමක් නැහැ.දරුවෙක් කියන්නේ පවුලකට ලොකු සම්පතක් වගේම විශේෂයෙන් පවුලක මුල් දරුවා ලැබෙනවා කියන්නේ ඒ දරුවාව වැදූ ගැහැණියගේ කටට අත දාලා කණපිට ගහනවා වගේ දෙයක්.pregnancy එකේ ඉන්න කාලේ නෙමෙයි අමාරු,දරුවා ලැබුනට පස්සේයි අමාරු.ඒ නිසාම ඒ වෙනුවෙන් මනස සූදානම් නැති නම් හැකිතරම් කාලය ගන්න සහ ප්ලෑන් කරන්න.ඒ අමාරු කාලය ගෙවා දාන්න අම්මාට තනිවම අමාරුයි.ඒකට සහයෝගය අවශ්‍යයි.විශේෂයෙන්ම ආදරය,කරුණාව,රැකබලාගැනීම තුලින් ශාරීරිකව සහ මානසිකව කඩා වැටුන ඔයාගේ ආදරවන්තියව ඉක්මනින්ම ගොඩ ගන්න පිරිමියාට පුලුවන්.

දෙවනුව මේ කතාව බලන්නම ඕන කසාද බදින්න ඉන්න,බැදපු,දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්න ගැහැණු ළමයි.

ඇයි...?
මම මගේ ලිපිවලදී නිතර කියන දෙයක් තමයි කිසි කෙනෙක්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කියන එක.මම එහෙම කියන්නේම ගෑණු හොයන්නේම ආදරේ,පිරිමි නොතේරුම් ගන්නේම ගෑණුන්ට ඕනේ මොනාද කියන දේ.එහෙම ගෑණු ඉල්ලලා ඉල්ලලා බැරිම තැන නිශ්ශබ්ද වෙද්දී ඒ නිහඩබව සදාකාලික වෙද්දී පිරිමි ගොඩාක් පරක්කුයි.එහෙම නොවෙන්නයි මම කියන්නේ බලාපොරොත්තු වෙන්න එපා.බලාපොරොත්තු වෙන දේවල් නොලැබෙද්දී නොලැබෙද්දි මානසිකව වැටෙනවා.ආදරේ කියන්නෙ සල්ලි දීලා ගන්න පුලුවන් දෙයක් නෙමෙයි.රැකවරණය,කරුණාවන්තකම,තේරුම් ගැනීම,අවංකවීම කියන දේ සල්ලි දීලා ගන්න බැරි දේවල්.

ඒ නිසාම ගෑණු ළමයිනේ ඔයා සම්බන්ධයක ඉන්නවානම් ඒ සම්බන්ධේ ඔයාට මොන තරම් ගැලපෙනවාද කියන දේ බලන්න.ඔයා කසාද බදින්න කලින්ම කුණුහරපෙන් බනින, අවිශ්වාස කරන,කැමති දෙයක් කරන්න නොදෙන ආදරවන්තයෙක් නම් ඉන්නේ "අනේ ඒ ආදරේට" කියලා නම් කියන්න එපා.ඔයා ජීවිත කාලෙම විදවනවා.මොකද ඔයා ඒ තෝරගන්න පාට්නර් එක්ක තමයි ඔයා මැරෙන මොහොත දක්වාම ජීවත් වෙන්නේ.

ඔයා කසාද බැදලානම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.ඔයාගේ හස්බන්ඩ් ට ඇනිවසරි එක අමතක වුනාද,ඔයාගේ උපන්දිනේ අමතක වුනාද,ඔයාගේ මහන්සිය නොතේරුනාද අතෑරලා දාන්න.රණ්ඩුවට යන්න එපා.මොකද ඒ රණ්ඩුව නොකරන තරමට, අත් හරින තරමට සැනසීම වැඩී.ඉවසීම ප්‍රගුණ කරන තරමට ඔයාට දැනෙන සැනසීම වැඩී.ඒ වෙනුවට ඔයා ඔයාටම ආදරේ කරන්න.ඔයාව බලාගන්න.තනිවම solo date එකක් යන්න.ඒ දේවල්වලට වියදම් කරන්න තමන්ගේම ඉපැයීම් මාර්ගයක් තියාගන්න.ඔයා ඔයාට ආදරේ දක්වද්දී තමයි ඔයා වටේ ඉන්න මිනිස්සුන්ටත් ඔයා ගැන ප්‍රියතාවයක් දැනෙන්නේ.ඔයා අඩාගෙන වැලපීගෙන ආදරේ ඉල්ලද්දී නොදැනුවත්වම ඔයා අවට ඉන්න අයගෙනුත් ඔයා ඔයාගෙන්මත් ප්‍රතික්ෂේප වෙනවා.

මේ කිව්ව හැමදේම කොහොමද postpartum depression කියන තත්ත්වය එක්ක ගලපන්නේ....

Postpartum depression කියන තත්ත්වයට පැහැදිලිවම හේතුව මේකයි.දරුවෙක් ලැබෙන්න ආවම හැමෝම අම්මාව මලක් වගේ ආරක්ෂා කරනවා.ආස කියන හැමදේම ගෙනත් දෙනවා.වචනෙකින්වත් හිත නොරිදෙන්න ආදරේ කරනවා.

හැබැයි දරුවා ලැබුන ගමන් අම්මාව සම්පූර්ණයෙන් අමතක කරලා දාලා හැමෝම අවධානය දෙන්නේ දරුවට විතරයි.මෙතනදී තේරුම් ගන්න ඕන වැදගත්ම දේ දරුවව රකින්න කොහොමත් අම්මා ඉන්නවා.හැබැයි අම්මාව රකින්න දැන් කවුරුත් නෑ.දරුවා බිහි කරන්න අම්මා වින්ද වේදනාව හැමෝටම අමතකයි.දරුවට කිරිදෙද්දී තනපුඩු පුපුරලා දැනෙන වේදනාව විදින්නේ අම්මාම විතරයි.කිරිවලින් පපුව ගල්වෙද්දී දැනෙන වේදනාව විදින්නේ අම්මා.දරුවා අඩද්දී ප්‍රසූත වේදනා එක්කම කිරි දිදී නලව ගන්න ඕන අම්මාමයි.දරුවාගේ ඉවරයක් නැති රෙදි සෝදන්න ඕන,දවල් රෑ නොදන්න දරුවා එක්ක ඇහැරගෙන නිදිමරන්න ඕන.ඔය විදිහට කලින් කිව්වා වගේ අම්මාව කණපිට ගැහුවා වගේ වැඩක් තමයි වෙන්නේ.ඒක තනිකරම විශාල වගකීමක්.පුංචි කෙල්ලෙක්ගෙන් මිදිලා බිරිදක් වුනා,බිරිදකගෙන් අම්මෙක් වුනා.හැබැයි තාමත් ඒ අම්මාගේ හිතේ නොවැඩුනු කෙල්ලෙක් ජීවත් වෙනවා.

ඔතනදී වැදගත් වෙන්නේ අම්මා දරුවව කොහොමත් රැකබලාගන්නවා කියන දේ තේරුම් ගැනීම.ගැහැණියකගේ ඇගේ නිරායාසයෙන්ම දරුවෙක් රැකබලාගෙන උස්මහත් කිරීමේ දායාදය ලැබිලා තියෙනවා.නමුත් දුර්වල වුන අවලස්සන වුන සිරුරක් එක්ක,තමන් ජීවත් වුන විදිහ ඒ නිදහස අහිමි කරන් පුංචි දරුවෙක් වෙනුවෙන් උදේ දිවා රෑ නැතුව කැපවෙන අම්මෙක්ට අවශ්‍යම දේ ආදරය,සොයාබැලීම,කරුණාවන්ත වචනයක්,ඔයාට මං ඉන්නවා,ඔයා මොන තත්වෙක හිටියත් වෙනදා වගේම මං ඔයාට ආදරෙයි කියන වැළදගැනීම.ඒ හැමදේම තුලින් ඒ ගැහැණිය ශක්තිමත් වෙනවා සහ තමන්ගේ දරුවට ලැබිය යුතු නිසි රැකවරණය,ආදරය,දයාව ඒ අම්මාගෙන් නොඅඩුව ලැබෙනවා.

කිරි එරෙන්නත් අම්මෙක් කායිකවත් මානසිකවත් ශක්තිමත් වෙන්න ඕන.සිරුරෙන් කිරි නිපදවන එක ක්‍රියාවලියක් වගේම තමයි අවශ්‍ය ආදරය රැකවරණය නොලැබෙද්දී postpartum depression කියන තත්වයට ගොදුරු වෙන්නෙත්.මේවට ගෑණුන්ගේ ඩ්‍රාමා කියන්න එපා.දරුවෙක් ලැබෙන්න ආවම ශරීරයේ සිදුවෙන විශාල හෝර්මෝන විපර්‍යාස එක්ක දුක,සතුට දැනෙන විදිහ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා.දරුවෙක් එක්ක වෙහෙසෙනවා කියන එක පුංචි දෙයක් නෙමෙයි.ඒක විශාල කැපකිරීමක්.

තුන
මේ කතාව පවුලේ හැමෝම බලන්න ඕන කතාවක්,
මොකද....
දරුවා ලැබුනට පස්සේ "කිරි මදිව දරුවා අඩනවා,දරුවා වැටිලා අම්මාගේ නින්ද නිසා,දරුවාගේ අරහේ ඇදයි මෙහේ ඇදයි" කියන්න බලන් ඉන්න වැඩිහිටියෝ වචන පිටකරද්දී පරිස්සම් වෙන්න.ඒක මානසිකව කඩන් වැටිලා ඉන්න අම්මෙක් තව මානසිකව වට්ටන්න හරි,දරුණු ගැහැණියක් කරන්න හරි පුලුවන්.පස්සේ බැනුම් අහලා අනේ එයා විතරද ළමයි හැදුවේ කියලා නම් කියන්න එපා.විශේෂයෙන් කසාදෙන් පස්සේ වෙනම පවුලක් විදිහට වෙනම ගෙදරක ජීවත් වෙන්න උත්සාහ කරන්න.දරුවෙක් ලැබුනම අඩු තරමේ මාස හතරක් යනකන් ඒ ගෙදරට උදව්වකට ඇරුනම,කෑම පාර්සලයක් දෙන්න ඇරුනම,අත්‍යාවශ්‍ය දේකට ඇරුනම දරුවා බලන්න හෝ අම්මා බලන පරමාර්ථයෙන් විතරක් කිසි කෙනෙක් යන්න එපා.එයාලාට එයාලව තනිවම බලාගෙන එකිනෙකා වටහාගන්න අලුත් ජීවිතයට හැඩ ගැහෙන්න ඉඩ දෙන්න.අනිත් දේ අලුත ඉපදුන දරුවෙක් බලන්න යද්දී දරුවාට විතරක් නෙමෙයි අම්මාට මොනාම හරි දෙයක් අරන් යන්න.අම්මා කියන්නේ කැත කුණු පෙරන් ඉන්න ඕන කෙනෙක් නෙමෙයි.ඔයාත් දරුවා එක්කම ලස්සනට ඉන්න ඕන කියන හැගීම දැනෙන්න ස්කින් කෙයා හෝ මේකප් හැම්පර් එකක් නැතිනම් නිදහසේ quality time එකක් ගෙවන්න අම්මාට අවශ්‍ය දෙයක් උදාහරණයක් විදිහට කෝපි බෝතලයක් එක්ක ලස්සන මග් එකක් වගේ දරුවා ලැබුන මවගේ රුචිකත්වය වටහාගෙන පුංචි දෙයක් තෑගි කරන්න.මේක ඔයාට සතුටින් ලස්සනට ඉන්න කියන වචනේ කියා හෝ ඒ හැගීම දැනෙන්න දීලා ඇයට දෙන්න.ඔයාට ඒක පුංචි දෙයක් වුනාට ඒ අම්මාට ඒක මහාමෙරක්.මොකද ඒ තත්වයේ ඉන්න අම්මෙක් ඉල්ලන්නේ ආදරේ,attention එක.ඒක දෙනවා නම් ඇය කායිකව මානසිකව ඉතාමත් සතුටෙන් postpartum recover එකට මුහුණ දෙනවා.

ඉතින් කෙල්ලනේ ඔය වෙලාවට තමයි මානසිකව ශක්තිමත්ව ඉදීමේ වටිනාකම තෙරෙන්නේ.කාගෙන්වත් බලාපොරොත්තු නොවීම තමන් තමන්ව කොහොමද සනසගන්න්නේ කියන එක වැදගත් වෙන්නේ ඔය වගේ තත්වෙකට පත්වුනාම.

ගැහැණු හිත් හරි ළාමකයි.ආදරේදි වෙඩරු වගේ උණුවෙන කඩාහැලෙන හිත් තියෙන ගෑණුම පිරිමියෙක්ට හිතාගන්නවත් බැරි තරම් වේදනාවක් පසු කරලා දරුවෙක්ට උපත දෙනවා.ඒ වේදනාවෙන් පස්සේ තමන්ගේ අත්‍යාවශ්‍ය වැඩක් කරගන්න බැරි තරමට අසරණ වෙනවා. කොන්දට ගහන epidural anaesthesia එකෙන් පස්සේ ජීවිතේට හොද නොවෙන කොන්දේ වේදනාවක් එක්ක ජීවත් වෙනවා.

Depression වල අවසන් ප්‍රතිඵලය සියදිවිහානි කරගැනීම.ඒක එක මොහොතෙන් ගන්න තීරණයක් නෙමෙයි.කාලයක් තිස්සේ ප්‍රතික්ෂේපවීම්වලට ලක්වෙලා,ආදරය අහිමි වෙලා,දරාගැනීමේ අන්තෙටම වැටුනට පස්සේ මිනිස්සු ජීවිතයත් මරණයත් දෙකෙන් එකක් තෝරනවා.ඔයාගේ brain එක එකදිගටම ඔයා කියන දේ අසත්‍යක් වුනත් පිලිගන්න මට්ටමට පත්වුනාම හරි හෝ වැරදි ඒ තීරණය ගන්න දවසක් එනවා.

ඉතින් ඔයාගේ ආදරණීය ගැහැණු ළමයාව ඒ අම්මාගෙන් තාත්තාගෙන් ඉල්ලගෙන එද්දී දුන්න ආදරෙන්ම රැකගන්න ජීවිතේ පුරාවටම.එයා ජීවිතේම වුනත් ඔයාට දෙන්න පැකිලෙන්නේ නෑ.දරුවෙක් කියන්නෙත් ගැහැණියකගේ පිරිමියෙකුගේ ආදරේ සංකේතයක් වගේ.ගැහැණියක් ඒ තරම් දුකක් උහුලන්නේම තමන් පණවගේ ආදරේ කරන පිරිමියා,තමන්ගේ ලස්සන පවුල වෙනුවෙන්මයි.ඒ නිසා කිසිම දවසක නොසලකා හරින්න එපා.

මහන්සි කියනවා නම් මලවිකාර කියන්න එපා.පුංචි උදව්වකින්,එක ආදරණීය කරුණාවන්ත වචනෙකින් පුලුවන් depression හැදෙන මනුස්සයෙක් ගොඩගන්න.

මාත් මහන්සියට වැඩිමනක් කරේ බබාගේ වැඩකරලා නිදාගත්ත එක.වාසනාවකට මට ඒ කාලේ උයන පිහින,ගෙදර වැඩ කිසි දෙයක් කරන්න තිබ්බේ නෑ.

ආදරෙන්,
තාරා✍🏻❤️

ඔයාලා දන්නවාද කරණීය මෙත්ත සූත්‍රයේ එන " සුවචෝ චස්ස මුදු අනතිමානී" කියන පදයේ තේරුම....අධ්‍යාපනයෙන් මොන තරම් ඉහලක හිටියත්,...
15/10/2026

ඔයාලා දන්නවාද කරණීය මෙත්ත සූත්‍රයේ එන " සුවචෝ චස්ස මුදු අනතිමානී" කියන පදයේ තේරුම....

අධ්‍යාපනයෙන් මොන තරම් ඉහලක හිටියත්,දැනුමෙන් උගත්කමෙන් පරිපූර්ණ වුනත් සමහර තැන්වල අපේ අඩුපාඩු තියෙන්න පුලුවන්. අපි නොදැනුවත්ව වැරදිම් සිදුවෙන්න පුලුවන්.එහෙම තැනකදී තමන්ගේ වැරද්ද පිලිගන්න තරම් නිහතමානී වෙන්න ඕන.අවවාදයක් පිලිගන්න තරම් නිහතමානි,මෘදු මොලොක් ගතිගුණ තිබීම තමයි "සුවචෝ චස්ස මුදු අනතිමානී" කියන්නේ.

මනුස්සයෙක් විදිහට මම දකින වටිනම දෙයක් තමයි තමන් මොන තත්ත්වයක තරාතිරමක හිටියත්,මොන උගත්මට්ටමක හිටියත්,මොන තරම් ධනවත් වුනත් නිහතමානී වෙන්න ඕන.නිහතමානී වෙන තරමට ඔයා මැණිකක් වගේ දිලිසෙනවා.එහෙම නැති මිනිසුන් බොල් වුන වී කරල් හා සමානයි.

කරල් පැසී යන ඉහළට
නැමෙයි ගොයම් ගස පහළට
ගුණ නැණ වැඩිවන තරමට
අනතිමානි වෙමු හැමවිට

බොල් කරලින් පිරුනු ගොයම
නොනැමි පවති සෘජුවම
නැණ ගුණ අඩුවන හැමගෙම
මානය වැඩිවෙයි නිතරම

ආදරෙන්,
තාරා✍🏻❤️

Address

Quandrant Road
Thornton Heath
CR77DB

Alerts

Be the first to know and let us send you an email when Thara’s Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thara’s Diary:

Shortcuts

Share